ජොතිපාල සහ නුවර නාට්ටාමි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    z_p29-30th-Death.jpg

    මේ දවස් වල ඔලුවට මොකක් හරි ආපු ගමන් ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනවා
    මේක දාන්න හිතුනේ ජොති ගැන එළකිරි එකේ ත්‍රෙඩ් එකක් යනවා දැකලා

    මම සාමන්‍යන් සමාජය හැම ස්ථරයකම මිනිස්සු එක්ක කතා බහ කරන්න කැමති,සමාජයේ පහත් ‍රැකියා කරනවා කියලා කියන මිනිස්සු එක්ක කතා කලාම එ අයගෙන් සමහර වෙලාවට ගොඩක් හොඳ අදහස් ගන්න පුලුවන්... (කිසිම ‍රැකියාවක් පහත් නැත)

    දවසක් මට නුවර පැත්තෙ නාට්ටාමි වැඩේ කරන මනුස්සයෙක් හම්බවුනා,මේ මනුස්සයා මට පරණ රේකොර්ඩ්ස් වගයක් නිකන් දුන්නා,කොහේ හරි තැනකින් අයින් කරපු එවා වෙන්න ඇති...මම සල්ලි දෙන්න හදනකොට එපා කිව්වා,මෙන්න මෙහෙමයි කිව්වෙ "බොස් සල්ලි එපා බොස්,සල්ලි වෙනුවට ජොති අයියාගේ CD එකක් ගෙනත් දෙන්න" මම මිනිහගෙන් ඈහැව්වා මොකද ඔච්චර ජොතිට ආසා කියල,ජොති තමයි බොස් මගේ ගායකයා,Best Singer කියල කිව්ව මතකයි,80 කියදෙ මන්ද මිනිහා ජොති එක්ක කතා කලාලු ප්‍රසංගයකදි,එ මනුස්සයට ජොති බොහොම ආදරයන් කතා කරපු කතාවක් කිව්වෙ..

    මම ඇත්තටම ජොතිගේ ලොකු රසිකයෙන් නෙමෙයි,නමුත් නැති වෙලා අවුරුදු තිස් ගානක් ගිහිනුත් ජොති මිනිස්සුන්ගේ හිත් වල ඉන්නවා,මම හිතන්නෙ මේකට එක හෙතුවක් තමයි ජොතිට අවංකවම මිනිස්සු ගැන හැඟිමක් තිබ්බ එක,හදවතින්ම රසිකයන්ට ඇලුම් කරපු එක...ජොතිගේ එ ප්‍රසිද්ධිය තවම කිසිම ගයකයෙකුට ලංකාවේ ගන්න බැරි උනා,ජොතිට ටිකක් හරි කිට්‍ටුවෙන් ඉන්නෙ මිල්ටන් පමණයි..

    අපිටත් මෙකෙන් ගන්න ලොකු පාඩම් තියනවා,අන්න එක කියන්නයි මම ත්‍රෙඩ් එක දැම්මෙ,මෙකෙන් යමක් හිතට ගත්තා නම් මට සතු‍ටුයි...

    මිනිස්සුන්ට හදවතින් ආදරය කරමු !
     
    Last edited:

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    e kaale godak sindu kiyana un jothiwa nikan godaya gaanta dalalu neh tibbe. unta irisiya ati minissu kamathi hinda.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    e kaale godak sindu kiyana un jothiwa nikan godaya gaanta dalalu neh tibbe. unta irisiya ati minissu kamathi hinda.
    ඔව් පිචං ගායකයා කියල නේ කියල තියෙන්නෙ,එකට හෙතුව ජොති හිටියේ පොඩි මිනිහත් එක්ක,නිකනුත් ගිහින් සිංදු කිව්වා...එක ඇල්ලුවේ නැ එලයිට් ක්ලාස් එකට,නමුත් එහෙම කියපු අයත් හොරෙන් සමහර ජොතිගේ සිංදු කියනවලු :-D
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    නියමයි මචන් උඹේ පෝස්ට්. :love:

    මාත් ජෝතිගේ සින්දු වල ලොකු රසිකයෙක් නෙවෙයි. ඒකට හේතුව ජෝතිගේ වැරද්දක් නෙවෙයි මොකද මිනිහා ඒ දවස්වල සින්දු කිව්වේ වාණිජ සිනමාවට තමයි වැඩිපුරම. ඉතින් හින්දි තනුවකට දාපු වචන ටිකක්. (ජෝතිට ලැබුණු අවස්තාව තමයි ඒ). මට ගොඩක් වෙලාවට සින්දු වදින්නේ තේරුමත් එක්ක. ඒත් බලපන් ඌ ඒ සින්දු වලට දෙන ගැම්ම, රසය. රූකාන්ත වගේ සුපිරි ඩයල් එකක් කියන්න ට්‍රයි කලොත් මිසක් ලේසියෙන් ඒ වගේ කියන්න බැහැ. රූකාන්තගේ වුනත් voice එක ජෝතිගේ වගේ පිරිලා එන්නේ නැහැනේ.
    මම උගේ ගොඩක් සිංදුවල රසිකයෙක් නොවුනත්, මම ගායකයෝ රෑන්ක් කලොත් මම ජෝති දාන්නේ අමරදේව ලෙවෙල් එකටමයි. Style වෙනස්, audience වෙනස්, හැකියාව වෙනස්. ඒ වුනාට දෙන්නම සුපිරි. අනිත් කෙනා මිල්ටන් මල්ලවාරච්චි.

