ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    බම්ප්,
    පුළුවන් පලවෙනි පිටුවෙම පොස්ට් වල ලින්ක් ටික දාන්න
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    43
    Microsoft
    රාහුලයා මළා......මළා......(තොටගමුවේ ශ්‍රී රාහුල හිමි 3)

    විදාගම හිමියන් විජයබා පිරිවෙනේ ගෝලයන්ට ශාස්ත්‍ර ඉගැන්වීමට යාමට පෙර දිනපතා උදෑසන සිදු කල කාර්යයක් විය.තම අල්මාරියේ කුඩා කුප්පියක දැමූ සුවිශේෂී තෙල් වර්ගයකින් ඉතා කුඩා ප්‍රමානයක් දිව ගා ගැනීම උන් වහන්සේගේ දෛනික පුරුද්දක් විය.
    කුඩා කුප්පියේ ඇත්තේ ධාරණ ශක්තිය වර්ධනය කරන "මහා සරස්වතී තෛලය" බව වටහා ගත් සාමනේර රාහුල හිමියන් ගුරු හිමියන් සරස්වතී තෙල භාවිතා කරන ආකරය හොර රහසින් බලා සිටියේය.එළු කෙන්දකට තෛලයෙන් බිදක් ගෙන එය කිහිප වරක් ගසා ඉතිරිවන ශේෂය ගුරු හිමියන් දිව ගා ගන්නා බව දුටු රාහුල හිමියන්ට දැක ගත හැකි විය.
    "ගුරු හාමුදුරුවෝ සරස්වතී තෙලෙන් මෙච්චර චුට්ටක් බීලා වැඩ කරන එකේ මේකෙන් උගුරක් බිව්වොත් මට ලොකු බලයක් ලැබේවිනේ."
    මෙලෙස සිතු රාහුල හිමියන් ගුරු හිමියන් පන්සලෙන් බැහැර ගිය වේලාවක් බලා අල්මාරිය හැර සරස්වතී තෙල් කුප්පියෙන් උගුරක් කටට හලා ගත්තේය.
    මාත්‍රාව ඉක්වවීම නිසා තෙලේ බලය නරක අයුරින් බලපෑවේය.රාහුල හිමි සිහිසුන්ව ඇද වැටුනේය.රාහුල හිමි සිහිසුන්ව වැටෙනු දුටු සිර කිරීමකින් තොරව නිදහසේ පන්සල් භූමියේ සැරිසරන ගිරවා දුටුවේය.
    "රාහුලයා මළා..මළා.."
    ගිරවා මොර දුන්නේය.
    ගිරවාගේ හඩ ඇසී රැස්වූ පිරිස රාහුළ හිමි සිහිසුන්ව වැටී සිටින අයුරු දැක විදාගම හිමියන්ට පණිවුඩයක් හැරියහ.වහා පැමිනි විදාගම හිමියන්ට රාහුල හිමි සරස්වතී තෙල පානය කර ඇති බව වැටහිනි.
    සරස්වතී තෛලයේ ම්‍රාතාව වැඩිවූ විට ඇතිවන විෂ තුරන් කිරීමට තන කිරි ඔරුවක ශරීරය තැබිය යුතුය.රාහුල හිමි බේරා ගැනීමට කිරි මව්වරුන් පැමින රාහුල හිමි තබා ඇති බෙහෙත් ඔරුව මව්කිරි වලින් පිරවිය යුතු බව විදාගම හිමි රැස්ව සිටි පිරිසට දැන්වීය.රාහුල හිමිගේ ආයුෂ බලය හා වාසනා බලය නිසාම විවිධ ප්‍රදේශ වලින් කිරි මව්වරු පැමිණ රාහුල හිමි සුවපත්වී එ පිනෙන් අපේ බිළිදු දරුවන්ටත් සෙත් වේවායි පතමින් ඔරුව තන කිරෙන් පිරවූහ.
    තෙල් විෂ දුරුවී රාහුල හිමි සුවපත් විය.එමෙන්ම තෙලේ බලය සිරුරේ තැන්පත් වීම නිසා අසීමිත ධාරණ ශක්තියක්ද මෙම සිද්ධියෙන් පසු රාහුල හිමිට ලැබුනි.

    --------------------- මතු සම්බන්ධයි. ---------------------------
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    43
    Microsoft
    ]ඔන්න තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හා සම්බන්ධ 4 වෙනි කතාව

    9Y7qmQ3.png

    සුර දෝතා -වර මෑතා -ගොම දෝතා -දම ඈතා

    රාහුල හාමුදුරුවො විදාගම මෛත්‍රී හාමුදුරුවන් යටතේ පැවිදි වෙලා තොටගමු විහාරයේ තමයි සාමනේර අවදියේ වැඩි කාලයක් ගත කලේ.රාහුල හාමුදුරුවෝ කවියට උපන් හපනෙක්.වැඩක් පලක් කරත්දිත් කවියෙන්ම තමයි ඒක කරන්නෙත්.

    ඔන්න ඉතින් රාහුල පොඩි හාමුදුරුවෝ දවසක් උදේම අවදි වෙලා මිදුල අතු ගාන්න පටන් ගත්තලු ඔහොම මිදුල අතු ගාගෙන අතු ගාගෙන යනකොට එක පාරටම දැක්කලු පන්සල් මිදුලේ මැදම ගව වසුරු පිඩක් තියෙනවා.හාමුදුරුවන්ට මේක ඉවත් කර ගන්න ඕන වුනත් ගොම ගොඩ අල්ලන්නත් නිකං හිරිකිතයි වගේ දැනුනා.උදැල්ලක් වගේ දෙයක් ලඟ පාතක තිබුනෙත් නෑ.ඉතින් මොකද කරන්නේ ඔහොම ඉන්නකොට රාහුල හාමුදුරුවන්ට මතක් වුනා පන්සලේ අතවැසි කමට හිටිය "සුර දෝතා" කියල කියපු ටිකක් මෝඩ පහේ කොල්ලව.මෙයාට සුර දෝතා කියල නම දාලා තිබුනෙත් නායක හාමුදුරුවෝමයි.මොකද මිනිහ නිතරම අත් දෙක හෝදනවා.අත් වල කුණු රැදෙනවාට සුර දෝතා ටිකක් වත් කැමති නැහැ.වැඩක් පලක් කලාට පස්සෙත් වේලක් අත් දෙක සෝදනවා.
    රාහුල හාමුදුරුවන්ට හිතුනා අද කොහොම හරි මේ ගාම ගොඩ සුර දෝතා ලව්වා අයින් කරල සුර දෝතා පන කඩාගෙන අත් දෙක හෝදන හැටි අනිත් පොඩි හාමුදුරුවොත් එක්කල බලල ටිකක් විනෝද වෙන්න.
    ඉතින් රාහුල හාමුදුරුවෝ කවියෙන්ම සුර දෝතට කතා කරල කිව්වලු
    "සුර දෝතා
    වර මෑතා
    ගොම දෝතා
    දම ඈතා "

    සුර දෝතත් හාමුදුරුවෝ කතා කරන නිසා ලඟට ඇවිත් බැලුවහම ගොම ගොඩ දැකලා වැඩේට අදිමදි කරන විදියට ඇඹරෙන්න ගත්තලු.

    "මොකද සුර දෝතා කල්පනා කරන්නේ.මම කිව්වේ එච්චර අමාරු වැඩක් නෙවෙයිනේ..මෙන්න මේ ගොම ගොඩ මෙතනින් එහාට කලානම් මට මේ මිදුල අතු ගාල ඉවර කරන්න.හාමුදුරු කෙනෙක් ගිහියෙක්ට වැඩක් කියන්නේ ඒ ගිහියට පිනක් කරගන්න අවස්ථාවක් දෙන්න.වැඩේ කලොත් දිව්‍ය ලෝකේ නැත්නම් ඉතින් අපා ගත වෙන්න තරම් ඒක පාප කර්මයක් වෙන්නත් පුළුවන්."
    රාහුල හිමි සුර දෝතව ටිකක් බය කරලා කිව්ඬ.අනේ ඉතින් මොනා කරන්නද ගොම ගොඩ එහාට කරන්න තවත් පරක්කු කරන්න බැරි නිසා සුර දෝතා එයාගො අත් දෙකෙන්ම ගොම ගොඩ එහාට කළා.
    සුර දෝතා එදා හවස් වරුවම කරලා තියෙන්නේ අත් දෙක හෝදන එක :lol::lol::lol:

    --------------------- මතු සම්බන්ධයි. ---------------------------
     
    Last edited:

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    43
    Microsoft
    ඔන්න තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හා සම්බන්ධ 5 වෙනි කතාව

    9Y7qmQ3.png

    මෙන්නෝ....අපේ ලොකු හාමුදුරුවෝ බලල් බෙටි කෑවෝ.

    මේකත් තොටගමු ශ්‍රී රාහුල හිමි සාමනේර අවදියේදී කරපු වැඩක් ගැන කියවෙන කතාවක්.මේ කතාව තියෙන්නේ කුඩා රාහුල හිමිගේ දඟකාර කමද එහෙම නැත්නම් බුද්ධියද කියල එක පාරට කියන්න බැහැ.සමහර විට ඒ දෙකම වෙන්න පුළුවන්.හරි වැල් වටාරම් පැත්තක දාල කතාව කියන්නම්කෝ..

    රාහුල පොඩි හාමුදුරුවෝ තොටගමු විහාරයේ සාමනේර අවධිය ගත කරන කාලෙදි ඔන්න කවුදෝ කෙනෙක් පන්සල් වත්තට පුංචි පූස් පැටියෙක් ගෙනත් දාලා තිබුනා.අපි කවුරුත් දන්නවනේ පොඩි ළමයි පූස් පැටවුන්ට හරි ආදරෙයි කියලා.ඉතින් රාහුල හාමුදුරුවෝමේ පූස් පැටියට කන්න බොන්න දීල හරි ආසාවෙන් හදන්න ගත්තලු.පූස් පැටියත් රාහුල හාමුදුරුවන් තමන්ට දක්වන කරුණාව ගැන තේරිල එයා ලගින්ම ඉන්නවලු.
    රාහුල පොඩි හාමුදුරුවෝ පූස් පැටියට ආදරෙන් සැලකුවාට විදාගම ලොකු හාමුදුරුවෝ මේ බළල් කරදරේට එච්චර කැමති නෑ මොකද පූස් පැටිය හැම තැනම අහු මුළුවල ජරා කරනවා මුළු පන්සලම ගදයි.ඉතින් දවසක් ලොකු හාමුදුරුවන්ට හොදටම කේන්ති ගදහිල්ල රාහුල හාමුදුරුවන්ට කතා කරලා කියනවලු
    "පොඩි නම මේ බලළ් පැටියව වහාම උපාසක මහත්තෙකුට බාර දෙන්ටෝන.බලන්න ඒකා හැම තැනම ජරා කරනවා.මුළු පන්සලම ගදයි.ඔන්න බළල් පැටිය හෙටම කාට හරි දුන්නේ නැත්නම් බළළ් බෙටි පොඩි නමටම කවනවා."
    ලොකු හාමුදුරුවෝ හරිම තදින් එහෙම කිව්වහම රාහුල හාමුදුරුවන්ට හොදටම බය හිතුනා මොකද ලොකු හාමුදුරුවෝ ඒ වගේ දෙයක් කිව්වොත් නොකර ඉන්නෙතා නැති බව රාහුල හාමුදුරුවෝ දන්නවා.ඒත් හුරතල් බළල් පැටියව කාටවත් දෙන්න රාහුල හාමුදුරුවන්ට හිතෙන්නේ නෑ.අන්තිමේ පුංචි කමට රාහුල හාමුදුරුවෝ පොඩි උප්පර වැට්ටියක් දැම්මලු.
    රාහුල හාමුදුරුවෝ හකුරුයි තලයි මිශ්‍ර කරලා ගුලි වගයක් හදා ගත්තා මේ ගුලි දැන් පිටතට පේන්නේ බළල් බෙටි වගේමයි.ඉතින් පහුවදා උදේම රාහුල හාමුදුරුවෝ බලල් බෙටි තිබුනු තැන්වලින් ඒව ඉවතා කරලා අර හකුරු තල් ගුලි ඒ තැන්වල තිබ්බලු බලල් බෙටි වගේ පේන්න.ඉන් පස්සේ ආයිතා ගදහින් ටිකක් නිදා ගත්තලු.
    ලොකු හාමුදුරුවන්ට උදේ පාන්දරම බළල් බෙටි දැකලා හරි කේන්තියිලු.පොඩි නමව ඇහැරෝගෙන බලල් බෙටි ලඟට ගිහින් පෙන්නුවලු
    "මේ බලනවා පොඩි නම අදත් අර බලල් පැටිය බන මඩුවෙත් ජරා කරලා.පොඩි නමට මම එදා කිව්ව නේද කරන්න ඕන දේ."
    ලොකු නම එහෙම කියලා කිව්වේ තමන් කලින් දවසො කිව්ව බලල් පැටිය කාට හරි දෙන්න කියන එක නැවත මතක් කරන්න.ඒත් ලොකු හාමුදුරුවොත් පුදුම කරවල මෙන්න එකපාරටම රාහුල හාමුදුරුවෝ
    "මට තේරෙනවා.නායක හාමුදුරුවනේ.ඔබ වහන්සේ එදා කිව්වේ බලල් බෙටි මට කන්න කියලනේ.මම එහෙනම් බලල් බෙටි කන්නම්"
    මෙන්න මෙහෙම කියලා රාහුල හාමුදුරුවෝ අර බළල් බෙටි වගො තිබුනු හකුරු තල ගුලි සේරම රස කර කර කාගෙන කාගෙන ගියාලු.
    රාහුල හාමුුරුවෝ කරපු වැඩේට ලොකු හාමුදුරුවෝ තක්බීර් වෙලා ගියා.පොඩි හාමුදුරුවන් බලළ් බෙටි කෑවේ තමන් කිව්ඬ හින්ද කියලා විශාල දුකකුත් ලොකු හාමුදුරුවන්ට දැනුනා.පොඩි හාමුදුරුවන්ට තමන් කරපු වැඩේට යටි හිතින් හිනා.
    ඔන්න ඉතින් ඊලඟ දවසේ උදේ පාන්දර ලොකු හාමුදුරුවෝ බන මඩුවට උදේම යනකොට බලල් බෙටි එදත් තියෙනවලු දිලිසි දිලිසි.කලින් දවසේ පොඩි හාමුදුරුවෝ බලල් බෙටි රස කර කර කාපු එක ගැන ලොකු හාමුදුරඑවන්ට හරි පුදුමයිලු බළල් බෙටි වල අමුතු රසයක් තිබේදැයිබලන්න නායක හාමුදුරුවන්ටත් හිතිල හෙමින් සීරුවේ බලල් බෙට්ටක් අතින් අරගෙන ටිකක් කඩලා අරගෙන දිවේ තියලා බැලුවළු.
    නායක හාමුදුරුවෝ දන්නේ නැති වුනාට රාහුල පොඩි හාමුදුරුවෝ පැත්තක හැංගිලා බලන් හිටියො ලොකු හාමුදුරුවෝ බළල් බෙටද කන හැටි.ඉතින් පොඩි හාමුදුරුවොත් මහ හයියෙන් කෑ ගහලා කිව්වළු
    "මෙන්නෝ....අපේ ලොකු හාමුදුරුවෝ බලල් බෙටි කෑවෝ.."
    කියලා රාහුල හාමුදුරුවන්ගේ සද්දෙට පන්සලේ හිටපු හැමෝම එතනට දුවගෙන ආවලු.එතකොටත් නායක හාමුදුරුවන්ගේ අතේ බලල් බෙට්ට තියෙනවළු.ඉතින් ඊට එහා වෙච්ච දේ හිතා ගන්න පුළුවන්නේ.

    -------------- මතු සම්බන්ධයි --------------------
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අර කෙහෙල් ඇවරියෙයි මීකිරි හට්ටියෙයි කතාවයි, ඉන්දියාවෙ ඉදන් ආඩි ගුරෙක් ගෙනාපු පුස්කොල පොතේ කතාවයි,වීදාගම හාමුදුරුවොගෙ කතා සෙට් එකත් දාපන්.තව රාහුල හාමුදුරුවො අපවත් වෙච්චි හැටිත් දාපන්.
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    43
    Microsoft
    අර කෙහෙල් ඇවරියෙයි මීකිරි හට්ටියෙයි කතාවයි, ඉන්දියාවෙ ඉදන් ආඩි ගුරෙක් ගෙනාපු පුස්කොල පොතේ කතාවයි,වීදාගම හාමුදුරුවොගෙ කතා සෙට් එකත් දාපන්.තව රාහුල හාමුදුරුවො අපවත් වෙච්චි හැටිත් දාපන්.

    අඩෝ රකුස් මගේ ගාව කෙහෙල් ඇවරියෙ සීන් එකයි කිරි හට්ටියේ එකයි නෑ බන් උඹ ගාව තියනවනම් දාපන්කො...​
    9Y7qmQ3.png