ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lol... argueing over 2 guys non of us hav ever meet..
    no creditable reference of even about the exsistance of either of them..
    into 43rd page....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒ තර්ඩ් එක නම් නියම_සින් තර්ඩ් එකක්. ජෙසුවා සම්බන්ද කලාට, අන්තිමට මේකේ මරා ගන්නේ බෞද්ධ උන්මයි. :lol: මම හිතන්නේ නැ අඩුගානේ එක ජේසුවගේ පුතෙක්වත් මේ තර්ඩ් එකේ රිප්ලයි දාල තියනවද කියල වත්. :rofl: ඔක්කොම බුද්දගේ පුත්තු මරා ගන්නේ. :D:D

    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    තම දැනුමින් විමසා බලා තේරුම් ගන්න උත්සහ කරන එක වැරදි නැ මම හිතන්නේ ... සහිත්යාලන්කාර ,අතිශෝක්තිය ,කතෘ වරුන්ගේ දැනුම් අඩුපාඩු තියෙන්න ඇතිනේ ඔය අපි අද කියවන පොත පත පළවෙනියට ලියවෙනකොට
    නෑ මචන් පැහැදිලිව වැරදි නෑ. එයාලට කැමති විදියට පිලිගන්න නොපිලිගන්න පුලුවන්.. ඒක එයාලගෙ අයිතිය.

    අන්න "තම දැනුමින් විමසා බලා ඔප්පු කර ඇති දේවල්" කිව්ව සැනින්ම මචන් ඔප්පු කරල නැති පව, පින ප්‍රතික්ශේප වෙනව. එතකොට මරණින් මතු කොටස ප්‍රතික්ශේප වෙනව. දාන මාන පිංකම් ඔක්කොම ප්‍රතික්ශේප වෙනව. බුද්දහමෙ තියෙන සූත්‍ර දේශනාවන් බර ගානක් ප්‍රතික්ශේප වෙනව. (කරණියමෙත්ත සුත්‍රය, අටානාටිය, ජලනන්දන, අග්ගඥ, සප්ත සුරියෝද්ගමන, ජය පිරිත) පුනර්භවයක් නොමැති බැවින් දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) ප්‍රතික්ශේප වෙනව. බුදු ගුණ පිලිගන්නත් බැහැ. පැහැදිලිවම නවයෙන් 5ක්ම ප්‍රතික්ශේප වෙනව. (විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරති, සත්තා දේව මනුස්සානං)

    දැන් එතකොට උන් "අපි බෞද්ධ" කියන්නෙ මොන කොටසටද? ඔන්න ඕකයි ඕකයි මන් ප්‍රශ්න කරන්නෙ...??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ තර්ඩ් එක නම් නියම_සින් තර්ඩ් එකක්. ජෙසුවා සම්බන්ද කලාට, අන්තිමට මේකේ මරා ගන්නේ බෞද්ධ උන්මයි. :lol: මම හිතන්නේ නැ අඩුගානේ එක ජේසුවගේ පුතෙක්වත් මේ තර්ඩ් එකේ රිප්ලයි දාල තියනවද කියල වත්. :rofl: ඔක්කොම බුද්දගේ පුත්තු මරා ගන්නේ. :D:D

    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මචන් පටලවා ගන්න එපා. කරන්න නොහැකි වීමයි නොපිලිගැනීමයි දෙකක්.. මදුරුවෙක් මැරුවොත් ඒ අදාල කර්මය රැස් වෙනවා කියල දැන දැනත් මදුරුව මරනවනෙ. හැබැයි ඒ කර්මයට මුහුණ දෙන්න ලෑස්ති වෙලයි ඒ ක්‍රියාව කරන්නෙ. නැතුව අපෝ ඕකුන් මැරුව කියල වෙන නරකක් නෑ කියල මරන්නෙ නෑනෙ.

    රජකම නිසා පවු රැස් වෙන බැවින් රජකම අතඇරපු රජවරුත් හිටිය.. හැබැයි නියත වශයෙන් අකුසල් රැස් වෙන නිසා අබෞද්ධ වෙන්නෙ නෑනෙ.. :D

    දැන් මෙතන ඉන්න අය තර්ක කරන්න "කාටවත් කරදරයක් නොමැතිව තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් ජීවත් උනා නම් හරි" කියල..

    එතකොට එහෙම බලද්දි දැන් මදුරුවො කද්දි තමන් ඉන්න වටපිටාවෙ ඉන්නෙ මදුරුවො ඔක්කොම මරනව. වෙන කෙනෙක්ට කරදරයක් උනා. උන් මලා හැබැයි ඒකෙන් තමන්ට වාසියක් උනා. දැන් මදුරුවො කන්නෙ නෑනෙ. එතකොට වෙන කෙනෙක්ට අගතියක් උනත් තමන්ට සුගතියක් වෙනවා නම් හරිනෙ.. එතකොට දැන් කරදරයක් කලත් ප්‍රශ්නයක් නෑනෙ බන්.. එහෙම කරදර කරන මිනිස්සුන්ට කියන්නෙ මොක්කුද?

    "කාටවත් කරදරයක් නොකර" කියන වචන වල අරුත මොකද්ද.. එහෙම කලා කියල වෙන සිද්ද වෙන වෙනස මොකද්ද???
    එතකොට ඔයා කියන්නේ මේවා ඔක්කොම ඇත්ත කියල ඔලුව උඩ තියාගෙන සාදු සාදු කියල අදහගෙන, හැබැයි ඒ කිසි දෙයක් පිළිපදින්නේ නැතුව හිටියත් ඒ මනුස්සය නියම බෞද්ධ. සමහර කොටස් ප්‍රතික්ෂේප කරන ගමන්, පුළුවන් විදිහට පිළිපදින්න තියෙන ඒවා ටික කරගෙන ඉන්න මනුස්සය ලේබල් බෞද්ධ :baffled:
     
    • Like
    Reactions: Troop

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    එතකොට ඔයා කියන්නේ මේවා ඔක්කොම ඇත්ත කියල ඔලුව උඩ තියාගෙන සාදු සාදු කියල අදහගෙන, හැබැයි ඒ කිසි දෙයක් පිළිපදින්නේ නැතුව හිටියත් ඒ මනුස්සය නියම බෞද්ධ. සමහර කොටස් ප්‍රතික්ෂේප කරන ගමන්, පුළුවන් විදිහට පිළිපදින්න තියෙන ඒවා ටික කරගෙන ඉන්න මනුස්සය ලේබල් බෞද්ධ :baffled:
    "සමහර කොටස්" සහ "ඇයි ඒ ප්‍රතික්ශේප කරන්නෙ" කියන එක අර්ත දක්වන්න. එතකොට උත්තරයක් දෙන්නම්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,962
    1
    58,273
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නෑ මචන් පැහැදිලිව වැරදි නෑ. එයාලට කැමති විදියට පිලිගන්න නොපිලිගන්න පුලුවන්.. ඒක එයාලගෙ අයිතිය.

    අන්න "තම දැනුමින් විමසා බලා ඔප්පු කර ඇති දේවල්" කිව්ව සැනින්ම මචන් ඔප්පු කරල නැති පව, පින ප්‍රතික්ශේප වෙනව. එතකොට මරණින් මතු කොටස ප්‍රතික්ශේප වෙනව. දාන මාන පිංකම් ඔක්කොම ප්‍රතික්ශේප වෙනව. බුද්දහමෙ තියෙන සූත්‍ර දේශනාවන් බර ගානක් ප්‍රතික්ශේප වෙනව. (කරණියමෙත්ත සුත්‍රය, අටානාටිය, ජලනන්දන, අග්ගඥ, සප්ත සුරියෝද්ගමන, ජය පිරිත) පුනර්භවයක් නොමැති බැවින් දුක්ඛ නිරෝධ සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදාර්ය සත්‍යය (ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය) ප්‍රතික්ශේප වෙනව. බුදු ගුණ පිලිගන්නත් බැහැ. පැහැදිලිවම නවයෙන් 5ක්ම ප්‍රතික්ශේප වෙනව. (විජ්ජාචරණ සම්පන්න, සුගත, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරති, සත්තා දේව මනුස්සානං)

    දැන් එතකොට උන් "අපි බෞද්ධ" කියන්නෙ මොන කොටසටද? ඔන්න ඕකයි ඕකයි මන් ප්‍රශ්න කරන්නෙ...??

    කරණීය මත්‍ථ කුසලෙන
    යං තං සන්තං පදං අභිසමෙච්ච
    සක්කො උජූ ච සූජූ ච
    සුවචො චස්ස මුදු අනතිමානි

    තේරුම
    1. ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද? අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.

    සන්තුස්සකො ච සුභරො ච
    අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
    සන්තින්ද්‍රියො ච නිපකො ච
    අප්පගබ්බො කුලෙසු අනනුගිද්ධො

    තේරුම
    2. සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැකෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.

    නච ඛුද්ධං සමාචරේ කිඤ්චි
    යෙන විඤ්ඤු පරෙ උපවදෙය්‍යුං
    සුඛිනො වා ඛෙමිනො හොන්තු
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    තේරුම
    3. යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.

    යෙ කෙචි පාණ භූතත්ථි
    තසා වා ථාවරා වා අනවසෙසා
    දීඝා වා යෙ මහන්තා වා
    මජ්ඣිමා රස්සඛාණුකථූලා

    තේරුම
    4. කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද?

    දිට්ඨා වෙ යෙව අද්දිට්ඨා
    යෙච දූරෙ වසන්ති අවිදූරෙ
    භූතා වා සම්භවෙසීවා
    සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

    තේරුම
    5. තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද?

    නපරො පරං නිකුබ්බේථ
    නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි
    ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා
    නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය

    තේරුම
    6. අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.

    මාතා යථා නියං පුත්තං
    ආයුසා එක පුත්ත මනුරක්ඛෙ
    එවම්පි සබ්බභූතෙසු
    මානසං භාවයෙ අපරිමානං

    තේරුම
    7. යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.

    මෙත්තං ච සබ්බලොකස්මිං
    මානසං භාවයෙ අපරිමානං
    උද්ධං අධො ච තිරියඤ්ච
    අසම්බාධං අවෙරං අසපත්තං

    තේරුම
    8. පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.

    තිට්ඨං චරං නිසින්නෝ වා
    සයානො වා යාවතස්ස විගතමිද්ධො
    එතං සතිං අධිට්ඨෙය්‍ය
    බ්‍රහ්ම මෙතං විහාරං ඉධමාහු

    තේරුම
    9. සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.

    දිට්ඨිං ච අනුපගම්ම සීලවා
    දස්සනේන සම්පන්නො
    කාමෙසු විනෙය්‍ය ගෙධං
    නහිජාතු ගබ්භසෙය්‍යං පුනරෙතීති

    තේරුම
    10. මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය

    මේ කරණීය මෙත්ත සූත්‍රය අපේ "අපි බෞද්ධ" උන්දැල කියන්නෙ තේරුම දැනගෙනද නැත්නම් යක්කු පෙරේතයො එලවන්නද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "සමහර කොටස්" සහ "ඇයි ඒ ප්‍රතික්ශේප කරන්නෙ" කියන එක අර්ත දක්වන්න. එතකොට උත්තරයක් දෙන්නම්..
    ප්‍රතික්ෂේප කරන්නේ ඉතින් පිළිගන්න අකමැති නිසානේ, ෂුවර් නැති නිසා කියන්නත් පුළුවන්. මට ඒ මිනිස්සු ගැන ප්‍රශ්නයක් නෑ උන් කැමති ලේබල් එකක් අලවගත්ත දෙන්. මට තියෙන ප්‍රශ්නේ පිළිපදින්නේ නැති උන් බෞද්ධ වෙන්නේ කොහොමද කියල :oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ප්‍රතික්ෂේප කරන්නේ ඉතින් පිළිගන්න අකමැති නිසානේ, ෂුවර් නැති නිසා කියන්නත් පුළුවන්. මට ඒ මිනිස්සු ගැන ප්‍රශ්නයක් නෑ උන් කැමති ලේබල් එකක් අලවගත්ත දෙන්. මට තියෙන ප්‍රශ්නේ පිළිපදින්නේ නැති උන් බෞද්ධ වෙන්නේ කොහොමද කියල :oo:
    නියත වශයෙන් පිලිපදින්නෙ නැති උන් බෞද්ධ කිව්වෙ කොහෙද.. එහෙනම් ඔය සිරියාවෙ එක එකා පෝලිමට තියල මරණ උන්ටත් අපි බෞද්ධ හැබැයි පිලිපදින්නෙ නෑ කියන්න පුලුවන් නෙ.. මොනාද බන් මේ තරක.. පෘතජ්ජන මිනිහෙකු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑ. හැබැ‍යි ඉතින් උබ ඔය ප්‍රශ්න කරන ලේබලෙ ගහන් ඉන්න බෞද්ධයන්ට අනුව ඒ සිරියාවේ ඉන්න උන් මිනිස්සු 1000කට ඔලුවට වෙඩි තියල උන්ගෙ ගෑනු දූෂනය කරල බෙලි කපල දැන්මත් අවුලක් නෑ. උන් උන්ගෙ ආතල් එක ගන්නව. උන්ගෙ තර්කෙ අනුව උනුත් යන්න වලට මුනුත් යන්නෙ වලට. උන් තව 10000කගෙ ජීවිත විනාස කලත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. එතනින් ඉවරයි චැපටර් ක්ලෝස්... :rofl: තව එකෙක්ට කරදර කලත් එකයි නැත්ත එකයි. දෙන්නම එකම බෝට්ටුවේ.. :lol:

    'පෘතජ්ජන ස්වභාවය' යන ධර්ම කරුණ සඳහන් වන සදහම් දේශනා (1):
    http://www.waharaka.com/deshana/tag.php?tagId=3033&tagName=පෘතජ්ජන ස්වභාවය

    මේ ඇති බන්.. මොකද නොපිලිගන්න එකා ආයිත් ආයිත් එකම ප්‍රශ්නෙ වෙනත් ක්‍රමවලින් අහන එකමයි කරන්නෙ..
     
    නියත වශයෙන් නොපිළිපදින/නොඅදහන උන් ගැන නෙවේ බන් මම කියන්නේ. දැන් මේ ලේබල් බෞද්ධ කියල උඹල කියන අයත් එහෙම නියත වශයෙන් නොපිළිපදින උන් නෙවේ නෙ. උන් හොඳට අනික් උන්ටත් වඩා දේවල් පිලිපදගෙන ඉන්නවා, සමහර ඒවා විස්වාස කරන්නේ නෑ ඔය අපායවල් එහෙම. නැතුව උන් සිරියාවේ ගිහින් බෙලි කපන්නේ නෑ නෙ.

    එතකොට අකුසල් රැස් වෙන්නේ, පිලිපදිද්දී අඩුපාඩු වෙන්නේ උන්ගේ තියෙන පෘතග්ජනද මොකද්ද බව නිසා කියනවනං, පිලිපදිද්දී වෙන අඩුපාඩු වලට ඒක නිදහසට කාරණයක් නං, අදහද්දී වෙන අඩුපාඩු වලටත් අනේ ඒ මනුස්සය පෘතග්ජන මනුස්සයෙක්නේ කියල සමාවක් තියෙන්න එපැයි :oo: උට විතරක් ලේබල් බෞද්ධයා කියල බනිනවා, කරන තරමක් පව් වැඩ කරලා හවසට සාදු කියන මේ සිරිලංකාවේ බෞද්ධ කියල කියාගන්න උන්ට අවුලක් නෑ ඒ උන්ගේ පෘතග්ජන ස්වභාවය ලු :baffled:
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    onna dan oya inneth mage gode mata sathutui
    baudda ha hethu mokkda eka mada :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    නියත වශයෙන් නොපිළිපදින/නොඅදහන උන් ගැන නෙවේ බන් මම කියන්නේ. දැන් මේ ලේබල් බෞද්ධ කියල උඹල කියන අයත් එහෙම නියත වශයෙන් නොපිළිපදින උන් නෙවේ නෙ. උන් හොඳට අනික් උන්ටත් වඩා දේවල් පිලිපදගෙන ඉන්නවා, සමහර ඒවා විස්වාස කරන්නේ නෑ ඔය අපායවල් එහෙම. නැතුව උන් සිරියාවේ ගිහින් බෙලි කපන්නේ නෑ නෙ.

    එතකොට අකුසල් රැස් වෙන්නේ, පිලිපදිද්දී අඩුපාඩු වෙන්නේ උන්ගේ තියෙන පෘතග්ජනද මොකද්ද බව නිසා කියනවනං, පිලිපදිද්දී වෙන අඩුපාඩු වලට ඒක නිදහසට කාරණයක් නං, අදහද්දී වෙන අඩුපාඩු වලටත් අනේ ඒ මනුස්සය පෘතග්ජන මනුස්සයෙක්නේ කියල සමාවක් තියෙන්න එපැයි :oo: උට විතරක් ලේබල් බෞද්ධයා කියල බනිනවා, කරන තරමක් පව් වැඩ කරලා හවසට සාදු කියන මේ සිරිලංකාවේ බෞද්ධ කියල කියාගන්න උන්ට අවුලක් නෑ ඒ උන්ගේ පෘතග්ජන ස්වභාවය ලු :baffled:
    කොහෙද යකෝ සමාවක් තියෙන්නෙ අබිං කාලද ඉන්නෙ.. පිලිපදින්න හරියට බැරි නම්, අඩුපාඩු වෙනව නම් ඒකට කර්මය රැස් වෙනව. ඒ කර්මය ගෙවන්න වෙනව. ලැබෙන සමාවක් නෑ.

    පුලුවන් නම් තේරුම් ගනින්.. බැරි නම් කරන්න දෙයක් නෑ. ආයිත් අහන්න එපා

    9i7d6w8.jpg

    රතු කන්ඩායම නියෝජනය කරන්න නම් ඔය A,B,C කියන බදුන් තුනේම කෑම කන්න ඕනෙලු.. එකෙක් ඇවිත් C කියන බදුනෙ කෑම ශුවර් නෑ කියල A,B විතරක් කනවලු. තව එකෙකෙ ඇවිත් B ශුවර් නෑ කියල A,C බදුන්වල කෑම විතරක් කනවලු. දැන් මුන් දෙන්න රතු කන්ඩායම නියෝජනය කරනවද?

    කොන්දේසි වලට අනුව ඕනෙ එකෙක්ට ඕන විදිහකට කන්න පුලුවන්ලු. කිසිම තහනමක් නෑලු... හැබැයි රතු කන්ඩායමේ එකෙක් කියන්න නම්
    A,B,C කියන බදුන් තුනේම කෑම කන්න ඕනෙලු. එහෙම කන්නෙ නැති උන්ට තමන් කන බදුන් ප්‍රමානෙ අනුව වෙන ඕනෙ නමක් දාගන්න පුලුවන්ලු.. හැබැයි රතු කන්ඩායමේ කියන්න බෑලු. ඒ කන්ඩායමට ලැබෙන වරප්‍රසාද නම් ලැබෙන්නෙ නෑලු. තම සිතැගී පරිදි ඉන්න පුලුවන්ලු..

    පොඩි කාලෙ පන්තියකදි ඉගෙන ගත්ත දෙයක්.. :D
     
    මට නම් හොදට තේරුනා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    නියත වශයෙන් පිලිපදින්නෙ නැති උන් බෞද්ධ කිව්වෙ කොහෙද.. එහෙනම් ඔය සිරියාවෙ එක එකා පෝලිමට තියල මරණ උන්ටත් අපි බෞද්ධ හැබැයි පිලිපදින්නෙ නෑ කියන්න පුලුවන් නෙ.. මොනාද බන් මේ තරක.. පෘතජ්ජන මිනිහෙකු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑ. හැබැ‍යි ඉතින් උබ ඔය ප්‍රශ්න කරන ලේබලෙ ගහන් ඉන්න බෞද්ධයන්ට අනුව ඒ සිරියාවේ ඉන්න උන් මිනිස්සු 1000කට ඔලුවට වෙඩි තියල උන්ගෙ ගෑනු දූෂනය කරල බෙලි කපල දැන්මත් අවුලක් නෑ. උන් උන්ගෙ ආතල් එක ගන්නව. උන්ගෙ තර්කෙ අනුව උනුත් යන්න වලට මුනුත් යන්නෙ වලට. උන් තව 10000කගෙ ජීවිත විනාස කලත් කිසිම අවුලක් වෙන්නෙ නෑ. එතනින් ඉවරයි චැපටර් ක්ලෝස්... :rofl: තව එකෙක්ට කරදර කලත් එකයි නැත්ත එකයි. දෙන්නම එකම බෝට්ටුවේ.. :lol:

    'පෘතජ්ජන ස්වභාවය' යන ධර්ම කරුණ සඳහන් වන සදහම් දේශනා (1):
    http://www.waharaka.com/deshana/tag.php?tagId=3033&tagName=පෘතජ්ජන ස්වභාවය

    මේ ඇති බන්.. මොකද නොපිලිගන්න එකා ආයිත් ආයිත් එකම ප්‍රශ්නෙ වෙනත් ක්‍රමවලින් අහන එකමයි කරන්නෙ..

    ඔබ තුමා බෞද්ධයෙක්ද
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    Matath mage idea eka dala pothak liyanna puluwan buduhamuduruwo marenna kalin Muslim aagama walada gaththa kiyala.. pothak kiyanne thawa ekekge idea ekak. A pothe kiwwa kiyala eka aththada? Ane gono

    ඉතින් එහෙම එක එක අදහස්ක දාල වුරු හරි එකෙක් ලියපු පොතක් නෙමෙයිද බයිබල් එක කියන්නේ? :rolleyes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉතින් එහෙම එක එක අදහස්ක දාල වුරු හරි එකෙක් ලියපු පොතක් නෙමෙයිද බයිබල් එක කියන්නේ? :rolleyes:

    හැම එකක්ම එහෙම තමා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහෙද යකෝ සමාවක් තියෙන්නෙ අබිං කාලද ඉන්නෙ.. පිලිපදින්න හරියට බැරි නම්, අඩුපාඩු වෙනව නම් ඒකට කර්මය රැස් වෙනව. ඒ කර්මය ගෙවන්න වෙනව. ලැබෙන සමාවක් නෑ.

    පුලුවන් නම් තේරුම් ගනින්.. බැරි නම් කරන්න දෙයක් නෑ. ආයිත් අහන්න එපා

    රතු කන්ඩායම නියෝජනය කරන්න නම් ඔය A,B,C කියන බදුන් තුනේම කෑම කන්න ඕනෙලු.. එකෙක් ඇවිත් C කියන බදුනෙ කෑම ශුවර් නෑ කියල A,B විතරක් කනවලු. තව එකෙකෙ ඇවිත් B ශුවර් නෑ කියල A,C බදුන්වල කෑම විතරක් කනවලු. දැන් මුන් දෙන්න රතු කන්ඩායම නියෝජනය කරනවද?

    කොන්දේසි වලට අනුව ඕනෙ එකෙක්ට ඕන විදිහකට කන්න පුලුවන්ලු. කිසිම තහනමක් නෑලු... හැබැයි රතු කන්ඩායමේ එකෙක් කියන්න නම්
    A,B,C කියන බදුන් තුනේම කෑම කන්න ඕනෙලු. එහෙම කන්නෙ නැති උන්ට තමන් කන බදුන් ප්‍රමානෙ අනුව වෙන ඕනෙ නමක් දාගන්න පුලුවන්ලු.. හැබැයි රතු කන්ඩායමේ කියන්න බෑලු. ඒ කන්ඩායමට ලැබෙන වරප්‍රසාද නම් ලැබෙන්නෙ නෑලු. තම සිතැගී පරිදි ඉන්න පුලුවන්ලු..

    පොඩි කාලෙ පන්තියකදි ඉගෙන ගත්ත දෙයක්.. :D

    මම අහන්නේ එකක් උඹ උත්තර දෙන්නේ වෙන එකකට. සමාව කියල කිවේ කර්මයෙන් සමාව හම්බෙන්නේ නැත්තේ ඇයි කියල නෙවේ බන් :baffled: උඹල උන්ට ලේබල් බෞද්ධ කියල කියන එකට ඇයි සමාවක් නැත්තේ කියල ඇහුවේ. කර්මයෙන් සමාව හම්බෙන්නේ නැති බව මම දන්නව. මේ කියන ABC කතාව පිළිපදින උන්ට අදාල වෙන්නේ නැත්තේ ඇයි කියල මේ අහන්නේ.

    ආගමක් අදහන්නත් ඕනේ ඒක පිලිපදින්නත් ඕනේ මම හිතන හැටියට, ඇයි පිලිපදිද්දීත් A B C තුනම පිළිපදින්න ඕනේ එහෙම නැති උන් බෞද්ධ නෙවේ කියල කියන්න බැරි. අදහද්දී එකක් අතඇරලා අදහන උන් ලේබල් බෞද්ධ කියල උඹල උන්ට බනිනවා, ඒක හරි අවුලක් නෑ. :yes: උන් ලේබල් තමා :yes: ඉතින් ඇයි පිලිපද්දීත් ඔය තියරියම දාල හරියට පිළිපදින්නේ නැති කෑලි කෑලි හලලා පිළිපදින උන් බෞද්ධ නෙවේ කියල කියන්න බැරි. එතකොට උන් පෘතග්ජන ලු උන් අතින් වැරදි වෙන්න පුළුවන් ලු. පෘතජ්ජන මිනිස්සු අතින් අකුසල් රැස් වෙනව එහෙමයි කියල අබෞද්ධ වෙන්නෙ නෑලු කිය කිය නිදහසට කාරනා ගොඩයි උන්ව බෞද්ධ ගොඩේ තියාගන්න, හැබැයි ඔන්න එකෙක් අදහන එකෙන් පොඩි කෑල්ලක් නිකන් ෂුවර් නෑ වගේ කියල පැත්තකින් තිබ්බොත් ඔන්න උට පලු යන්න බනිනවා ලේබල් බෞද්ධයා කෑලි හලල අදහනවා කියල :P අන්න ඒ අවනඩුව ගැනයි මම මේ අහන්නේ :yes:

    එක්කෝ ඔක්කොම ලේබල් වෙන්න ඕනේ, නැත්තන් ඔක්කොම බෞද්ධ වෙන්න ඕනේ. :yes:
     
    ඔය තර්කය මම කලින් ගෙනාවේ නැත්තේ හේතුවක් මත