https://www.facebook.com/stories/16...qPTkL3nbGOUPgkVUsFB2prz1oJhuMos&__tn__=<<,P-R
සති දෙකක් ඉක්මවන හෙට ලියන්න හිටිය මේ කතාව අද අපෙ මාරෙ මල්ලි ලියල ..
මගෙ පරණ බොසා Ali Khan ඉගැන්නුව දෙයක් තමා Fail to plan is a plan to fail කියන එක.
කවුරුහරි හදල දුන්න න්‍යායපත්‍රයක් අනුව ( ජයශංකර් , ජුලී චං වගේ ) ඇවිත් බලේ ගත්තට කරන්නෙ කොහොමද කියන ප්ලෑන් එක නැතුව නං ආවෙ, තද උනහම නං වැසිකිළි හොයන්නෙ, කිව්ව වෙනස බලාපොරොත්තු වෙන්න පුලුවන් ඉක්මනින් ම
... මාරෙගෙ ලිපිය ...
සිරාවටම කිව්වොත්...
මම හිතං හිටියා ජවිපේ බලයට ආවොත් පට පට ගාලා රාජ්‍ය සේවයත්... රාජ්‍ය යාන්ත්‍රණයත් වෙනස් කරන්න ගත යුතු සෙටප් එකක් හදං ඇති කියලා...
අඩුම ගානේ ඉහල ඉදලා පහලට ජනාධිපතිවරයාට කෙලින්ම කල හැකි පත්වීම් ටිකවත් දවසක් ඇතුලත කරලා දාන්න තරං ඒ ඒ අංශවලට සම්බන්ධ අත්දැකීම් ඇති... චෝදනා නැති මොක්කුම හරි ලයිස්තුවක් මුං අතේ තියං ඇත්තේ කියලා...
ඒත් රනිල් මැදිහත් වෙලා ඉල්ලා අස්වීමේ ලිපි බාර දෙන්න බලං හිටිය බරගානක් ඒ තීරණයෙන් නවත්තගත්තේ නැත්තං මෙලහකට අනුරලා බරපතල අර්බුධයකට ගිහින්...
රැල්ලට යන ජෙබයියෝ අගමුල නොදැන රනිල්ට තාමත් බැන බැන හිටියට අනුර පලවෙනි සතියෙන්ම හාන්සි නොකර තියාගන ඉන්නෙත් රනිල්...
අමාරුවෙන් දීගත්ත පත්වීම්වලත් කුණු කේස් එක දිගට ඇදෙමින් පවතිනවා... විපක්ෂයේ ආධාරකරුවන් බහුතරයක් දැන්ම ගහන්න හොඳ නැහැ කියලා අකුලං බලං ඉන්න වෙලාවක් වෙලත් මේ කරලා තියෙන පත්වීම් ටික පවා අනුරලව හිරකරං යන යාම වේගවත් වැඩියි...
ඇයි එහෙම උනේ...?
අනුරලා දෙන පත්වීම් ගන්න තරං වැඩ්ඩෝ නැද්ද... නැත්තං වැඩ්ඩන්ට අනුරගෙ ආණ්ඩු කෙරුවාවේ ඉදිරිය ගැන විශ්වාසයක් නැතිකමද...
එහෙමත් නැත්තං අනුරලට ඒ ඒ ආයතනවල කුණු හොය හොය දිදී ස්ට්‍රයික්වලට මුල් තැන දිදී හිටියා මිස ඇත්තටම ජවිපේ හිතවාදීන්ට තම තමන් ස්ථානගතව ඉන්න ආයතනවල කෙරෙන කටයුතු ගැන දක්ෂතාවයන් නැති නිකංම නිකං කඩාකප්පල්කාරීන් විනා ආයතන මෙහෙයවන්න තරං හැකියාවක් නැතිකමද...?
අවසානයට පේන දේ තමා තාම රනිල් දුවපු වේගෙට පීල්ල දීගේ රට යනවා විනා ඒ පීල්ලෙන් අනුරලගෙම පීල්ලකට පන්නවගන්න පාටක් පේන්නෙත් නැති... රනිල්ගේ පීල්ලේ වේගය අඩු වෙච්ච දාට මොකක් වෙයිද කියලා අනුරලවත් දන්නැති තත්වයක මේක තියෙනවා කියන එක...
මෙහෙම පෝස්ට් එකක් දැකපු ගමන් කුලප්පු වෙන අය තමන්ගෙන්ම අහගන්න ඕන... ඇත්තටම කෝ අනුරලගේ ආණ්ඩුව දුවවන්න දක්ෂතා ඇති මිනිස්සු කියන එක... එහෙම අය ඉන්නවනං දුන්න පත්වීම් ටික අතරෙම කලින් හිටිය උන්ම වැඩි ඇයි කියන එක...