    86දී ජෝති ගම් උදාවේ සින්දු කියන්න ආව ගමේ ඉස්කෝලෙට. මට අවුරුදු 4යි, ඒ වුනාට හීනෙන් වගේ පොඩි මතකයක් තියෙනවා..

    මචන්, උඹ මිල්ටන් කිව්වේ මල්ලවාරච්චිද? පෙරේරාද?

    මොකද මල්ලවාරච්චි කොහොමත් සුපිරි කියල අපි දන්නවනේ.

    ඒ වුනාට මම දවසක් කතා කළා මගේ යාලුවෙක්ගෙ මාමා කෙනෙක් එක්ක ඉස්සර. මිනිහා කිව්වේ මුල් දවස්වල ජෝතිට වැඩිය මිනිස්සු මැරෙන්න හැදුවේ මිල්ටන් පෙරේරට කියල. කොළඹ සංගීත වලදී මිල්ටන් stage එකට එද්දී මිනිස්සු කෑ ගහන්නේ පිස්සෝ වගේලු.. :-D:-D
     
    අන්න මචං හරියටම හරි,මම කිව්වේ මචං මිල්ටන් මල්ලවආරච්ච් ගැන,නමුත් ග්‍රවුන්ඩ් රුට් එකේ මිල්ටන් පෙරේරා ටත් ලොකු ඉල්ලුමක් තිබුනා,මිල්ටන් පෙරේරා කියන්නෙ බොහොම අහිංසක චරිතයක් කියලයි කියන්නෙ,මිල්ටන් පෙරේරාගේ තාත්තා තබ්ලා පොඩි අප්පුහාමි කියලයි ප්‍රසිද්ධ,තාත්තත් මිනිස්සු එක්ක බොහොම ලේන්ගතුව හිටපු කෙනෙක් එ පුරුද්ද පුතාටත් ගියා...
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එකනේ අවසාන දවසේ H R කියන එක හදවත රත්තරන් කියල කිවුවේ. තමන්ගේ අතේ තියන සල්ලි ටික හරි දීල ගිය කෙනෙක් එහෙම කතන්දර තියනවා ජෝතිපාල ගැන කියපු අය දාල.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    නියමයි මචන් උඹේ පෝස්ට්. :love:

    මාත් ජෝතිගේ සින්දු වල ලොකු රසිකයෙක් නෙවෙයි. ඒකට හේතුව ජෝතිගේ වැරද්දක් නෙවෙයි මොකද මිනිහා ඒ දවස්වල සින්දු කිව්වේ වාණිජ සිනමාවට තමයි වැඩිපුරම. ඉතින් හින්දි තනුවකට දාපු වචන ටිකක්. (ජෝතිට ලැබුණු අවස්තාව තමයි ඒ). මට ගොඩක් වෙලාවට සින්දු වදින්නේ තේරුමත් එක්ක. ඒත් බලපන් ඌ ඒ සින්දු වලට දෙන ගැම්ම, රසය. රූකාන්ත වගේ සුපිරි ඩයල් එකක් කියන්න ට්‍රයි කලොත් මිසක් ලේසියෙන් ඒ වගේ කියන්න බැහැ. රූකාන්තගේ වුනත් voice එක ජෝතිගේ වගේ පිරිලා එන්නේ නැහැනේ.
    මම උගේ ගොඩක් සිංදුවල රසිකයෙක් නොවුනත්, මම ගායකයෝ රෑන්ක් කලොත් මම ජෝති දාන්නේ අමරදේව ලෙවෙල් එකටමයි. Style වෙනස්, audience වෙනස්, හැකියාව වෙනස්. ඒ වුනාට දෙන්නම සුපිරි. අනිත් කෙනා මිල්ටන් මල්ලවාරච්චි.

    86දී ජෝති ගම් උදාවේ සින්දු කියන්න ආව ගමේ ඉස්කෝලෙට. මට අවුරුදු 4යි, ඒ වුනාට හීනෙන් වගේ පොඩි මතකයක් තියෙනවා..

    මචන්, උඹ මිල්ටන් කිව්වේ මල්ලවාරච්චිද? පෙරේරාද?

    මොකද මල්ලවාරච්චි කොහොමත් සුපිරි කියල අපි දන්නවනේ.

    ඒ වුනාට මම දවසක් කතා කළා මගේ යාලුවෙක්ගෙ මාමා කෙනෙක් එක්ක ඉස්සර. මිනිහා කිව්වේ මුල් දවස්වල ජෝතිට වැඩිය මිනිස්සු මැරෙන්න හැදුවේ මිල්ටන් පෙරේරට කියල. කොළඹ සංගීත වලදී මිල්ටන් stage එකට එද්දී මිනිස්සු කෑ ගහන්නේ පිස්සෝ වගේලු.. :-D:-D
    ගීතයේ තේරුම කියද්දී මට මතක් වුනේ
    විශාරද ගුණදාස කපුගේ මහතා ගැයූ ප්‍රථම ගීතය ගැන රචකයා කියපු කතාව.. සමහර වෙලාවට රසිකයින්ට පිස්සු කියන්නේ මේක නිසා වෙන්න ඇති.

    දෑස නිලුපුල් තෙමා
    කඳුළු මුතු වැල් සලා
    දෙතොල සුසුමින් පුරා
    ඉකිබිද හඬනු මල් මාලියේ...

    නිහඬ හදවත් පොතේ ලියැවුණු
    සොඳුරු ගී වැල් නැතේ මා තැනු
    ඔබේ කඳුලැලි මා සිතේ
    නිබඳ පදවැල් ඇඳේ....

    පබළු මිණි මුතු නැතේ මා සතු
    කඳුළු මුතු ඇත ඔබේ මා පැතු
    තුසර පිණි ලෙස මල් මතේ
    කඳුළු කොපුලේ රැඳේ......

    විශාරද ගුණදාස කපුගේ මහතා ගැයූ ප්‍රථම ගීතය වන මේ ගීතය රචනා කල ප්‍රියානන්ද විජේසුන්දර මහතා මතකය ආවර්ජනය කරන්නේ මෙහෙමයි.

    "විශාරද ගුණදාස කපුගේ මට හමුවන්නේ සංගීත ක්‍ෂෙතයේ කොයි කවුරුන් උනත් කපුගේ හඳුනාගන්නට කළිනුයි. ඉන්දියාවේ සංගීත අධ්‍යාපනය අවසන් කොට ලංකාවට පැමිණෙන කපුගේ, විශාරද වින්සන්ට් සෝමපාල මහතාගේ කැස්බෑවේ ගයත්‍රි කලායතනයේ සිසු සිසුවියන්ට සංගීත අධ්‍යාපනය ලබා දුන්න. වින්සන්ට් සෝමපාල මහතාගේ නිවසේදී මට හමුවන කපුගේ හා මගේ ඇසුර තවත් වැඩිවන්නේ කපුගේ ගේ බාල සොහොයුරාද මාගේ මිතුරෙකු වීම නිසා.

    ගුවන් විදුලියේ හඬ පාලකවරයෙකු ලෙස රැකියාව ලබා ගන්නා කපුගේ සෑම සෙනසුරාදා ඉරිදා දිනකම කැස්බෑවේ ගයාත්‍රි කලායතනයට පැමිණෙනවා. මේ සෑම දිනකම කපුගේ මම හමුවෙනවා. මේ වන විට ගීත දෙකක් හෝ තුනක් ලියා ඇති මට අංකුර ගීත රචකයෙක් විදිහට වරින් වර ගුවන් විදුලියට යාමටත් මට සිදු වෙනවා. එක් ‌දිනක් විශේෂයි. ගුවන් විදුලියට ඇතුළුවී කොරිඩෝව දිගේ ආපන ශාලාව වෙත ගමන් ගන්නා මට දහවන පටිගත කිරීමේ මැදිරියේ (Studio - 10) සිට පිටතට පැමිණෙන කපුගේ මුණ ගැසෙනවා.

    "මචං දෙයියෝ දැක්කා වගේ"
    එහෙම කිව්වේ කපුගේ.
    "ඇයි ..?"
    "මචං හැන්දෑවට මට සිංදුවක් tape කරන්න තියනවා. සනත් අයියට කියලා තනුවක් දාගත්ත."
    "අදම ඕනේ ද?"
    "ඔව් දෙකට Recording "
    "හරි එහෙනම් කැන්ටින් එකට ගිහින් ප්ලේන්ටි දෙකක් බීලා සිගරට් දෙකක් ඇදල එමු."
    අපි දෙන්නම ගුවන් විදුලියේ ආපන ශාලාවට ගිහින් studio 10 එකටආවා.
    කපුගේ පියානෝව ළඟ වාඩිවෙලා ගීතය "ලා ල ලා ලා ල ලා" ආදී වශයෙන් ගයමින් පියානෝව වාදනය කළා.
    මම කලේ මුල් වාදනයේදී ගීතයේ තනුව හිතට ගත්ත එක.
    "ගුණේ තව සැරයක් ගහලා පෙන්වන්න."
    මම ඉල්ලීමක් කළා. කපුගේ යළිත් වරක් මුල සිට අගට ගීතය වාදනය කළා. වචන වලින් තොරව.
    මේ වන විට ගීතය පටිගත කරන්නට ගුනේට අවස්ථාව ලබා දුන් නිෂ්පාදක පී.ඩි. ස්ටීවන් මහතාත් වාදන මණ්ඩලයත් studio එකට ආවා.
    "කපුගේ සිංදුව හරිද?"
    එහෙම ඇහුවේ ස්ටීවන් අයියා.
    "තව ටිකයි"
    කපුගේ එහෙම උත්තර දුන්නත් ගීතයේ වචන තවම ලියලා නෑ.
    "මචං උඹ ලියපං "
    එහෙම කියපු කපුගේ ස්වර ප්‍රස්ථාර කොල ටික වාදක මණ්ඩලයට බෙදා දෙන්නට ගියා.

    ගුවන් විදුලියේ 10 වන පටිගත කිරීමේ මැදිරියේ පියානෝව උඩ තියාගෙන මම ගීතය ලියා අවසන් කළා. ගීතය පටිගත කළා. විශාරද ගුණදාස කපුගේ නම් වූ ගායන ශිල්පියාගේ මුල්ම ගීතය බිහිවුනේ එහෙමයි. බොහෝ දෙනෙකු අහනවා මේ ගීතය ලියන්නට හේතුවුණු අත්දැකීම මොකක්ද කියලා ඇත්තමයි එහෙම අත්දැකීමක් මේ ගීතයට නෑ. කලාකරුවෙකු වහලෙන් වැටෙන වැහි බිංදු දකින්නෙත්, ඇසක කඳුළු දකින්නෙත් කොටින්ම කිව්වොත් මුළු ලෝකයම දකින්නෙත් අනිත් සාමාන්‍ය කෙනෙකු දකින විදිහට නෙමෙයි. ඔන්න ඕකයි මේ ගීතයේ අත්දැකීම."

    source - https://madhawawijesekara89.wixsite.com/mysite/single-post/2017/06/26/ද-ස-න-ල-ප-ල-ත-ම
    රසිකයාට පිස්සු

    ලුෂන් බුලත්සිංහල රචකයත් ඕකට ලගින් යන කතාවක් කියනවා මරණ තුනක් ඇති මිනිසා ගීතයේ රසිකයෝ වෙන වෙන අර්ථ දෙන්න ගියහම
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කතාව හරි මචන්.. මම නම් ඕනම එකෙක් අසාරේ කරනවා. මමත් එක්ක කිසි එකෙක් අව්ල් නැ. ඔය සමහර උන් ඉන්නවා කව්රුවත් කැමති නැති උන්. මම ඒ වගේ උන් හොදට අසාරේ කරනවා.. මට ඉන්නව හැම ජාතියකම යාලුවෝ, කුඩ්ඩො, ගංජා කාරයෝ, පොලිස් කාරයෝ, නීතිඥයෝ, හාමුදුරුවෝ මුස්ලිම් උන්, දෙමල උන්, පාතාලේ උන්, මිනිමරුවෝ. මට සෙට් උනොත් කව්රු උණත් අව්ලක් නැ මට පුළුවන් ඕනෑම කෙනෙක් ඉක්මනට යාලු කරගන්න. මට මිනිස්සු එක්ක කතාකරන්න ගොඩක් ලේසියි. ඉක්මනට කතාවට අල්ලගන්න පුළුවන්. .වාසියකට නෙවෙයි එක මචං පුරුද්දක් මිනිස්සු එක්කම ඉඳල. ඕනෑම මනුස්සයෙක්ගේ හොද නරක දෙකම තියනව.. සමහර මිනිසුන්ගේ ඒ නරක පැත්ත නිසා අසාරේ කරන්නේ නැ. එත් ඊට වැඩ ඒ මිනිහගේ හොද පැත්තක් තියනව, හරියට අසාරේ කරාම අපිට ඒ මිනිහගේ නරක කවදාවත් බලපාන්නේ නැ, අපි කැරි වැඩක් නොකරොත් අපිට කැරි වැඩක් කරන්නේ නැ ලේසියෙන්.. කවදාවත් කෙනෙක්ගේ හිට රිදවන්න එපා..
    හැම කෙනේක්ගෙන්ම අපිට තියනව මචන් ගොඩක් දේවල් ඉගෙන ගන්න..
     
    • Love
    Reactions: 001flyD