ජ.වි.පේ ඝාතකයන්ට නොබියව මුහුණ දුන් වෛද්‍ය&#352

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    ජ.වි.පේ ඝාතකයන්ට නොබියව මුහුණ දුන් වෛද්‍ය&#352

    th.jpg

    වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නව පරපුර නොදන්නවා විය හැකිය​. එසේම තරුණ වෛද්‍යවරුන් ද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නොදන්නවා විය හැකිය​.

    ග්ලැඩිස් ජයවර්ධන යනු විශේෂඥ කායික වෛද්‍යවරියක් පමණක් නොව ලංකාව විසින් බිහි කරන ලද දුබල වර්ගයේ ශාස්ත්‍රාලයීය කතකි. ඇය අධ්‍යාපනය ලබන්නේ කොලඹ කාන්තා විද්‍යාලයෙනි. ඉන්පසු කොලඹ වෛද්‍ය පීඨයට තේරෙන ඇය සාර්ථව වෛද්‍ය උපාධිය නිම කරන්නීය​. වෛද්‍යවරියක් වීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් Parasitology විෂය හදාරා එම විෂයට ආචාර්‍ය උපාධියක් ලබා ගත්තාය​. Parasitology විෂයට ආචාර්‍ය උපාධියක් ලබාගත් ප්‍රථම ලාංකික කාන්තාව වූයේද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනයි.

    ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිනීමෙන් පසු වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන වෛද්‍ය පරියේෂණ ආයතනයේ සභාපතිනිය ලෙස පත්වීම් ලැබුවාය​.

    වෛද්‍ය පරියේෂණ ආයතනයේ සේවය කිරීමෙන් පසුව දී ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ලෙස පත් කරනු ලැබීය​. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය පවා ලැබුනු විජනලයේදී ළමුන්ට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන ජීවනී නම් මුඛ සජලන ප්‍රතිකාරය සඳහා භාවිතා කරන ඖෂධය නිපදවන්නේ ඇයගේ සමයේදීය​. මෙම දියර ඖෂධය නිසා ළමුන් දස දහස් ගනනකගේ ජීවිත බේරා ගැනීමට ඇය සම්මාදම් වූවාය​.

    1988- 98 කාලයේදී ජවිපෙ විසින් ඉන්දියානු ඖෂධ තහනමක් පැනවීය​. මේ නිසා දරුණු ඖෂධ හිඟයක් රෝහල් වල ඇති විය​. මෙයින් පහර වැදුනේ දිළිඳු ජනතාවටය​. මිලෙන් අඩුමුත් ඉන්දියානු ඖෂධ තහනම් නිසා දුප්පත් රෝගීන්ට විශාල මුදල් ප්‍රමාණයක් වැය කොට ඇමරිකාව , එක්සත් රාජධානිය​, ජර්මනිය වැනි ධනපති රටවල් විසින් නිපදවන ඖෂධ පුද්ගලික ඔසුහල් වලින් ගැනීමට සිදු විය​.

    රේගුවේ රජයේ රෝහල් වලට බෙදීමට ගෙනා ඉන්දියානු ඖෂධ කන්ටේනර් ගොඩ ගැසී තිබුනද ජවිපෙ මරණ තර්ජන වලට බිය වූ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් මේ ඖෂධ රේගුවෙන් මුදවා ගැනිමට ගියේ නැත​. වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනට ජවිපෙ මිනීමරුවන් ගෙන් තර්ජන එල්ල වෙමින් තිබුනි. ඉතා හොඳ රැකියාවක් , හොඳ ජීවන තත්වයක් ලබා ගැනීම සඳහා ඉතා පහසුවෙන් බටහිර රටකට යාමේ හැකියාව තිබුනද ඇය ලංකාවේ නැවතී ජනතාවට සේවය කලාය​.

    ජවිපෙ මරණ තර්ජන වලට බිය නොවූ වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන දුප්පත් රෝගීන් ගේ යහපත වෙනුවෙන් ඖෂධ රේගුවෙන් මුදවා ගැනිමට කටයුතු කලාය​. මේ නිසා ජ​.වි.පෙ ඝාතකයන් විසින් වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන 1989 සැප්තැම්බර් මස 12 දින ඉතා නිහින ලෙස මරා දමනු ලැබීය​. ඇයව මරා දැමීම මගින් අත්පත් කරගත් විමුක්තියක් නැතත් මේ කුරිරු ඝාතනය නිසා අන්තර්ජාතික කීර්තියට ලක්වූ උගත් කාන්තාවක් ලංකාවට අහිමි විය​.

    වෛද්‍ය රුවන් එම් ජයතුංග
    Source http://transyl2014.blogspot.com/2017/04/blog-post_18.html
     
    • Like
    Reactions: barath dpriye

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේව බොරු නිව්ස්. කොහෙවත් ඉන්න ගෑනුන්ව මරන්න ජවිපෙන ඇති පිස්සුවක් නෑ. ජවිපෙ හැමතිස්සෙම අසාධාරණේට විරුද්ධව සටන් කරපු පක්ෂයක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    මේව බොරු නිව්ස්. කොහෙවත් ඉන්න ගෑනුන්ව මරන්න ජවිපෙන ඇති පිස්සුවක් නෑ. ජවිපෙ හැමතිස්සෙම අසාධාරණේට විරුද්ධව සටන් කරපු පක්ෂයක්.

    ඉපදුනේ මොන අවුරුද්දේද ?
    විජේවීර කියන්නේ හීනමානය තදටම තිබ්බ මිනිහෙක්
     
    • Like
    Reactions: netlife007

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේව බොරු නිව්ස්. කොහෙවත් ඉන්න ගෑනුන්ව මරන්න ජවිපෙන ඇති පිස්සුවක් නෑ. ජවිපෙ හැමතිස්සෙම අසාධාරණේට විරුද්ධව සටන් කරපු පක්ෂයක්.

    උඹේ අම්මා අප්පා ඉන්නවනම් ගිහිල්ලා අහපන්.ජේවීපී එක කලේ මොනාද කියලා
     
    • Like
    Reactions: netlife007

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹේ අම්මා අප්පා ඉන්නවනම් ගිහිල්ලා අහපන්.ජේවීපී එක කලේ මොනාද කියලා
    ඒ කාලෙ ආණ්ඩුවෙන් කරපු බලු වැඩ මිනී මැරුම් ඔක්කොම ජවිපෙ පිටින් ගියා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,670
    13,416
    113
    ඒ කාලෙ ආණ්ඩුවෙන් කරපු බලු වැඩ මිනී මැරුම් ඔක්කොම ජවිපෙ පිටින් ගියා.

    ජීවනී පැකට් එක නිසා ළමයි මිලියන ගනකගේ ජිවිත එදා මෙදා තුර බේරෙන්න ඇත්ද ?
    ඔන්න විජේවීරගේ විමුක්තිය
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    88-89 කාලෙ JVP එක වගේම ඒ කාලෙ තිබ්බ රජය ක්‍රියා කල ව්දිහ අනුමත කරන්න බෑ..දෙගොල්ලොම අහිංසක මිනිස්සු මැරුවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කාලෙ ආණ්ඩුවෙන් කරපු බලු වැඩ මිනී මැරුම් ඔක්කොම ජවිපෙ පිටින් ගියා.

    අනේ ඉතින් අනාගතේ ප්‍රභාකරන් ගැනත් මෙහෙම කීවොත් පුදුම වෙන්න දෙයක් නෑ :nerd:
     
    • Like
    Reactions: netlife007

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේව බොරු නිව්ස්. කොහෙවත් ඉන්න ගෑනුන්ව මරන්න ජවිපෙන ඇති පිස්සුවක් නෑ. ජවිපෙ හැමතිස්සෙම අසාධාරණේට විරුද්ධව සටන් කරපු පක්ෂයක්.

    උඹ තාම පොඩිවෑඩී.. අද ඉස්කෝලේ ගියෙ නැද්ද..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මේව බොරු නිව්ස්. කොහෙවත් ඉන්න ගෑනුන්ව මරන්න ජවිපෙන ඇති පිස්සුවක් නෑ. ජවිපෙ හැමතිස්සෙම අසාධාරණේට විරුද්ධව සටන් කරපු පක්ෂයක්.

    ඔව් ඔව් ඒ කාලේ ජ.වි.පෙ. දස සිල් සමාදන් වෙලා ඉදලා තියෙන්නේ. දැන් ඔය වීරවංශ හිරේ ගියාම ඒ පුරුද්දට නොවැ සිල් සමාදන් වෙන්නෙත්.....
     
    • Like
    Reactions: netlife007

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් ඒ කාලේ ජ.වි.පෙ. දස සිල් සමාදන් වෙලා ඉදලා තියෙන්නේ. දැන් ඔය වීරවංශ හිරේ ගියාම ඒ පුරුද්දට නොවැ සිල් සමාදන් වෙන්නෙත්.....

    :lol::lol: අසුහාරදාහේ පහන් පුජාවක් කරන්න ගිහින් පහන් මදිවෙලා තමයි ඔය බස් එහෙම ගිනි තිබ්බේ. :baffled:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    :lol::lol: අසුහාරදාහේ පහන් පුජාවක් කරන්න ගිහින් පහන් මදිවෙලා තමයි ඔය බස් එහෙම ගිනි තිබ්බේ. :baffled:

    ඒකනේ, ආගම අබින් යැයි කියන්නේ. ආගම ධර්මයක් නැති අනාථ ජාතියක් බිහි කරන්න තමයි ඔය වලිකන්නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    වෛද්‍යතුමිය මරපු එක නම් වැරදියි. නමුත් ඉන්දියානු නිෂ්පාදන, විශෙයෙන්ම බෙහෙත් ලංකාවේ තහනම් කරන්න ඔ්න... ඔ්කුන් තමා ලංකාව කෑවේ සහ කන්නේ....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේව බොරු නිව්ස්. කොහෙවත් ඉන්න ගෑනුන්ව මරන්න ජවිපෙන ඇති පිස්සුවක් නෑ. ජවිපෙ හැමතිස්සෙම අසාධාරණේට විරුද්ධව සටන් කරපු පක්ෂයක්.

    sarcasm :lol: :lol:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    88 -89 KALE DEGOLOMA WARADI KARA .
    WIJEWIRATA ONA UNE LANKAWE HAMOMA YATATH KARAGANNE MISAK , WIPLAWAYAKIN RATA DIYUNU KARANNE NEWEI .
     
    waligamaya

    Well-known member
  • postgraduate එක කරලා ආපු ගමන්ම පර්යේෂණ ආයතනයේ සබාපති වෙලා. අනේ මන්දා ඒකාලේ ලංකාව PHD කරපු එකම එකෙනා වෙන්න ඇති. මෙහෙ engineering faculty වල PHD කරලා අවිලත් probationary lecturer ඉදලා තමයි grade II lecture ලැබෙන්නේ. ඔයවගේ පොස්ට් එකක ගන්න අවුරුදු 10ක් වත් එක එක filed වල වැඩකරන්න් ඕන PHD එකෙන් පස්සේ. අනිවා postDr එල්කකුත් තියෙන්න ඕන. :nerd::nerd: