ජෙනරාල්ගේ බෑනා පෞද්ගලික රෝහලක......

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
ජෙනරාල්ගේ බෑනා පෞද්ගලික රෝහලක......

"හයිකොප්" ආයුධ ගනුදෙනුව පිළිබඳව සැකකරන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණා වන දනුන තිලකරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව හමුදා බුද්ධි අංශ ප්‍රකාශකයෙක්‌ දිවයිනට ප්‍රකාශ කළේය.

දනුන තිලකරත්න මහතාගෙන් මෙම අවි ගනුදෙනුව පිළිබඳව රහස්‌ පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතව තිබූ අතර ඉකුත් 1 වැනිදා රහස්‌ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන් නමුත් ඔහු පැමිණියේ නැත.

රට පුරාම මහත් ආන්දෝලනයකට ලක්‌වූ මෙම අවි ගනුදෙනු කතාව පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී මෙන්ම විවිධ මාධ්‍ය ඔස්‌සේ විශේෂ මාතෘකාවක්‌ බවට පත්විය.

මේ අතර ලබන 8 වැනිදා දනුන තිලකරත්න මහතා මේ පිළිබඳව අධිකරණය හමුවේ ප්‍රකාශයක්‌ ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි හමුදා බුද්ධි අංශ කියයි.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කර තිබුණේ දනුන තිලකරත්න මහතා මැතිවරණයෙන් පසු නීතියේ හමුවට ඉදිරිපත් කරන බවය.

හයිකොප් ආයුධ ගනුදෙනුවෙන් නීති විරෝධී ක්‍රියාවන් සිදුනොවුණ බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මීට ඉහත ප්‍රකාශයක්‌ කර තිබුණි.