ඒ කියන්නෙ දැන් මුදල් විනයක් නැද්ද?
අන්තයටම පිරිහිලා. මම හුගාක් දේශපාලනඥයෝ එක්ක කටයුතු කරල තියෙනව. අදත් හදවතේ ගරුත්වයක් ඉතුරුවෙලා තියෙන දේශපාලනඥයෝ එක්ක ඇමැතිවරු එක්ක. ඒ අතර පිළිකුලෙන් සිහිපත් කරන අයත් ඉන්නවා. සමහරු ගෞරවයෙන් සිහිපත් වුනත් මුදල් විනය සම්බන්ධයෙන් ගත්තාම සීයට සීයක් සතුටු වෙන්න බෑ. සීයට සීයක් සතුටු වෙන්න පුළුවන් මුදල් විනය තියෙන ඇමැතිවරු දෙන්නෙක් එක්ක මට රාජකාරි කරන්න ඉතා කෙටි කාලයක් ඉඩ ලැබුණා. මම ඒ හා තමයි සංස්කෘතික ජාතික උරුමයන් අමාත් යාංශයේ ලෙකම් වශයෙන් ඉන්දැද්දී ඇමැතිවෙලා ආව විජිත හේරත් මහත්මයයි, නියෝජ් ය වෙලා ඇමැති ආව සමන්ත විද් යාරත්න මහත්මයයි.
ජවිපෙ මේ ඇමැතිවරු ලග තිබිච්ච මුදල් විනය මේ රටේ අනෙකුත් දේශපාලඥයන්ටත්, මැති-ඇමැතිවරුන්ටත් ඇතිකර ගන්න පුළුවන් නම් අවුරුදු පහක් යනකොට මේ රට සුරපුරයක්.
ඒ මුදල් විනය පැවැති ආකාරය පැහැදිලි කරන්න...
මම මේ මම හිතන්නෙ, කියන ටිකම ඒ හා සමාන ඇමැතිවරු හිටපු අනික් අමාත් යාංශ තුනේ ලේකම්වරුත් කියයි. මම ඒ කතා කළ අයත් එක්ක අවස්ථාවල කීවදේවලින් මට ඒක තහවුරු වුණා. ඇමැතිවරුන් හැටියට ජනතා විමුක්ති පෙරමුණේ ඒ නියෝජිතයන් කටයුතු කිරීමේදී මහජන එකඟ නොවූ තැන් තිබුණා. නමුත් මූල් ය එක විනය කියන උපරිමයට තිබුණා.
ඒ බව තහවුරු කරන්නෙ කොහොමද?
ඔව්. මට ඒක තහවුරු කරන්න හේතු ගොඩක් තියෙනවා. අමාත් යාංශයක වැඩකරන කොට පුනරාවර්තන වියදම් කියල කොටසක් තියෙනවා. ඒවගේම ප්‍රාග්ධන වියදම් කියල කොටසක් තියෙනවා. මුදල් රෙගුලාසි අනුව පුනරාවර්තන වියදම් සහප්රාග්ධන වියදම් මිශ්‍රකරලා වියදම් කරන්න බෑ. ඒක රාජ් සේවයේ බරපතල වරදක්. අමාත්‍යාංශයක ප්‍රධාන ගණන් දීමේ වගකිවයුතු නිලධාරියා වෙන්නෙ අමාත් යාංශ ලේකම්. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත් යාංශයේ ලේකම්ව හිටියේ මම. මට මතක හැටියට 2004 අප්‍රේල් අන්තිමේ තමයි අලූත් ඇමැතිවරු අමාත් යාංශවල භාරගත්තෙ වැඩ. ලේකම් තනතුරේ නව මම වැඩ භාරගත්තෙත් එදාමයි. දැනුත් මට පේනවා මැවිල අලූත් ඇමැතිවරයාත් නියෝජ් ය ඇමැතිවරයාත් ආවෙ කැබ් එකක එක. මම ඒ හිතන්නෙ ගොල්ලන්ගෙ පක්ෂෙට අයිති කැබ් එකක්. පරණ ඒකත් කැබ් එකක්. සෙත්සිරි පායෙ අටවෙනි මහළේ අමාත් යාංශ කන්තෝරුව තිබුණෙ. අපි පහතට ගිහිල්ල ඒ මහත්තුරු දෙන්නා පිළිඅරගත්තා. මේක සංස්කෘතික අමාත් යාංශයනේ. සංස්කෘතිය අනුව නැටුම් කණ්ඩායමක් එක්ක අපි කාර්යාලයට කැඳවාගෙන ආවා. අර විදිහට තනි කැබ් එකෙන් දෙන්නම ආව එක පළවෙනි මතකය.
හැබැයි ඒඅයත් පස්සෙ අමාත් යාංශයේ වාහන ගත්තා නේද?
ඇමැතිවරුන්ට සුදුසු වාහන සපයලා දෙන එක අමාත් යාංශ ලේකම්වරයාගෙ වගකීම. ඉතිං මමත් මගේ අතිරේක ලේකම්වරයාත්, ජ් යෙෂ්ඨ සහකාර ලේකම්වරයාත් ගිහිල්ල හවස්වරුවේ කතා කළා. " ඔබතුමන්ලාට වාහන ලබාදෙන්නෙ කොහොම ද?" කියල. කළබල වෙන්න එපා ලේකම්තුමා අපි කියන්නම් " කියල සුමාන දෙකක්ම අර කැබ්එකේ තමයි දෙන්නම ආවෙ. ඊට පස්සෙ මට කීවා "ලේකම්තුමා අපිට තියෙන වාහන ටික බලමු" කියල. බෙන්ස් වොල්වෝ බීඑම්ඩබ්ලිව්,,, නිසාන් සෙඞ්රික් වගේ ඉතාමත්ම ඉහළ හොඳම කාර් සංචිතයක් තිබුණා අපි ළඟ . කාර්ටික සූදානම් කරල මේ පෙළට තියල ඇමැතිවරයායි නියෝජ් ඇමැතිවරයායි ය, ඒ අයගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය එක්ක වාහන බලන්න ගියා. වාහන ටික බලපු ගමන් විජිත හේරත් මහත්තයා මගෙන් ඇහුවදේ මතකයි මට. " ලේකම්තුමා අපිට මේ වගේ යන්ඩ පුළුවන්ද?" කියල. මම එක පාරට ගැස්සිලා හිටියා. "සමාජවාදය ගැන කතාකරන මිනිස්සුන් මේවා මේ මේ මදි කියලද කියන්නෙ" කියන සිතුවිල්ල ආවා. මොකද මීට ඉස්සෙල්ලා දේශපාලනඥයෝ එහෙමනෙ වැඩ කළේ. ඉතිං මමත් හිතුවේම "මේ මනුස්සයොන්ට මේවා මදියි කියලද මේ කියන්නෙ" කියල හිතුවා. මම ඒ අයගෙ මූන බලනකොට වික්ෂිප්ත හිටියා වෙලා වගේ.
වික්ෂිප්ත වෙලා හිටියෙ ඇයි?
ඒක තමයි. පස්සෙ විජිත හේරත් ඇමැතිතුමා මගෙන් ඇහුවෙ " අපි කොහොමද මෙහෙම ලේකම්තුමා වාහනවල යන්නෙ? අපිට ලැජ්ජාව කියල එකක් තියෙනවානේ. රටේ මහජනයාට යන්න බස් නෑ. මහජනයා පීඩාවට පත්වෙනවා. දූවිලි කාගෙන යන්නෙ. මහජනයාගෙ ඡුන්දෙන් ඇවිල්ලා මහජනයාගෙ සල්ලිවලින් අපි කොහොමද මේ වගේ සුඛෝපභෝගී වාහනවල යන්නෙ?" කියල ඇහුවා. අන්න තමයි එතකොට මම යථාතත්වයට පත්වුණේ. ඒ ඇමැතිවරු කීවේ "අනේ මේ වාහන කරුණාකරල ටික ආපහු ජනාධිපති කාර්යාලයට යවල දාන්න" කියල. ඒ ගැන ජනාධිපති කාර්යාලයට දැනුම්දුන්නා විතරයි. " අනේ දෙවියන්ගෙ පිහිටයි, කියපු තැනින් ඒ වාහන ගෙනිච්චා. මොනවා වුනාද කියල නෑ. " මම මේ කියන්නෙ සත්‍ය.. රාජකාරි කරනකොටත් එහෙමයි. දැනුත් එහෙමයි. ජනාධිපති කාර්යාලයට ඒ වාහන ගන්න කියල ලිඛිතව දැන්නුවා විතරයි. මොනවා වුණාද කියල හිතාගන්න බෑ. ඉතිං කොහොම හරි ඒ අය ඔය කිව්වෙ "අපිට අමාත් යාංශයේ තියෙන කැබ් දෙකක් දෙන්නකෝ" කියල. ඊට පස්සෙ වදේ විඳින්න වුණේ මට.
ඇයි පස්සෙ අර කාර් ඉල්ලූවාද?
නෑ. ඔය පරණ කැබ්වල දුරගමන් යන කොට ම ' ග කැඩෙනවා. කැඩුනාම ටෙලිෆෝන් කියනවා කරල. " ලේකම්තුමා අපේ වාහනය කැඩුනානෙ. වාහනයක් එවන්න " කියල. අලූත් වාහන ගන්නවාටත් විරුද්ධයි. ඇමැතිවරයාගෙ ආරක්ෂාව ගැනත් මගේ වගකීමක් තියෙනවා. " හරියන්නෙ නෑ මේක." මම කියල කල්පනා කරල ඇමැතිවරු දෙන්නට නොකියා මුදල් අමාත් යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහත්තයාට විස්තරේ කියල අලූතින් කැබ්දෙකක් ගන්න සල්ලි ඉල්ලූවා. පී. බී. ජයසුන්දර මහත්තයත් ඇමැතිවරයාට හොරෙන් මට සල්ලි දුන්නා. ටොයෝටා කැබ් දෙකක් අලූතින් දුන්නා අරගෙන. හැමදාම මග කැඩෙන එක කියල තමයි ඒ දෙක අරන් දුන්නෙ. ඒ අය යන ගමන්වලදී ලබා තිබිච්ච අත්දැකීම් උඩ නොකැමැත්තෙන් දෙක වගේ අරවාහන අරන් පාවිච්චි කළා. ඒ අතර මට මගේ නිලධාරින්ගෙන් විවිධ තොරතුරු දැනගන්න ලැබුණා. එකවරක් නියෝජ් ය ඇමැති සමන්ත විද් යාරත්න මහත්තයා පොදු කටයුතුවට නියෝජ් ය ඇමැතිතුමාගේ කැබ්එක තියල බදුල්ලට බස් ගිහිල්ල තිබුණා එකේ. රටේ දේශපාලනඥයෝ සියලූ දෙනා මේ යාන්ත්‍රනයටම යා යුතුයි කියල කියන්නෙ නෑ මම. මේ නමුත් අරපරිස්සම් කි ක්‍රියාකාරිත්වය අමාත් යාංශවල මූල් විනයේදී ආදර්ශයක් කර ය ඉතාම වැදගත් ගැනීම. ඒගොල්ලන් මන්ත්‍රි නිල නිවාසවල ඉඳල දවල් එක ගෙනත් කෑම කෑවෙ. ගේන්න බැරිවුණ දවසක් තිබුණොත් පොදු කැන්ටිමේ බත් එක අරගෙන කෑවා. ඒකත් අතේ සල්ලිවලින් විශිෂ්ටයි. මහජනයාගෙ සල්ලිවලින් කෑවෙ නෑ. මහජනතාවගේ සල්ලි මේ ගොල්ලන්ගෙ පෞද්ගලික කටයුතුවලට කිසිම දවසක ගත්තෙ නෑ. පහුගිය කාලෙ අපි දැකපුවා බලනකොට, මහා ලොකු මන්දිරවල ඉන්න රටේ ඉහළම තැන්වල අය මහජනතාවගේ සල්ලිවලින් දන්සැල්දිදී කටයුතු හැටි දකිනකොට කළ මේ අය මොනතරම් විශිෂ්ටද කියල පැහැදිලියි. අරවා කරපු අය, තව ආත්ම ගානක් උපදින්න වෙනවා, මේ ගොල්ලන්ගෙ මට්ටමට මානසිකත්වය ගොඩ න ' ගා ගන්න. ඒ ඇමැතිවරුන්ගෙ මාස හයක ඉන්ධන වියදම්වලින් විශාල මුදලක් ඉතුරු තිබුණා වෙලා. ඒ මුදල්වලින් අමාත් යාංශයට බස් දෙකක් ගන්න විජිත හේරත් ඇමැතිවරයා මට යෝජනා කළා. "ඒක නම් කරන්න ඇමැතිතුමා" බෑ මම කීවා කියල.
ඒ ඇයි?
මොනම හේතුවක් නිසාවත් පුනරාවර්ථන වියදම් සහ ප ් රාග්ධන වියදම් මිශ ් ර කරන්න බැරි නිසා. ඊට පස්සෙ ඒ මහා මුදල් භාණ්ඩාගාරයට පී යවලා. බී. ජයසුන්දර ලේකම්තුමාගෙන් බස් ගන්න මුදල් ඉල්ලූවා. දොරදෙකේ අශෝක් ලේලන්ඞ් බස් එකක් ගත්තා. තාමත් ඒක මගෙ හිතේ අමාත්යායාංශයේ ඇති. මහජන මුදල් භාවිතා කිරීමේදී ඇමැතිවරු ළඟ තිබූ විශිෂ්ට ගුණය තමයි රජයේ වාහන පවුල්වල අයට හරි පක්ෂයේ වැඩට හරි කිසිසේත් යොදා නොගැනීම. මේ ඒ මුදල් විනය තරමින්ම බැරි නම් බාගයක් රැකගන්න ඔය මැති-ඇමැතිකම් කරන අයට පුළුවන්නම් මුළු රාජ් ය යාන්ත ් රණයේම මුදල් විනය ඇති වෙනවා. මගේ අවුරුදු හතළිහක සේවා කාලය තුළ විශිෂ්ටතම මුදල් විනය තිබිච්ච ඇමැතිවරු දෙන්නා තමයි විජිත හේරත් මහත්මයයි, සමන්ත විද් යාරත්න මහත්මයයි. විවිධ පැතිවලින් තවත් විශිෂ්ට හිටියා මුදල් විනය අතින් මේ දෙන්නා ඉතාම විශිෂ්ටයි.


