සමාජ මාධ්‍යය ජාලා හරහා රැකියා සෙවීමේ ප්‍රවණතාවයක්!
සමාජ මාධ්‍යය ජාලා භාවිතය දැනට ලෝකයේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.අද වන විට ශ්‍රී ලන්කාවේද විව්ධ වූ සමාජ ජාලා භාවිතා නොකරන අයකු නැති තරම්ය. ඩිජිටල් ලෝකය සමග නිරන්තරයෙන් සම්බන්ධ වන තරුණ පරම්පරාව, අද වන විට අන්තර්ජාලය භාවිතා කරමින් රැකියාවන් පවා සොයා ගැනීමට පෙලඹී තිබේ.
අන්තර්ජාලය හරහා රැකියා සෙවීම තවදුරත් පහසු කර ගැනීම සදහා,DreamJobs.lk වැනි වෙබ් අඩව් මේ වන විට ශ්‍රී ලන්කාව තුල හදුන්වා දී ඇත.ඔවුන්ගේ සිහින රැකියාව ඔවුන් බලාපොරොත්තුවනවාටත් වඩා ඉක්මනින් සොයා ගැනීමට මෙමගින් ඉඩ සැලසේ.
DreamJobs.lk වැනි වෙබ් අඩවීන් වල ලියාපදින්චි වූ රැකියා අපේක්ෂකයින් හට ආයතන වල දැනට විවෘතව පවතින පුරප්පාඩුන් දැන ගැනීමට හැකියාව ලැබෙන අතර ඔවුනට අවශ්‍ය රැකියාවන් සදහා ක්ෂනිකව අයදුම් කිරීමේ මහඟු අවස්ථාව උදා වනු ඇත.
මෙවැනි වෙබ් අඩවි තුලින්,Facebook,twitter වැනි සමාජයේ වඩාත් ප්‍රචලිත වූ සමාජ ජාලා හරහාද ,දැනට පවතින විවිධ පුරප්පාඩු පිලිබඳ රැකියා අපේක්ෂකයින්ව කඩිනමින් දැනුවත් කරනු ලැබේ. මෙවන් වූ සමාජ ජාලා වෙබ් අඩවීන් හට අද සමාජයේ පවතින රැකියා ප්‍රශ්ණයට ඉක්මන් විසදුම් දීමට හැකිවී තිබෙන්නේ, ඔවුන්ට වෘත්තීමය සේවා යෝජකයන් සමඟ තිබෙන්නාවූ මනා සහයෝගිතාව සහ සන්නිවේදනය හේතුවෙනි. තවද, සමාජ මාධ්‍යය ජාලා නිසි අයුරින් භාවිතා කිරීම තුල මහත් වූ ප්රතිලාභ රැසක් රැකියා අපේක්ෂකයින් හට ලබා ගැනීමට හැකි වනු ඇත.