ජෝතිෂ්‍ය-ගොබෙල්ස්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ජෝතිෂ්‍ය-ගොබෙල්ස්

ඔබේ සියලු ජෝතිෂ්‍ය කටයුතු ගොබෙල්ස් න්‍යායෙන්!

ASTROLOGY_MAN.jpg

අනාවැකි! වසර සිය දහස් ගනනකට පෙර සිට පැවත එන ශාස්ත්‍රයන් සමූහයකි. සිදුහත් කුමරුන්ගේ, ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදුනු කාලයේ පටන්ද සමහර විටෙක ඊටත් පෙර කාලයේ සිදුවීයැයි විශ්වාස කරන ජාතක කතාවලද අප්‍රමාණව අනාවැකි දක්නට ලැබේ. මේවායෙන් සමහරක් නිසා සිදුවූවායයි කියන විනාශයද අතිමහත්ය. උදාහරණ ලෙස ජේසුස් වහන්සේ මැරීමේ අදහසින් බිලිදුන් ඝාතනය, පණ්ඩුකාභය කුමරු මැරීමේ අදහසින් රටේ සිටි දරුවන් මැරීම ආදී සිද්ධීන් විශාල ප්‍රමාණයකට මෙම ශාස්ත්‍ර අනියමින් වගකිව යුතුය.

තමාට විස්තර කල නොහැකි, අද්භූත- එමෙන්ම නවීන විද්‍යාවෙන් තහවුරු කරගත නොහැකි- සංසිද්ධින් සදහා හේතු සාධක සෙවීමේ කුහුලක් ස්වභාවයෙන්ම මිණිසාට ඇත. මෙම ශාස්ත්‍ර බිහිවූයේ එම හිස්තැන පිරිවීම සදහා විය හැකිය. අත්ලේ රේඛා පරීක්ෂා කිරීම, දේහ ලක්ෂණ පරීක්ෂා කිරීම,.... ආදී වශයෙන් කියනු ලබන ශාස්ත්‍ර අතුරින් වත්මනෙහි වඩා ජනප්‍රිය වන්නේ ග්‍රහ ලෝකවල පිහිටීම/බලපෑම මුල්කරගෙන පවතින ජෝතිෂ්‍යයයි. 100%ක් විද්‍යාත්මකව තහවුරු කල නොහැකි වුවද අනෙකුත් ක්‍රම හා සැසදීමේදී ජෝතිෂ්‍යය, තර්කානුකූලව ගොඩනැගී ඇති "ශාස්ත්‍රයක්" බව කිව යුතුමය. උදාහරණයක් ලෙස යමෙකුගේ අත්ලේ රේඛා, දෙදෙනෙකු විසින් වෙනවෙනම පරීක්ෂා කලහොත් ලැබෙන අපගමනයන්, දෙදෙනෙකු විසින් සාදන කේන්දර පිටපත් දෙකක වෙනසට වඩා ඉතා විශාල බව අත්දැකීමෙන් අපට කිවහැකිය. මූලික වශයෙන් ජෝතිෂ්‍යයේ පදනම එසේ වුවද යම් අයෙකු සම්බන්ධව ප්‍රකාශ කරන "අනාවැකි" නිවැරදි නොවේ. එක්දහස් නවසිය හැත්තෑ ගනන්වල කොවූර් ප්‍රමුඛ හේතුවාදීන් ඉදිරිපත්කල අභියෝගයන් පිලිගැනීමට අද දක්වාම ජෝතිෂ වේදීන්ට නොහැකිවී ඇත්තේ තම මතය තමන්ට හෝ විශ්වාස නැති නිසාදැයි සිතේ. ‍

කෙසේ වුවද මා ලිපියෙන් අවධාරණය කිරීමට උත්සාහ දරණ කාරණය මින් මදක් බැහැර වූවකි. එනම් ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන්ගේ අනාවැකි සහ ඔවුන්ගේ ක්‍රියා කලාපයන්ය. මෙහිදී මා "ප්‍රසිද්ධ" යනුවෙන් අදහස් කරන ලද්දේ පුවත්පත්, විද්‍යුත් මාධ්‍ය ආදියේ පිහිටෙන් පිම්බී, අද රජයේ ඉහලම තැන්වල වැජඹෙන්නන්ගේ ඇගේ එල්ලුනු ජෝතිෂ්‍ය කූඩැල්ලන් ගැන මිස කේන්දරයක් බලා කීයක්හරි සොයාගන්නා මිණිසුන් ගැන නොවේ. (ජෝතිෂ්‍යය විශ්වාස කරන්නන්ගෙන් කීයක් හෝ අයකරගැනීමේ වරදක්ද මා දකින්නේ නැත) ."මීලගට බලයට පත්වන්නේද තවත් රාජපක්ෂ කෙනෙක් බව" පසුගිය දිනෙක පුවත්පතකින් ප්‍රකාශ කලේ මෙවැනි අමනයෙකි. මොවුන් කරන්නේ හුදෙක් විවෘත කිරීමකට නැකතක් සාදාදීම පමණක් නොවේ. ශාස්ත්‍රයේ පිහිටෙන් ඉහල අතු අල්ලාගෙන මහජන මුදල් කොල්ලකෑමත් තම (කැළෑ) පත්තර පඩංගු වලින් ජනතාව ගොනාට ඇන්දවීමත්ය. සාමාන්‍යයෙන් රටේ නීතිය අනුව අසත්‍ය ප්‍රකාශ කිරීම, සමාජයට බලපෑමක් කලහැකි කටකතා ආදිය පැතිරවීම දඩුවම් ලැබියහැකි වරදකි. එහෙත් මොවුන්ට ඒ වෙනුවෙන් ලැබෙන්නේ තනතුරුය වරදානය. මා ඉහත සදහන් කල පුද්ගලයාට, ඇති තනතුරු නම්බුනාම දෙස බැලීමේදී එය මනාව පැහැදිලි කරගත හැකිය.
,
"වර්තමානයේ ...........තුමාගේ ඡ්‍යොතිෂ කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ද, ....... රූපවාහිනී සේවයෙහි උපදේශකවරයකු ලෙස ද, ගාල්ල දිසා ........... අධ්‍යක්ෂවරයකු ලෙස ද, ........... බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කරන්නේ ප්‍රවීණ ඡ්‍යොතිෂ්‍යවේදී දේශබන්ධු ............ මහතාය"

මෙවැනි ජෝතිෂ්‍යවේදීන්ගේ(?) අනාවැකි අධ්‍යනය කලවිට පැහැදිලි ලෙසම ඉවතට ගතහැකි පොදු සාධක ගනනාවකි. ඉන් කිහිපයක් මෙසේ පෙළගැස්විය හැකිය.

1. ගොබෙල්ස් න්‍යාය.
කියන තරම් කියන්නේ බොරු වුවත් බොරුකීමේදී අති දක්ෂය. විශාල වාර ගනනක් පුනරුච්චාරණය කිරීම සිදුකරයි. එවිට බොරුව ඇත්ත කල හැකිය.

2. අතීතයේදී සිදුවූ සිද්ධි සම්බන්ධයෙන් තමා අනාවැකි කී බව සදහන් කිරීම.
මෙය පළමු කරුණ සමග අපූරුවට පෙලගස්වාගත හැකිය. "සුනාමිය ගැන මම තමයි ඉස්සෙල්ලම කිව්වෙ, අනේ කවුරුවත් ඇහුවෙ නෑනේ","ප්‍රභාකරන් මැරෙන දවස මමනෙ ඉස්සෙල්ල කිව්වෙ" ආදී වශයෙනි. මෙය අනන්ත වාරයක් තෙපලීමේදී "ඔවුනෙ! එයා සුනාමිය ගැන කලින්ම කිව්වනෙ", "ප්‍රභාකරන් මැරෙන දවස එයා හරියටම කිව්ව" යැයි කියන මෝඩයින්ගේ ගොඩ එන්න එන්නම වැඩිකරගත හැකිවේ.

