ජොන්තුමා මට කරුණාකරලා කියන්ඩ පුලුවන්ද අර පිටසක්වලයින් හඳුනාගන්ඩ පුලුවන් සී.අයි.ඒ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්ඩ පුලුවන් තැනක්? ලොකු උදව්වයි කිව්වොත්.
මට අපේ ගෙවල් ලඟම ගෙදරක ඇන්ටියි අන්කල් කාරයයි පිටසක්වල ජීවීන්ද කියලා සැකයක් තියෙනවා. ඒක චෙක් කරගන්ඩ තමයි සොෆ්ට්ව්යාර් එක ඕනෑ.
මගේ සැකයට හේතු;
එයාලගෙ දුව ගෙදරින් එලියේ වත්තේ ඉන්න ඕනෑම වෙලාවක මම ඒ කෙල්ල දිහා අපේ ගේ ඇතුලේ ඉඳන් හරි බලාගෙන හිඔටියොත් මුන් දෙන්නගෙන් එකෙකෙනෙක් "නිරාෂා ගෙට එන්ඩා!" කියල කොහොම හරි කෙල්ලව ගෙට ගන්නවා.
බලන්ඩ ජොන්තුමා, මම ගේ ඇතුලේ ඉඳන් කෙල්ල දිහා බලන් ඉන්න බව උන්දෙන්නා දන්නේ කොහොමද? ඒකයි මට සැක ඇන්ටියයි අන්කලයයි පිටසක්වල ජීවීන් කියලා.
ඒවගේම කෙල්ල එලියේ ඉන්න වෙලාවක මම එලියට ආවොත්, එක්කෝ ඇන්ටි කාරයා ඉදල අරගෙන එලියට ඇවිල්ලා මට ගහන්ඩ වගේ ගස්ස ගස්ස හරි හයියෙන් අතුගානවා, නැත්නම් අන්කල් කාරයා උදැල්ල, අලවංගුව වගේ මොට ආයුධයක් අරගෙන එලියට ඇවිල්ලා මා දිහා නපුරු බැල්මක් හෙලලා වලක් හාරන්ඩ ගන්නවා හරියට "තෝව මේකෙ වලලනවා කියන්නා වගේ.."
මට හිතින්නේ ඉදල, උදැල්ල, අලවංගුව වගේ පෙනුනට ඒවා අධිතාක්ශණික පිටසක්වල ලේසර් ආයුධ. මාව දවා හලුකරන්නට ඒවාට හැකිබව මට ඉවෙන් වගේ දැනෙනවා.
ඒනිසා ජොන්තුමා මට ඒ සොෆ්ට්ව්ව්යාර් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක එවන්ඩ ප්ලීස්. හුඟ දවසකින් නිරාෂාට හායි කියන්ඩවත් හම්බුනේ නෑ.
සොෆ්ට්වෙයාර් එක යූස් කරලා මට ඇන්ටියයි අන්කලයයි පිටසක්වලයින් කියලා තහවුරු කරගන්ඩ පුලුවන් වුනොත් මට සී.අයි.ඒ එකට කෝල් කරලා උන්දෙන්නව ඇරෙස්ට් කරගෙන ඇමරිකාවට ගෙනියන්ඩ සෙට්කරගන්ඩ පුලුවන්.
එහෙම කරගත්තොත් අම්මා තාත්තා නැතුව අසරණ වන නිරාෂාව දරුකමට හදාගන්ඩයි මගේ පැතුම.
Help please Jonthuma....