කොල්ලනේ ගොඩක් ෆෝමල් අඳින්න ඕන ජොබ් එකක් කරන කෙනෙක්ට buzzcut වගේ hairstyle එකක් හරියනවද? මගේ දැන් කොන්ඩෙ ටිකක් දිගයි. මට මේක එක එක Products යූස් කර කර ස්ටයිල් කරල එපා වෙලා. විනාඩ 5ක් 10ක් කොන්ඩෙ හදන්න ඕන. මළ වදේ. මම බැලුවේ buzzcut කපන්න. ඒත් මගේ ජීවිතේටම එච්චර කොටට කොන්ඩෙ කපල නෑ ස්කෝලෙ කාල වත්.
මේ වගේ කට් එකක් ගලපෙන්නේ නැතිවෙයිද? විශේෂයෙන් ෆෝමල් අදින්න ඕන ජොබකට? මම අහන්නේ කැපුවට පස්සේ ඕක වැවෙන්න ගොඩක් කල් යන නිසා.