3. වැරදුනු අනාවැකි හැකි ඉක්මනින් යටපත් කිරීම.
කවුරුන් හෝ ඒ ගැන ප්‍රශ්න කලහොත් "ඒක කිව්වෙ මම නෙවේ අහවලා" යයි පැවසිය හැකි අතර ඉන්පසු ප්‍රශ්න නගන්නා එය හාරවුස්සන්නේ නැතිබව අප සේම මොවුන්ද දනී

4. මියගිය පුද්ගලයන්ගේ ජීවිතය ගැන ඉතාම නිවැරදිව කිවහැකි වීම.
මෙයද හොද කලාවකි. උදාහරණ ලෙස ප්‍රභාකරන්ගේ කේන්දරය බලා 2009 දී ඔහු මියයෑමට හේතුව විග්‍රහ කරන්නේ අපූරු ආකාරයටය.

5. අතීතය ගැන වැඩිපුර අනාවැකි කීම, අනාගතය ගැන අඩුවෙන් කතා කිරීම හා "කොතනට හෝ වදින සේ විශාල පරාසයක් ආවරණය කිරීමෙන්" අනාවැකි පැවසීම.
අනාවැකි පරාසය විශාල කිරීම ඉතාමත් වාසිදායක වන අතර යන්තමින් හෝ නිවැරදි වුවහොත් ඊට උපරිම ප්‍රසිද්ධිය ලබාදීම සිදුකරයි. "අද ලංකාවට වහිනවා" යයි කීවිට කුමන ප්‍රදේශයකට වැස්සද අනාවැකිය ටක්කෙට හරිය. වත්මනෙහි ජනප්‍රියම ජෝතිෂ්‍ය පුවත්පත් ගෙන බැලුවහොත් එහි ඇති ප්‍රධාන මාතෘකාවන් වන්නේ අතීතයේදී ප්‍රකාශකොට "හරිගිය" අනාවැකි උළුප්පා දැක්වීම්ය. අනාගතයේදී සිදුවන දෑ දක්වන්නේ ඉතා කුඩාවට වන අතර "හරියන"ඒවාට අනාගතයේදී අදාල මාධ්‍ය තුලින් "සාධාරණය ඉෂ්ටවේ".

6. අවසාන වශයෙන් සදහන් කල යුත්ත දේශපාලන අනාවැකි පැවසීමයි.
මෙහිදී ජෝතිෂ්‍යවේදියා අපහසුතාවයට පත්වන්නේ තියුණු දේශපාලන තරගයක් ඇති අවස්ථාවලදී පමණි. අනෙක් අවස්ථාවන්හිදී "සාමාන්‍ය දැනීම" භාවිතා කර ජයග්‍රාහකයා තීරණය කරගතහැකි අතර අවශ්‍ය නම් මෝඩ ඡන්දදාසලාගේ කතිරයටද බලපෑමක් කල හැකිය.

මීට අමතරව තම පාන්ඩිත්‍ය විදහා දැක්වීම සදහා "අහවල් සෘෂිවරයගෙ පොතේ කියෙන්නෙ මෙහෙමයි, ඒත් වෙන්න ඕන මෙහෙමයි" ආදී වශයෙන් පැවසීම දැක්වියහැකිය.

මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් අවශ්‍ය නම් ඔබටත් ජෝතිෂවේදියෙකු වීමට හැකිය. ජෝතිෂ්‍යය පිළිබද දැනුම අවශ්‍ය නොවන අතර බොරුකීමේ හැකියාව සහ ලැජ්ජා නැතිකම පමණක් ප්‍රමාණවත්ය. මක්නිසාද යත් වරදින අනාවැකි (බේගල්)සදහා ඔබට කිසිදු දඩුවමක් නොලැබීමයි.

අවසන් වශයෙන් සදහන් කල යුත්තක් ඇත,
ජෝතිෂ්‍යය මා විශ්වාස නොකලද ඕනෑම කෙනෙකුන් එය විශ්වාස කලාට මට කම් නැත. ඔවුන් ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමනි. ජෝතිෂ්‍යයට මුවාවී මහජන මුදල් ගසාකන කපටියන් හටය මේ පහර එල්ල වන්නේ.
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පව් හොදටෝම රිදිලනේ. ඔය ඔබතුමා කියල තියෙන්නේ එක්තරා හොර මගඩි කර එදාවේල කන්න හම්බ කරගන්න සෙට් එකක් ගැන. හැබැයි ඔය ශාස්ත්‍රය හරියටම දැනගෙන කරන පිරිසත් ඉන්නවා. ඉතින් ඔය හැමෝවම එකම වලකට දාන්න එපා.

    කෙසේවෙතත් ඔබතුමා යම්කිසි ජෝතිශ්‍යවෙදියෙකුගෙන් මහා පරිමාන අතවරයකට ලක්වෙලා තියෙන බවනම් පේනවා.:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16344479 said:
    පව් හොදටෝම රිදිලනේ. ඔය ඔබතුමා කියල තියෙන්නේ එක්තරා හොර මගඩි කර එදාවේල කන්න හම්බ කරගන්න සෙට් එකක් ගැන. හැබැයි ඔය ශාස්ත්‍රය හරියටම දැනගෙන කරන පිරිසත් ඉන්නවා. ඉතින් ඔය හැමෝවම එකම වලකට දාන්න එපා.

    කෙසේවෙතත් ඔබතුමා යම්කිසි ජෝතිශ්‍යවෙදියෙකුගෙන් මහා පරිමාන අතවරයකට ලක්වෙලා තියෙන බවනම් පේනවා.:lol:
    ඒ ජෝතිෂ්‍ය වේදියා කිරියෙ නැකැත්රළවත් ද????????????:baffled::baffled::baffled:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    උබ කියල තියනව හරියට හරි. ජෝතිශය කියන්නෙ 100% බොරු.
    විවාද කරලත් වැඩක් නෑ ඕක ගැන.....

    See below
    http://www.elakiri.com/forum/showthread.php?t=1527951

    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ජොනී බට්ට;16344479 said:
    පව් හොදටෝම රිදිලනේ. ඔය ඔබතුමා කියල තියෙන්නේ එක්තරා හොර මගඩි කර එදාවේල කන්න හම්බ කරගන්න සෙට් එකක් ගැන. හැබැයි ඔය ශාස්ත්‍රය හරියටම දැනගෙන කරන පිරිසත් ඉන්නවා. ඉතින් ඔය හැමෝවම එකම වලකට දාන්න එපා.

    කෙසේවෙතත් ඔබතුමා යම්කිසි ජෝතිශ්‍යවෙදියෙකුගෙන් මහා පරිමාන අතවරයකට ලක්වෙලා තියෙන බවනම් පේනවා.:lol:

    ජෝතිශය කියන්නෙ 100% බොරු.
    විවාද කරලත් වැඩක් නෑ ඕක ගැන...
    ..

    See below
    http://www.elakiri.com/forum/showthread.php?t=1527951
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කේන්දර ගැන දන්න අය ඒකෙන් උපරිම වැඩ ගන්නවා...ඒ ගැන නොදන්න අය ඒකට බනිනවා...ප්‍රසිද්ධියේ බනින අයත් තමන්ට කරදර වුනාම ඕව පස්සෙන් යනවා...ඕව බොරු නෙමෙයි...අවසන් තීරණය ඔබට භාරයි !!!!
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    "සිරිපාලය වයිරස්ගාඩ් හැදුව වගේ" වැඩක් තමයි මේකත්.. මූට කඩේ යන අපතයො සෙට් එකකුත් තාම ඉන්නවනෙ.. :lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    බතුමා යම්කිසි ජෝතිශ්‍යවෙදියෙකුගෙන් මහා පරිමාන අතවරයකට ලක්වෙලා තියෙන බවනම් පේනවා
     
