අද ජොබ් එකක් සෙට් උනා. ඒකයි දවල් දවසේ එළකිරි එන්න බැරි උනේ. මේසන් බාස් කෙනෙක් ළඟ අත්වැඩ දෙන්න. මේසන් බාස් කිවුවට ලොකු කොන්ත්රාත් ගන්න කොම්පැනියක. ඒ කොම්පැනියේ වැඩ කරන මේසන් බාස් කෙනෙක් තමයි ජොබ අල්ලලා දුන්නේ. වැඩ එමටයි. වැලි හලන්න, සෙමෙන්ති අනන්න, ගඩොල් පටවන්න . අතේ කරගැටත් ඇවිල්ලා.
උදේට කෑමට රතු හාලේ බත් දෙනවා . දවල්ටත් බත්. රැට බත් . හවසට ගල් අරක්කු කාලක් වගේ දෙනවා. බිඩි බුලත් විට ලැබෙනවා. එයට අමතරව තේ හම්බ වෙනවා. දවසට Rs 1500 ලැබෙනවා. තව ගෝලයෝ ඕනෙලු. ජොබ් නැතුව ඉන්න උන් ඕනෙනම් කියපල්ලා. සෙට් කරන්නම්.
අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාලිගා තැනුවට
අපි පොළොවේ සිටින්නේ
ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ
සිමෙන්ති කඳුලින් දියකර
සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඩන්නේ
http://lyricslk.com/lyrics/gunadasa-kapuge/1199-ahasa-usata-naga-giyaata.html#sthash.765zlPNZ.dpuf
Last edited:

good. thamange mahansiyen wadak karanna katawath athapanne nathiwa




එත් හිතේ ශක්තිය තියනවා... 