ඔයා ඒකට උත්තර දෙන්නේ බුදු දහම ඇසුරින්ම නිසා ඔයාගේ මතය වෙනස් කරන්නේ නෑ...
හැබැයි අපි ප්‍රායෝගිකව දන්නවා මුඛ පරම්පරාවකින් පැවත ඒම, අවුරුදු 45 ක ධර්ම කරුණු ස්මරණයේ තබා ගැනීම ආදිය ගැන ඇති විශ්වසනීයත්වය ඉතා අල්ප බව.... ඔය තරම් ධර්ම කරුණු අවබෝධ වුණා නම් අනඳ තෙරුන් සෝතාපන්න වීමෙන් නතර වීමක් සිදුවීමම අභව්‍යයයි...
සෑම ආගමකම මූලාශ්‍ර සම්බන්ධව ඇත්තේ ඉතාමත් අඩු විශ්වසනීයත්වයක්... ඔයාම මීට උඩ කිව්වා ඇතැම් කරුණු මග හැරෙන්නට ඇත නමුත් වැදගත් කරුණු මග හැරි නැත කියල... එහෙම කියන්නේ ඔයා දැඩි විශ්වාසයෙන් ඉන්න නිසා... හැබැයි කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මග හැරුණු කොටස වැදගත්ම කොටස වෙන්න බැරිද කියල.... ඔයා තමන්ගේ ආගම පරම සත්‍ය යැයි විශ්වාස කරන තෙක් ඔයාට එතනින් එහාට සිතීමක් නෑ.... මොකද ඔයා හැම වෙලාවකටම උත්තර දෙන්නේ ඒ දෘෂ්ටි කෝණයෙන්....
ලෝකයේ කුසීත පුද්ගලයින් ඉන්නා රටවල දාර්ශනිකයින් ඉස්මතු වේ..... මන්ද යත් ඔවුන් "වෙන්නේ කොහොමද" කියා සොයා බැලීමට කම්මැලි බැවිනි... ඔවුන් සෑම විටකම සිතන්නේ "වෙන්න ඇත්තේ මෙහෙමය" කියාය... වැඩියෙන්ම ආසියාතික රටවල් නව සොයා ගැනීම්වලින් ඉතාම පහත් අඩියක සිටින්නේත් බැලූ බැලූ අත දුෂනය වංචාව, අපිළිවෙල ආගමෙන් උමතු වීම සිදුවන්නේත් එබැවිනි.... නමුදු දාර්ශනිකත්වයෙන් ඔවුන් කෙළ පැමිණි අයවලූන් වෙති.... ඔවුන්ට අනුව දිවැසින් ආත්ම ගණන් පසුපසට යා හැකිය. මතු භවට ගැන පුරෝකථනය කල හැකිය.... නමුදු තමන්ගේ අතමානයේ තිබෙන නගරයට යාමට පාරක් කපා ගැනීමට නොහැකිය.....
"ඔය තරම් ධර්ම කරුණු අවබෝධ වුණා නම් අනඳ තෙරුන් සෝතාපන්න වීමෙන් නතර වීමක් සිදුවීමම අභව්‍යයයි."
ඒ උඩින් බැලූ විට ඔබට පෙනෙන දේ. අනික මට තේරෙන්නේ නෑ මිනිහෙක්ට අවුරුදු 45 වගේ සුළු කාලයක් බුද්ධ දේශණය වගේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම දේශනය මතක තබා ගන්න බැරිනම් ඒ වගේ මිහිහෙක්ගේ ඇති වැඩක් නෑ. ඔහු මහා පරාජිතයෙක් විතරයි. අනික ඔය ආනන්ද හාමුදුරුවෝ ඔය විදියට ධර්ම භාණ්ඩාගාරික ලෙස ධර්මය මතකයෙන් ගෙන ඒමට ආත්ම ගණනාවක් පෙරුම් පුරලා පාරමිතා පුරන්න ඇති. එච්චර කරලත් ඒ දේ කරන්න බැරිනම් ඇති වැඩේ මොකක්ද?
"හැබැයි කෙනෙකුට තර්ක කරන්න පුලුවන් මග හැරුණු කොටස වැදගත්ම කොටස වෙන්න බැරිද කියල."
එහෙම වෙන්න තිබ්බ මේ ආර්ය සංඝ රත්නය කියන්නේ හම්බ ගොං රැලක් නම්. ඔබ නොසිතුවාට ඔය මහායාන, සෙන්, වගේ අනෙක් බුද්ධාගම් වලත් බුදුදහමේ මූලිකම දේශනාවන් රැකිලා තියෙනවා. ඉන්දියාවේ හින්දු දේශකයන් පවා මේ බුදුදහමේ සැඟවුණු මූලික හා අත්‍යාවශ්‍ය දහම් කොටස් අද වන විටත් දේශනා කරනවා. බුදුදහම රැකෙන්නේ ලෝකෙට පේන්න නෙවෙයි. අනික බුදුදහමේ වැදගත්ම කොටස තමයි සෝතාපන්න වන මාර්ගය. ඔය මාර්ගය තියෙන තාක් කල් බුදුදහම විනාශ වෙන්නේ නෑ. ඔය සෝතාපන්න වන මාර්ගය පවතිනවනම්, එයින් සෝතාපන්න වන කෙනෙක් පර ප්‍රත්‍ය නොමැති පුද්ගලයෙක් එහෙමත් නැත්තම් අනුන්ගේ උදව් නැතිවම නිවන් දැකිය හැකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙම කෙනෙක්ට අභිඥා වැඩුනොත් ඒ පුද්ගලයාට ඔය යට ගිය දහම් කරුණුත් නැවත එලියට අරගෙන දේශණා කරන්න පුළුවන්. ඒ වගේ මේ කාලේ හිටපු කෙනෙක් තමා ඔය වහරක හිමියන් කියන්නේ. උන්වහන්සේ අභිඥා බලයෙන් බලලා තමයි මෙච්චර කාලයක් යට ගිහිල්ලා තිබුණු ශ්‍රී සද්ධර්මය නැවත උඩට ගෙනාවේ.
"නමුදු දාර්ශනිකත්වයෙන් ඔවුන් කෙළ පැමිණි අයවලූන් වෙති."
මෝඩ කතානේ. පෙරදිග දාර්ශනිකත්වය දැන් යට ගිහිල්ලා තියෙන්නේ. පෙරදිග ඉන්දියාව ආශ්‍රිතව දාර්ශනිකයන් සිටියේ මීට බොහෝ කාලයකට පෙර. ඔවුන් ගණිතයේ බොහෝ සංකල්ප, විද්‍යාව, ග්‍රහලෝක වල චලිතය වගේ දේවල් පවා දැනගෙන හිටියා. ඉන්පසු මේ දේවල් ටිකින් ටික අරාබිය දෙසටත්, එතනින් පසු ග්‍රීසිය දෙසටත් ගමන් කරා. මේ ආකාරයට තමයි අද තියෙන නූතන විද්‍යාව ගොඩනැගුනේ. ඔබ දැන් අහන්න එපා අරාබියේ විද්‍යාඥයන් ඉන්නවද කියලා. ඒක එහෙම වුනේ ඒ කාලේ. අපි දැන් කරන්න ඕනේ ඒ නැතිවෙච්ච අපේ දාර්ශනිකත්වය නැවත ලබාගැනීමයි.
Last edited:



