ඔය වෛද්‍ය රුවන් එම් ජයතුංග නමින් ආටිකල්ස් දාන සයිට් එකට මමත් නිතරම වගේ යනවා. සාමාන්‍යෙන් ලන්කාවේ මාධ්‍යවලින් වෙන්නෙ ඒ ඒ වෙන්නෙ දේශපාලන පක්‍ෂවලට කඩේ යන එක. ඕකෙ තියෙන විශේෂත්වෙ තමා, JVP එක සහ ඊට සම්බන්ධ අයව නම් වශයෙන් විවේචනය වෙන එක. අනෙක් දේශපාලන පක්‍ෂ හෝ පුද්ගලයින්ව නම් වශයෙන් විවේචනය වෙනවා දකින්න නැහැ සමස්තයක් විදියට (මම දැකපු විදියට). රතන හාමුදුරුවන්ටත් මඩක් ගහල තිබ්බ එක පාරක්. නමුත් ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට ලැබිය යුතු විවේචණය වෙන්නෙ නැහැ. මම JVP එකට කඩෙ යන්න නෙමේ ආවෙ, නමුත් අන්තිම අවුරුදු 20 ලන්කාවෙ දේශපාලනය බැලුවොත් JVP එකට වඩා විවේචණය වෙන්න ඕන උදවිය ඕන තරම් ඉන්නවා.
අනික් එක මේකෙ ආටිකල්ස් වැටෙන වේගය බැලුවම (මාර්තු මාසෙට 40යි, පෙබරවාරි මාසෙට 38යි), සාමාන්‍ය වෛද්‍යවරයෙකුට මේ තරම් ආටිකල්ස් දාන්න තරම් නිදහසක් තියෙනවද කියලත් හිතෙනවා. මෙතන මම කිසිම නිගමනයකට ඇවිත් නැහැ. ඒත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි කියල කියනවනෙ, මට හිතෙන දේ තමා දැම්මෙ![]()
ඔව් සමහර විට මිනිහ ලංකාවේ නැති නිසා වෙන්න ඇති ගොඩක් තියෙන්නේ මිහිංහගේ ජිවන අත්දැකීම් මිනිහ හිතන විදිහට මම කමතිය්