ජෙවිපිය ප්‍රේමකිර්ති මරලා අදට අවුරුදු 29ය&#353

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ජෙවිපිය ප්‍රේමකිර්ති මරලා අදට අවුරුදු 29ය&#353

    *මුල්ම පාසැල වූ, ‘මාලිගාකන්ද මහා විද්යාලයෙන්’ ශිෂ්යත්වය සමත් වී, 6 වන ශ්රේණිය සඳහා, කොළඹ ‘ආනන්ද විද්යාලයට’ ඇතුලත් වී, එතැන් සිට උසස් පෙල දක්වා එහි අධ්යාපනය ලැබූ මොහු, ආනන්ද විද්යාලයේ, දක්ෂ සිසුවෙක් වුණා වගේම, විද්යාලයෙන් ප්රකාශයට පත් කෙරුණු ‘ආනන්දය’ වාර්ෂික සඟරාවේ සංස්කාරක සහ ‘ධම්ම ජයන්ති’ මාසික පුවත් පතේ, සම සංස්කාරකවරයෙක් වූ අතර, පාසැල් මිතුරන් එක්ව නිර්මාණය කරන ලද ‘වෙර’ නැමති කෙටි චිත්රපටයේ, තිරනාටක රචකයා ද විය..
    වයස අවුරුදු 10 සිට ගුවන්විදුලි ළමා වැඩසටහන් වලට සහභාගි වී, වර්ෂ 1961 දී ළමා ශිල්පි පරීක්ෂණයෙන් සමත් වූ මොහු, සමරවීර මුදලිගේ දොන් ප්රේමකීර්ති ද අල්විස් නම් වූ සුවිශේෂී හැකියාවන් වලින් පරිපුර්ණ වූ සාහිත්යධරයෙකි, නිවේදකයෙකි, වැඩසටහන් සම්පාදක වරයෙකි, ගීත රචකයෙකි, මානව හිතවාදියෙකි..
    ප්රේමකීර්ති ද අල්විස් මහතාගේ මව, මැස්ටියගේ අමරාදී ගුණතිලක මහත්මිය වන අතර, සමරවීර මුදලිගේ දොන් සයිමන් ද අල්විස් මහතා, ආදරණිය පියාණන් විය..
    ප්රේමකීර්ති ද අල්විස් මහතාගේ පියා සේවය කළේ, ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙයි.
    ඒ නිසාම ඔහු හිතාගෙන හිටියෙ, තමන්ගෙන් පසු, තමන්ගෙ පුතාව එහි රැකියාවට සම්බන්ධ කරගන්නයි. එහෙත් තරුණ පුතා ඒ ගැන කිසිම උනන්දුවක් පෙන්නුවෙ නෑ.. ඒ වෙනුවට ඔහු කැමැත්තෙන් හිටියෙ, ශ්රී ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වෙලා, රේඩියෝ ශිල්පියෙක් වෙන්නයි. ඔහු නිතරම ඒ දවස්වල ජනප්රිය ගුවන් විදුලි නිවේදකයො වුණ, ඩී.එම්. කොළඹගේ, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, චිත්රානන්ද අබේසේකර, තේවිස් ගුරුගේ, ප්රොස්ෆර් ප්රනාන්දු, තිලක සුධර්මන් ද සිල්වා ‍වැනි මහතුන්ගේ, කටහඬ වගේම, නිවේදන ශෛලීන් පවා අනුගමනය කළා..
    ඔහුගේ පියා ඉක්මනින්ම තමන්ගෙ පුත්රයාගෙ කලාත්මක දක්ෂතා සහ හැකියාවන් ගැන දැනගත්තා. ඔහු තීරණය කලා දක්ෂ පැරණි ජනමාධවේදියෙක් වුණ, ආතර් යූ. අමරසේන මහතාව හමුවෙන්න. ඔහු ‘දවස’ ආයතනය මගින් ප්රකාශ කළ, ‘විසිතුර’ සතිපතා සිනමා පුවත්පතේ හිටපු සංස්කාරක..
    තරුණ ප්රේමකීර්තිට, ‘විසිතුර’ පුවත්පතේ ‘විශේෂාංග රචකයෙක්’ විධියට රැකියාව ලැබෙනවා. අත්දැකීම් බහුල ජනමාධ්යවේදියෙක් වුණ ආතර් යූ. අමරසේන මහතා, මෙම තරුණයාගේ සැඟවුණ හැකියාවල් සහ දක්ෂතා ඉක්මනින්ම හඳුනගත්තා.
    මේ අතර, වර්ෂ 1967 දෙසැම්බර් 17 වෙනිදා, ‘සහන නිවේදකයෙක්’ ලෙසට, රේඩියෝ සිලෝන් ආයතනයෙන් ලැබුණ අනගි අවස්ථාව, ප්රේමකීර්ති මහතා උදාකර ගන්නවා.. එහිදී ඔහුගේ ගුරුවරයා වුණේ, ‘කරුණාරත්න අබේසේකරයන්’ ය…එතුමා රේඩියෝ සිලෝන් හි ඒ කාලේ සිටිය භාෂා විශාරදයෙක්, ගී පද රචකයෙක් වගේම දක්ෂ නිවේදකයෙක් වුණා. මෙහි දී, ප්රේමකීර්ති මහතාට තමන්ගේ සුවිශේෂී ‘ලිවීමේ’ හැකියාව වගේම, ප්රවෘත්ති නිවේදන හැකියාව, ක්රමයෙන් දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා..
    වර්ෂ 1971 දී, ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්ථිර නිවේදකයකු ලෙස උසස් වී, වර්ෂ 1974 දී ස්ථිර වැඩසටහන් සම්පාදක වරයෙකු ද වී, වර්ෂ 1975 දී, ස්ථිර වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස පත් වීම දක්වා පැමිණි, දුෂ්කර ගමන් මග ඔස්සේ, ඔහුට අත්දැකීම් රාශියක්, තම වෘත්තීය ජිවිතයට එකතු කර ගැනීමට හැකි විය..
    තමන් ට ලැබෙන ඕනෑම කටයුත්තක් ඉතා විශිෂ්ඨ අන්දමින් සම්පුර්ණ කිරීමට, මොහු තුල වූ සුවිශේෂී හැකියාව විශ්මිත ය..
    රූපා ඉන්දුමතී සහ මල්කාන්ති නන්දසිරි යන මහත්මීන් විසින් ගායනා කරන ලද, ‘හද පුද අසුනේ සෙනෙහස මැවුණේ’ නම් වූ යුග ගීතය, වර්ෂ 1969 දී, ප්රේමකීර්ති මහතා අතින් ලියැවෙන්නේ, ඔහුගේ ‘කුළුඳුල්’ ගී පද රචනාව ලෙසට ය..එය අහම්බෙන් ලද අවස්ථාවකි..
    මේ අතර, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් අධ්යක්ෂණය කරන ලද ‘ලොකුම හිනාව’ චිත්රපටියට, ෆ්රෙඩී සිල්වා මහතා ගායනා කරන ලද ‘පරණ කෝට්’ ගීතය, මෙතුමන් විසින් රචනා කරන ලද, මුල්ම චිත්රපටි ගීතයයි..
    ඉන් පසුව, ගී පද රචකයෙක් බවට පත් වෙමින්, ජනප්රිය ගායක ගායිකාවන් රැසකට ගීත රචනා කරන්නට අවස්ථාව උදා විය..
    ආදරයේ උල්පත වූ අම්මා, කුරුල්ලන්ට ගී ගයන්න, සිහින සතක් දුටුවෙමි මම,
    තනි තරුවේ – වික්ටර් රත්නායක..
    මේ නගරය, එක මොහොතක්, ඔබ දේදුන්න ආකාසයේ – මර්වින් පෙරේරා..
    සමනලයා මල හා ළමයා – එඩ්වඩ් ජයකොඩි..
    බිඳුණු පෙමට – රෝහණ වීරසිංහ..
    මල් තරුණ සමය – ගුණදාස කපුගේ / රූපා ඉන්දුමතී..
    ඈත රන් විමන්, ආදරණීය නේරංජනා, රටකින් එහා – ප්රියා සූරියසේන..
    මිනිසකු පිට නැගි අසරුවෙකි, බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ – සුනිල් එදිරිසිංහ..
    සුරංගීට දුක හිතුණා – නන්දා මාලිනී..
    එදා රෑ, මා හා එදා, මා නිසා ඔබ, සුන්දරත්වයෙන් පිරි – මිල්ටන් මල්ලවාරච්චි..
    සිතින් මා නොසැලී – ටී.එම්. ජයරත්න..
    අනන්තයට මා ඉගිලෙන, එක ගිනි කූරයි – ශ්රීමතී තිලකරත්න..
    මා එක්කලා අමනාපව වී දබර, කන්ද කෙන්ද කරනු පිණිස – මාලිනී බුලත්සිංහල..
    කැකිල්ලෙ රජ්ජුරුවෝ, හඳ මාමා උඩින් යතේ, පාන් කිරිත්තා, කුණ්ඩුමනී – ‍ෆ්රෙඩී සිල්වා..
    ඔහු විසින් රචනා කරන ලද ඉතා ජනප්රිය ගීත වලින් කිහිපයකි..
    *ඔහුගේ රචනා වළ ඇති සුවිශේෂී බව වන්නේ, “සරල පද වැලක් මගින් විරල රූ පෙලක්” මැවීමේ හැකියාවයි..
    ශනිදා සාදය, සොඳුරු සෙවණ, සැරිසර පුවත්, වැනි එකිනෙකට වෙනස් ජනප්රිය ගුවන් විදුලි වැඩ සටහන් කීපයක්ම, ඔහු ඉදිරිපත් කර තිබෙනවා..ඒ කාලයේ දී, අසන්නන්ට ඍජුවම දුරකථනයෙන් සජීවී වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබුණෙ නැහැ. නමුත් ප්රේමකීර්ති මහතා, ඔහුගේ ‘සැරිසර පුවත්’ වැඩසටහනට, අසන්නන් සජීවීව සම්බන්ධ කරගනිමින්, ඒ අළුත් අදහසට මූලාරම්භය දෙනවා. ඒ වකවානුවේ දී එය බොහෝ සාර්ථක වූ අතර, රසිකයින් විසින් ඉහලින්ම වැළඳ ගනු ලැබුවා…
    වික්ටර් රත්නායකයන්ගෙ ‘ස’ ඒක පුද්ගල ප්රසංගයට, ප්රේමකීර්ති මහතා සුවිශාල දායකත්වයක් ලබා දුන්නා..ප්රසංගයේ නිවේදන කටයුතු වගේම, ගීතවල අරුත් හඳුන්වා දීමත් තුළින්, ඔහු ‘ස’ ප්රසංගය හැඩ ගැන්වූවා…
    අසූව දශකයේ දී, ශ්රී ලංකාවේ ‘රූප මාධ්යය’ ජනප්රිය වීමත් සමඟම, විවිධ රූපවාහිනී නිෂ්පාදනවලට සම්බන්ධ වීමට, ඔහුට අවස්ථාව ලැබෙනවා.. විශේෂයෙන්ම, කෘතහස්ථ කලාවේදී, ටයිටස් තොටවත්තයන් විසින් අධ්යක්ෂණය කෙරුණු, ‘දොස්තර හොඳ හිත’ ළමා කාටුන් වැඩසටහනේ, අමතක නොවෙන ගීත රචනා වෙන්නේ, ප්රේමකීර්ති මහතා විසිනි..
    ඔහු සහභාගි වුණ අනිත් වැඩසටහන වුණේ, ජාතික රූපවාහිනියෙන් විකාශනය වුණ, ‘අඳුන’ නම් වූ, සමාජ අසාධාරණකම් පිළිබඳව හෙලිදරව් කෙරුණු වැඩසටහනයි.. ඔහු ඒ වැඩසටහන ඉදිරිපත් කළේ, තමන්ගෙ ‘දෑස්’ පමණක් පේන ආකාරයට ය…එම වැඩසටහන ඉමහත් ජනප්රිය වූ අතර, කාගේත් කතාබහට ද ලක්වුණා..
    ඒ වගේම සෑම ඉරිදාවකම, ‘ආයුබෝවන්’ වැඩසටහනනින්, වෙනත් දෙමළ සහ ඉංග්රීසි නිවේදකයන් සමග, ප්රේමකීර්ති මහතා, හැමෝගෙම ඉරිදාව, සුන්දර කළා.
    වර්ෂ 1988 පෙබරවාරි 16 වෙනිදා, දහවල් 12.45 සිංහල ප්රවෘත්ති නිවේදකයා, එක්වරම
    ප්රවෘති කියවීම නතර කළා..විනාඩි 2-3ක නිහඬතාවයක් ගත වුණා..තවත් හුරුපුරුදු කට හඬක් ඒ නිසලතාවය බින්දා..ප්රේමකීර්ති ද අල්විස් මහතා ඒ ශෝක ජනක, ඛේදජනක පණිවිඩය ජාතියටම කිව්වා..ඒ, විජය කුමාරණතුංග මහතාගේ කුරිරු ඝාතනය ගැනයි..
    තවත් ඒ වගේම දවසක්, ඊට හරියටම අවුරුද්දයි, මාස පහයි, දවස් පහළොවකින් උදා වුණා..
    ඒ වර්ෂ 1989 ජූලි 31 වෙනිදා උදේ 6.00 ට, විජය කුමාරණතුංග මහතාගේ ඝාතනය ගැන නිවේදනය කරපු, ඒ විශිෂ්ට නිවේදකයාටත්, නාඳුනන කල්ලියක් විසින් වෙඩි තබා ඇති බවට ඇසුන පුවත, හද කම්පා කරන්නක් බවට පත් වුණා..
    වර්ෂ 1989 ජූලි 31 වෙනිදා මැදියම් රැයේ, ප්රේමකීර්ති මහතාගේ, හෝමාගම තිබුණ, අඩක් සාදා නිමකර තිබුණු නිවසේ සිටිය දී, ඔහුව ඉවතට රැගෙන ගොස්, වෙඩි තබා, ඝාතනය කර තිබුණා..
    ඒ වන විට ඔහු 42 වැනි වියෙහි පසු වූවා..
    සුරංගි ද අල්විස් සහ පුර්ණ සම්පත් යන දරු දෙදෙනාගේ ආදරණිය පියාණන් වූ ප්රේමකීර්ති ද අල්විස් මහතා ගේ බිරිඳ වූයේ, දයා ද අල්විස් මහත්මියයි..ඇය ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජනප්රිය නිවේදිකාවකි..
    පසුව නිර්මලා ද අල්විස් මහත්මිය සමඟ විවාහ වූ අතර, ඇය ද මේ වනවිට ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරන්නී ය..
    ඔහු අද ජීවත්ව සිටියා නම්, වර්තමාන නිවේදක නිවේදිකාවන්ට, බොහොම හොඳ උදාහරණයක් වෙන්න තිබුණා. හඬ, භාෂාව හැසිරවීම මගින්, ප්රේක්ෂකයාට ළංවෙන්නෙ කෙසේ ද? යන්න පිළිබඳව, ඔහුට දක්ෂ ගුරුවරයෙන් වෙන්න තිබුණා. ඒ වගේම තවත් සුන්දර ගීත රාශියක් ඔහුගෙන් ලියැවෙන්න තිබුණා..
    වර්ෂ 1947 ජූනි මස 3 වන දා ඉපිද, නොසිතු විරූ ලෙස, ඔබ අපගෙන් වෙන්ව ගොස් ය..
    “ජිවිතයම හීනයකැ’යි, කියා සිතෙනවා” යනුවෙන් ඔබ ලියා තැබුවේ ඒ නිසා විය හැකි ය..
    ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාව අසල ඇති මාවත,’ප්රේමකීර්ති ද අල්විස් මාවත’ යනුවෙන් නම් කර තිබෙනවා…
    ඒ ඔබ නිතර එහා මෙහා ගමන් කළ මාවතයි..අද ඔබ නැතත්, අන් අය ඒ මාර්ගය ඔස්සේ ගමන් කරනු පෙනේ..

    *තොරතුරු අන්තර්ජාලයෙන්..
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    2014 di polisiyata deepu potha gena thawama mokawath welaa nethuwa ethi,
    hama ekama JVP account ekata nodaa, oya kiyana vidiyata premakeerthige maranin passe guwanwiduliye mul putuwata evith wedima kaalayak ethana wejubuna, paara nam karana uthsawayata aawe nethi guwan widuliye lokka genath hitala balannako
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රේමකීර්ති ඝාතනයට එකෙක් එල්ලුම්ගහට නියමවුනා, කොනක අයතා සම්භන්දයක් තියෙනවා කියලා කතාවක් තිබුණා.......... කොහෙද දන්න කවුරුත් නෑ නේ
     

    gepa

    Well-known member
  • ප්‍රේමකීර්තිගේ මරනය ට මූලිකත්වය දුන්නේ හඩ්සන් සමරසිංහ කියන චාටර් ඩයල් එක කියලයි එයාගේ නෝනා නම් කියන්නේ..ජවිපේ කලබල වලට ඒක දාලා ගුවන් විදුලියේ මුල් තැන ගන්න.. ටිකක් හිතුවොත් ඒක වැරදි වෙන්ඩත් බෑ..
     

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    ප්‍රේමකීර්තිගේ මරනය ට මූලිකත්වය දුන්නේ හඩ්සන් සමරසිංහ කියන චාටර් ඩයල් එක කියලයි එයාගේ නෝනා නම් කියන්නේ..ජවිපේ කලබල වලට ඒක දාලා ගුවන් විදුලියේ මුල් තැන ගන්න.. ටිකක් හිතුවොත් ඒක වැරදි වෙන්ඩත් බෑ..

    :yes::yes::yes::yes::yes::yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හම්මෝ ප්‍රේමකීර්ති මැරුවේ ජෙවිපි එකෙන්ද ඒ මොනවාටද
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ප්‍රේමකීර්තිගේ මරනය ට මූලිකත්වය දුන්නේ හඩ්සන් සමරසිංහ කියන චාටර් ඩයල් එක කියලයි එයාගේ නෝනා නම් කියන්නේ..ජවිපේ කලබල වලට ඒක දාලා ගුවන් විදුලියේ මුල් තැන ගන්න.. ටිකක් හිතුවොත් ඒක වැරදි වෙන්ඩත් බෑ..

    ඔව් බන් මේක ඇත්ත .. ගෙදරින් ඇදගෙන ගිහින් ගේ ගාවමයි කටට වෙඩි තියල තියෙන්නෙ ..