ඔතන තියෙන්නේ වැඩිපුරම ජනතාවගේ වැරැද්ද...
තමන්ව පාලනය කරන්න මර්වින් සිල්වා වගේ කෙනෙක්ව ඇමති ධූරයට පත්කරගත්තා කිව්වම තව වෙන මොන කතාද ඉතිං.. එතනින් එහාට ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ ඉතිං...
ලංකාවේ දේශපාලන රාමුව ඇතුලේ බුද්ධිමත් දේශපාලනය කියන එකට ඉඩ නෑ... ලංකාව ඇතුලේ තියෙන්නේ ප්‍රසිද්ධ දේශපාලනය...
ලංකාවේ දේශපාලන වපසරිය තුල බුද්ධිමත් සංවාදයකට ඉඩක් ඇත්තෙම නෑ.. තනිකර තියෙන්නේ වාචාල සංවාද..
පාර්ලිමෙන්තුව කියන්නේ දැන් බුද්ධිමත් මතවාද හුවමාරු වෙන තැනක් නෙමෙයි.. නිකං අඩෝ පඩෝ ගාල එක එකා මරාගන්න තැනක් විතරයි...
පාර්ලිමේන්තුවේදී මොකක් හරි ප්‍රශ්නයක් අහපුවහම වෙන මොනවදෝ කියවල කියවල වාඩිවෙනවා ප්‍රශ්නෙට උත්තර නොදී...
ලංකාවේ දේශපාලනය ප්‍රසිද්ධ දේශපාලනයෙන් බුද්ධිමත් දේශපාලනයට මාරු නොවෙන තාක් කල් අපි දකින මේ දේශපාලන වපසරිය කවම කවදාවත් වෙනස් කරන්න නං වෙන්නේ නෑ...
ඒක සහමුලින්ම ජනතාව සතුයි...
සහතික ඇත්ත මචන්, ලංකාවේ දේශපාලන තුල අද බුද්දිමතුන් කියන පිරිසක් නැත්තේම නැති තරමට ඇවිල්ල, වැඩිපුර ඉන්නේ හොරු තක්කඩි වංචාකාරයෝ. ලංකාවේ දේශපාලන ඉතිහාසය අරන් බැලුවම. 1977 ට පෙර සහ ඊට පසු යුග දෙකක තියනවා කියලයි මගෙනම් හැඟීම. 77ට පෙර ජනතාවට වගකියන බුද්දීමතුන්ගෙන් පිරි, තමුන්ගේ මඩිය තරකර ගැනීමේ පරමාර්ථයෙන් තොර සබැ ලෙස ජනතාවට සේවය කිරීමේ අරමුණෙන් දේශපාලනය කර පිරිසක් හිටිය. 77න් පසු ඔය තත්වය කෙමින් වෙනස් වෙලා හොරු තක්කඩින් ගෙන් පිරි මඩිය තරකරගැනීමේ අබිලාශයෙන් යුතු මීහරක් ඉන්න තැනකට අද දේශපාලනය ඇවිත් තිබෙනවා.
ඇත්තටම මගේ මතය නම් රටේ බුද්දිමතුන් එකතු වෙලා නව දේශපාලන ගමන් මගක් ඇති කරන්න ඕනේ. හැබැයි ඉතින් ඕක කියන තරම් ලේසි නැහැ. අද පවතින මඩ ගොහොරු දේශපාලනයේ බුද්දීමතුන්ට තිබෙන්නේ ඉතාමත් සීමිත ඉඩක්. එක ඇත්තෙම නෑ කිව්වොත් නිවැරදියි මම හිතන්නේ. නමුත් කවද හරි එහෙම වෙනතුරු. මේ රටේ දේශපාලනයට බුදිදිමතුන් එනතුරු මේ පවතින ක්‍රමය හරිගස්සන්න අමාරුයි.
ඇත්තටම ඔය පාර්ලිමේන්තුවට යන්න අඩුම සාමාන්‍ය පෙළවත් සමත් වෙන්න ඕනේ කියල නීතියක්වත් දැම්මනම් හොඳයි. ඒහෙම උනානම් ඔකේ ඉන්න බාගෙටත් වැඩිය එලියට දන්නා වෙයි මම හිතන්නේ.

..මේ ආන්ඩුව රටේ අනාගත දේශපාලන දැක්ම කිසිම අනුකම්පාවක් නැතිව නොමග යවනවා....


..අගමැති පාර්ලිමේන්තු එනවා..ජනා එන්නේ නෑ...අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න අහන්න පුලුවන්..ජනාගෙන් ප්‍රශ්න අහන්න බෑ.ඔය දෙක සම්පූර්නයෙන්ම වෙනස් දෙකක්..