    Sep 23, 2013
    188
    6
    0
    මේ අභියෝගය ඉතා පැරණි අභියෝගයකි.එය වර්ථමානයේ ආචාර්ය මහාචාර්ය වරු මහත් ඉහලින් පුම්බා තමන් ද උගතුන්යැයි කියන්නට වෙර දරති.සැබැවින්ම ඔවුන් බටහිර විද්‍යාව හොදින් ප්‍රගුණ කර ඇත.නමුත් පංචෙන්ද්‍රියට ගොදුරු නොවන මානයන් පිළිබද ඔවුන් සතු දැනුම ඉතාම අල්පයි. මෙවන් පුහු තර්ක ඉදිරිපත් කරන්නේ එනිසාවෙනි මෙම පුද්ගලයන් ඉතා නුදුරු දිනකදී බදු රජානන් වහන්සේ කියා කෙනෙක් සිටියේ නැති බවද හැකිනම් එය ඔප්පු කර පෙන්වන ලෙසද අභියෝග කරනු ඇත.විද්‍යාවේ උසස්ම දියුණු ලක්ෂණ වලින් සමන්විත නූතන වෛද්‍ය විදන‍ාවට අනුව වෛද්‍ය වරයෙකුට හැකි දැ මෙන්ම නොහැකි දැ ද වෙති පිලිකා වැලදී මිය යන අය ඉතා විශාලය ඔවුන් මිය යන්නේ මූලික අවධියේදී එය හදුනා නොගත් නිසාය එය වෛද්‍ය වරයාගේ අදක්ෂ කම මිස වෛද්‍ය විද්‍යාවේ වරදක් නොවේ ජ්‍යොතිෂයද එසේමය අනාවැකි වැරදීම ජ්‍යොතිෂවේදියාගේ වරද මිස ශාස්ත්‍රයේ වරද නොවේ. ඉතා දියුණුයි කියනා විද්‍යාවෙන් පහත සදහන් දෑ ඔප්පු කල හැකිද (01) මරණින් මතු ජීවිතයක් ඇතිබව (02) මරණින් පසු ජීවිතයක් ඇත්නම් මිය යෑමෙන් පසු ඔහු ඉපදුන තැන සොයා ගැනීම (03) පෙර භවයක් ඇතිනම් ඒ පිලිබද තොරතුරු ලබා ගැනීම (04) කෙනෙකු සිතන දෙය ආසන්න වශයෙන් හෝ ප්‍රකාශ කිරීම (05) ජීවියෙකුගේ මරණය සිදු වන දිනය ආසන්න වශයෙන් හෝ කීම (06) කෙනෙක් ප්‍රකාශ කර අවසන්වූ (රෙකෝඩ් නොකල) වචන හෝ ශබ්ද යන් නැවත ගැනීම කෙටියෙන් කියනවනම් අතීතයට යාම මේවා සියල් ජ්‍යොතිෂයෙන් කළ හැකි ඒවා යැයි වරදවා වටහා නොගන්න මා කියන්නේ හැකිනම් විද්‍යාවෙන් කර පෙන්වන ලෙසයි. යම් ශාස්ත්‍රයක් මගින් යම් තාත්වික දෙයක් කළ නොහැකි නම් එය එම සාශ්ත්‍රයේ වරද නොව එය භාවිතා කරන්නාගේ වරද බව නැවත සිහිපත් කරමි
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එක කොටුවයි තියෙන්නෙ.. රෙප් දුන්නට වැඩක් වෙයිද දන්නෙත් නෑ :D ඔන්න ඔහෙ දෙනව..
    රෙප්ය..
     
    doggy10000

    Member
    Jul 28, 2007
    618
    42
    0
    බල්ලොත් එක්ක
    ඒ ජෝතිෂ්‍ය වේදියා කිරියෙ නැකැත්රළවත් ද????????????:baffled::baffled::baffled:

    ඔන්න මචන් මම ජොතිෂ දන්නේ නැති වුනාට අද අනාවැකියක් කියනවා. මූ රාලෙට කෙලවන්න දන්න සෙල්ලම් ඔක්කොම දාල අන්තිමට බැරිම වුනාම ජ්‍යෝතිෂඉගෙන ගෙන රාලෙගෙ බිස්නස් කඩන්න මූත් හඳහන් බලන්න පටන් ගන්නවා..:lol::lol::lol:
     
    :lol::lol: