ඥානා_මෑණියන්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රටේම ලොකු ලොක්‌කන් එන ඥානා මෑණියන්ගේ දේවා ලයට ගිනි තිබ්බේ කවුද ?

    අනුරාධපුර, ඉසුරුපුර ඥනා මෑණියන්ගේ දේවාලය දැනට සති දෙකකට ඉහතදී සම්පූර්ණයෙන්ම ගිනි ගත්තේය. එය ගිනි තැබුවාද? ගිනි ගත්තාද යන්න තවමත් ප්‍රහේළිකාවකි. එය කෙසේ කොහොම ගිනි ගත්තාද යන්න ඥනා මෑණියන්වත් හරි හැටි නොදනී.

    ඥානා මෑණියෝ දැනට වසර තිහකට පමණ ඉහතදී අනුරාධපුර මහ රෝහලේ සේවය කළහ. එලෙස සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ රැකියාව කළත් කුඩා කල සිටම ඇය දෙවියන් කෙරෙහි ඉමහත් භක්‌තියක්‌ දැක්‌වූවාය. යමක්‌ කමක්‌ තේරෙන වයසේ සිටම ඇය දෙවියන් වැන්දාය. පුද සත්කාර කළාය. එම නිසා නිවැසියෝ මෙන්ම අසල්වැසියෝද ඇයට දෙවියන්ගේ බැල්මක්‌ ඇති බවට විශ්වාස කළහ.

    එලෙස කාලය ගෙවී ගියේය. ඥානා මෑණියන් යෞවන විය පසුකිරීමත් සමඟ විවාහ වූවාය. විවාහ වූවත් ඇය දෙවියන් කෙරෙහි තිබූ භක්‌තිය අඩු නොකළාය. දිනපතාම ඇය දෙවියන් වැන්දාය. පුද සත්කාර නොපිරිහෙළා ඉටු කළාය. ඒ අතර ඇය තම නිවස ආසන්නයේ ඉතා කුඩාවට කටුමැටි ගසා දේවාලයක්‌ තනා ගත්තාය. එහි පුද සත්කාර කළේ පත්නිනි මෑණියන්ටය.

    වසර ගණනක්‌ එලෙස ගෙවී ගියේය. පළමුව එම දේවාලයට පැමිණියේ ගම්වැසියන් පමණි. එලෙස පැමිණි සමහර ගම්වැසියන්ට ඥනා මැණියන්ගේ පිහිට ලැබුණි. එම ගැමියන්ගේ දුක්‌ කම්කටොලු සියල්ල එම දේවාලයට පැමිණි පසු විසඳුන බව ඔවුහු තැන් තැන්වල පැවසූහ. එම කටකතා කල්යත්ම අසල්වාසී ගම්වලද ප්‍රචලිත විය.

    එම කතා ඇසීමෙන් නොපෙනෙන බලවේග ගැන විශ්වාසය තැබූ බොහෝ අය ඥානා මෑණියන්ගේ දේවාලයට පැමිණියාහ. ඒ තම තමන් එදිනෙදා ජීවිතයේ මුහුණදෙන ගැටලු විස¹ ගැනීමටයි. එලෙස පැමිණි බොහෝ අයට ඥානා මෑණියෝ පිහිටවූ බව පවසති. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් කල්යත්ම බොහෝ අනුගාමිකයන් පිරිසක්‌ ඥනා මෑණියෝ වටා එක්‌රොක්‌ වූහ.

    පැමිණි පිරිස කොතරම්ද කිවහොත් ඥනා මෑණියන්ට තම රැකියාවට පවා යැමට වේලාවක්‌ නොතිබිණි. අවසානයේ ඇය රැකියාවෙන් ඉල්ලා අස්‌වී පූර්ණකාලීනව තම දේවාලයේ කටයුතු කළාය. එලෙස කලක්‌ ගතවෙද්දී ඇය රට පුරාම ඥනා මෑණියෝ ලෙස ප්‍රසිද්ධ වූවාය.

    ප්‍රසිද්ධියට පත්වීමෙන් පසු මෙරට ප්‍රභූ පන්තියේ පිරිස්‌ ඇය හමුවීමට නිරතුරුවම පැමිණියහ. වර්තමාන ආණ්‌ඩුවේ සහ විපක්‍ෂයේ සිටින දේශපාලනඥයෝ රැසක්‌ සතිපතා ඇය හමුවීමට යති. එයින් විජයදාස රාජපක්‌ෂ, උදය ගම්මන්පිල යන අය නිරතුරුවම එහි සිටිනු දැකිය හැකිය. එයට අමතරව දැනට සිටින පාර්ලිමේන්තු මැති ඇමැතිවරු බහුතරයක්‌ ඥානා මෑණියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා පැමිණෙති. වරක්‌ ඇමැති විජයදාස රාජපක්‌ෂ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකදී පවසා සිටියේ "මට ඥානා මෑණියන්ගේ දේවාලයේ දී පක්‍ෂ විපක්‍ෂ බොහෝ මන්ත්‍රීවරු" මුණගැසෙන බවයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂද ඥානා මෑණියන්ගේ දේවාලයට ගිය අය වෙති. එලෙසම වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දුව වන චතුරිකා සිරිසේනද නිරතුරුවම ඥනා මෑණියන්ගේ දේවාලයේදී දැකිය හැකිය. එයට අමතරව රජයේ ඉහළ නිලතල දරන බොහෝ අය එම දේවාලයට ගොස්‌ ආශිර්වාද ලබාගනිති.

    ලංකාවේ ප්‍රකට බොහෝ ව්‍යාපාරිකයන් නිරතුරුවම ඥනා මෑණියන්ගේ දේවාලයේ දී හමුවිය හැකිය. තම ව්‍යාපාරික කටයුතු පවා අතහැර ඔවුහු එහි යන්නේ ඥනා මෑණියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමටය. බොහෝ ව්‍යාපාරිකයන් සිතනුයේ තම ව්‍යාපාර දියුණු කළේ දෙවියන් කියාය.

    ඥනා මෑණියන් කිසි දිනක තම සේවාවන් සඳහා මිලක්‌ නියම කළේ නැත. ඕනෑම අයෙකුට කැමැති ගණනක්‌ දිය හැකිය. ඒ අනුව සමහර ව්‍යාපාරිකයන් තම කාරණා ඉටුවූ පසු ලක්‍ෂ ගණන්වලින් පඬුරු තැබූහ. ඇයගේ කුඩා දේවාලය නොකඩා, එය ආරක්‌ෂා කරමින් විශාල දේවාලයක්‌ තැනුවේ ඇයගේ බැතිමතුන්ය. විශාල මුදලක්‌ වැයකර තැනූ එය ඉතා දැකුම්කලු එකක්‌ විය.

    ප්‍රභූ පිරිස්‌ පැමිණි පසු සාමාන්‍ය ජනතාව ඥනා මෑණියන්ට චෝදනා කිරීමට පටන් ගත්තේ තමන්ට දේවාලය ඇතුළට යැමට නොහැකි බව පවසමින්ය. ඥනා මෑණියන් පවසන ආකාරයට එය බොරු චෝදනාවකි. දේවාලය ඇතුළට ඕනෑම පුද්ගලයකුට පැමිණිය හැකි බවත් පිළිවෙත් කළ හැකි බවත් ඇය පවසයි.

    ඥනා මෑණියන් බැතිමතුන්ට පිහිට වන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන් දෙකෙහි පමණි. එදිනට දුර බැහැර ගෙවා විශාල බැතිමත්හු ප්‍රමාණයක්‌ පැමිණෙති. එලෙස පැමිණෙන පුද්ගලයන්ගෙන් දිනකට තෝරා ගන්නේ පනහකටත් වඩා අඩු පිරිසකි. එම පුද්ගලයන් තෝරා ගන්නේ ඥනා මෑණියන් පවසන ආකාරයට දෙවියන් විසිනි. දෙවියෝ ඥනා මෑණියන්ට පළමුව තමා හමුවීමට පැමිණෙන පුද්ගලයා පෙන්වති. ඉන්පසු ඥනා මෑණියන් තම දියණියට ඒ බව පවසයි. ඒ අනුව ඇයගේ දියණිය ඥනා මෑණියන් ළඟට එම බැතිමතාව රැගෙන යයි. ඥනා මෑණියන්ගෙන් ආශිර්වාද ලබාගත හැක්‌කේ එසේය. දෙවියන්ගේ ඇස නොගැටුණහොත් කිසි දිනක ඥනා මෑණියන්ගෙන් ආශිර්වාද ලබාගත නොහැකිය. එහෙත් දෙවියන්ට රටේ දේශපාලනඥයන්ගේ සහ ප්‍රභූවරුන්ගේ නෙත් නිතරම ගැටෙති. එම නිසා ඔවුනට දෙවියන්ගේ ආශිර්වාදය සහ ඥනා මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුව ලැබෙයි.

    හිටපු ඇමැති මර්වින් සිල්වා දෙස කලක සිට දෙවියන් බලා නොමැත. අවස්‌ථා ගණනකදී ඔහු ඥනා මෑණියන් හමුවීමට ගොස්‌ තිබුණි. එහෙත් කිසිදු අවස්‌ථාවක ඥනා මෑණියන් බැහැ දැකීමට හිටපු ඇමැති මර්වින් සිල්වාට නොහැකි වී තිබේ. අවසානයේ බැරිම තැන මර්වින් සිල්වා ඥනා මෑණියන්ට දුරකථන ඇමතුමක්‌ ලබාදී ඒ බව පවසා ඇත. එවිට මෑණියෝ පවසා ඇත්තේ තමාට දෙවියන් විසින් ඔහුව නොපෙන්වූ බවයි. එයින් හැඟී යන්නේ මර්වින් සිල්වා දෙස මේ දවස්‌වල දෙවියෝ පවා නොබලන බවයි.

    තත්ත්වය එලෙස තිබියදී දෙවියන් වැඩසිටින ඥනා මෑණියන්ගේ දේවාලය පසුගිය 07 වැනිදා අලුයම එකට පමණ ගිනි ගත්තේය. දේවාලය වටා අඩි දහයක පමණ විශාල තාප්පයක්‌ බැඳ ඇත. එසේ තිබියදී කිසිවෙකුටත් එහි ඇතුළු විය නොහැකිය. එසේ තිබියදීත් මෙම දේව අඩවිය ගිනි ගත්තේ කෙසේද යන්න විශාල ප්‍රහේළිකාවකි. අනන්තවත් මිනිසුන්ට උදව් උපකාර වූ දෙවියන් වැඩ සිටින මෙම ස්‌ථානය ගිනි ගැනීම බැතිමතුන්ට පවා ප්‍රහේළිකාවකි.

    ඥනා මෑණියෝද තම දේවාලය ගිනි ගත්තේ කෙසේද කියා නොදනී. ඇය ඒ බව සොයා ගැනීම සඳහා හොඳින් හඳුනන සාස්‌තර කියන නිලමේ කෙනෙක්‌ ළඟට පැමිණ ඇත. ඒ නිලමේ ඥනා මෑණියන්ට පවසා ඇත්තේ ගිනි තැබූ පුද්ගලයා ගැන තොරතුරු තමා දන්නා බවත්, දෙවියන් විසින් එය කිසිවෙකුටත් නොකියන ලෙස දන්වා සිටි බවත්ය. එලෙසම දේවාලය ගිනි තැබූ පුද්ගලයාට නිසි කාලයේදී දඬුවම් ලැබෙන බවද එම නිලමේවරයා පවසා තිබේ.

    එය ඇසූ ඥනා මෑණියෝ දෙවියන්ගේ කීමට ගරුකර නැවත පැමිණ තිබේ. දෙවියන් විසින් ගිනි තැබූ පුද්ගලයාට දඬුවම් දෙන නිසා පොලිසියටද ඇය මේ සම්බන්ධයෙන් පැමිණිලි කර නැත.

    ඥනා මෑණියන්ගේ බැතිමත්හු දින කිහිපයක්‌ යන්නට මත්තෙන් ඇයගේ ගිනිගත් දේවාලය යළි තිබූ තත්ත්වයටම සාදා දුන්හ. ඥනා මෑණියන්ගේ දේවාලය ගිනි තැබීමෙන් පසු තවත් අසත්‍ය ප්‍රචාරයක්‌ රටපුරා ප්‍රචලිත කිරීමට සමහරු උත්සාහ කළහ. ඒ ගංගා මෑණියන්ගේ දේවාලයද ගිනි තබා ඇති බවයි.

    රටේ ඉන්න මෝඩ අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ ජීවන තත්වය උසස් කරන්න එන දේශපාලකයො මේ වගේ අවිද්‍යාවට මිත්‍යාවට අහුවෙන්න තරම් මෝඩද බන්!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඥනා මෑණියන්ගේ සවාමිපුරුෂයාව කලකට ඉහත ගම් වැසියන් පිරිසක් විසින් කපාකොටා මරා දමන ලද අතර ඥනා මෑණියන්ට එය සිදුකලේ කවුරුන්ද යන්නත්, එය සිදුවීමට පෙර එය දැන ගැනීමට තරම් වත් හැකියාවක්වත් නොතිබුණි. කාලයා විසින් විසඳන ප්‍රශ්ණ ඥනා මෑණියන්ගේ ගිණුමට බැරවී මෑණියෝ සහ මෑණියන්ගේ පවුල ඉතා සැපවත් ජීවිතයක් ගතකරයි :lol: ගංගා මෑණියෝද එසේමය. :P
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    ඥනා මෑණියන්ගේ සවාමිපුරුෂයාව කලකට ඉහත ගම් වැසියන් පිරිසක් විසින් කපාකොටා මරා දමන ලද අතර ඥනා මෑණියන්ට එය සිදුකලේ කවුරුන්ද යන්නත්, එය සිදුවීමට පෙර එය දැන ගැනීමට තරම් වත් හැකියාවක්වත් නොතිබුණි. කාලයා විසින් විසඳන ප්‍රශ්ණ ඥනා මෑණියන්ගේ ගිණුමට බැරවී මෑණියෝ සහ මෑණියන්ගේ පවුල ඉතා සැපවත් ජීවිතයක් ගතකරයි :lol: ගංගා මෑණියෝද එසේමය. :P

    :yes::yes::yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :rofl::rofl:

    15665976-1585845638109312-7952239485302536628-n.jpg
     
    • Like
    Reactions: lodbrok

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,314
    1,018
    113
    කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ එක වැදගත් කතාවක් දෙසනා කළා. ලංකාවේ සිංහල බෞද්දයන් වෙනුවෙන් පෙනීසිටින සියලුම දේශපාලකයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒගොල්ලෝ චන්දෙ දිනන්න යන්නේ දේවාල ගානේ. ප්‍රශ්න ආවම යන්නේ අසුරයන්ගේ ලොක්කා තිරුපති ගාවට. මිනිස්සුන්ට පෙන්න විතරක් මල්වට්ටි අරන් පන්සල් ගිහින් රඟපෑමක් කරලා එනවා. ඒ චන්ද ටික රැකගන්න. හැබැයි ක්‍රියාත්මක කරන්නේ මිත්‍යා දෘෂ්ටිය.
     
    • Like
    Reactions: lodbrok

    monson

    Well-known member
  • May 7, 2007
    25,527
    28,350
    113
    රටේම ලොකු ලොක්‌කන් එන ඥානා මෑණියන්ගේ දේවා ලයට ගිනි තිබ්බේ කවුද ?

    :lol:

    රාජපක්ෂ පවුලේ ජනපති අපේක්ෂක ගැටුම උග්‍ර අතට…. ඥානඅක්කාගේ දේවාලයටත් ගිනී තබයි…

    පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් යන එන මෙරට ප‍්‍රසිද්ධ අනුරාධපුරයේ අනාවැකි කියන කාන්තාවක වන ඥානඅක්කාගේ දේවාලයට රාජපක්ෂලාගේ ජනපති බල අරගලයේ ගැටුමක් හේතුවෙන් ගිනී තබා විනාශ කර තිබේ.

    ඊට හේතු වි ඇත්තේ පසුගියදා හිටපු ජනාධිපති මහින්ද් රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ තමන්ගෙ පුත්‍රයන් තිදෙනාගේ හදහන් රැගෙන ඥානඅක්කා හමුවි ඇති අතර එහිදි ඥානඅක්කා පවසා ඇති අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ බල අරගලට උත්සන්න වි තිබේ.

    ඥානඅක්කා,ශීරන්තිට පවසා ඇත්තේ රාජපක්ෂ පවුලේ රාජ යෝග ඇත්තේ නාමල් රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට පමනක් බවයි.ඒ සදහා තවත් වසර 10ක පමණ කාලයක් දුක විදිමින් කාලය ගත කලයුතු බවද පවසා තිබේ.

    පසුව මේ සම්බන්ධයෙන් ශීරන්ති මහින්ද සමග පවසා ඇති අතර කටින් කට ගොස් ඇති එම අනාවැකිය හේතුවෙන් රාජපක්ෂ පවුලේ 2020 ජනාධිපති අපේක්ෂකයන් විමේ අසාවෙන් පෙලෙන රාජපක්ෂලා සහ ඔහුන්ගේ වන්දිබට්ටයන් මරාවෙශ වි තිබේන බවයි වාර්තා වන්නේ.

    මේ අතර රාජපක්ෂවරු කිසිවෙකුටත් නැවැත රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි බව, මහින්ද රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ පවුලේ පස් දෙනෙකුගේ හඳහන් පරීක්ෂා කර බැලූ අති දක්ෂ ඉන්දියානු දෛවඥයෙකු විසින් රාජපක්ෂ පවුලේ උදවියට දන්වා ඇතැයි මැදමූලන වලව්වට සම්බන්ධ විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ පවුලේ වැඩිමහල් සොහොයුරු චමල් රාජපක්ෂ මහතාව යෝජනා කරන බව එම පෙරමුණේ සිටින වාසුදේව නානායක්කාර ඇතුලු කණ්ඩායම කියා සිටින අතර, විමල් වීරවංශ , උදය ගම්මංපිල ඇතුලු කණ්ඩායම උත්සාහ කරමින් සිටින්නේ ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමටය.

    ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන් වුවත්, ඔහුගේ ජයග්‍රහනයෙන් පසුව එළැඹෙන 2025 ජනපතිවරණයට තම වැඩිමහල් පුත්‍රයා වන නාමල් රාජපක්ෂව සූදානම් කිරීම මහින්ද රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව වී ඇති බැවින්, ඉහතකී දෛවඥයාගේ පිහිට පතා ඇත්තේ නාමල්ගේ අනාගතයට අවහිර නොකරන පුද්ගලයා කවුද යන්න සොයා ගැනීම යැයි මැදමූලන ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

    අදාල දෛවඥයා මැදමූලනට කැඳවා ගෙන විත් රාජපක්ෂ පවුලේ සියලු දෙනාගේ හඳහන් ඔහු වෙත ලබා දුන් බවත්, දින දෙකක් පුරා මැදමූලන රැඳී සිටි දෛවඥයා එම හඳහන් සියල්ල පරීක්ෂා කළ බවත්, ඉන් අනතුරුව එක් එක් පුද්ගලායා පිලිබඳව සවිස්තරාත්මක පලාඵල විස්තර කථනයක් ලබා දුන් බවත්, ඊට අනුව රාජපක්ෂ පවුලේ කිසිවෙකුටවත් නැවත ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය ලබා ගැනීමට කිසිදු හැකියාවක් නොමැති බව ඔහු විසින් ප්‍රකාශ කළ බවත් මැදමූලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

    දෛවඥයාගේ පලාඵල කථනයෙන් අනතුරුව මේ වන විට රාජපක්ෂ පවුල තුළ මහත් අරබුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති අපේක්ෂකයා ලෙස චමල් , ගෝඨාභ, බැසිල් හෝ ශෂීන්ද්‍ර යන අය අතුරින් කිසිවෙකුටවත් ජනාධිපතිවරණය ජය ගත නොහැකි තත්ත්වයක් තුළ , ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිලිබඳව මහත ව්‍යාකූල තත්ත්වයක් මේ වන විට මතු වී තිබේ.

    මේ තත්ත්වය හමුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වී ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ ස්ථාවරයට ගමන්කොට, ඒ සඳහා දේශපාලනයට හෝ රාජපක්ෂවරුන්ට හෝ කිසිදු සම්බන්ධයක් නොමැති රටේ පිලිගත් පුද්ගලයෙකු හඳුනාගෙන ඔහුව ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතුය යන්නය.

    ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිලිබඳව මාධ්‍යවේදීන් විසින් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවලදී , ඔහුට ඒ සඳහා සෘජු පිලිතුරක් ලබා දීමටනොහැකි වී ඇත්තේ මෙම ව්‍යාකූල තත්ත්වය නිසා බව මැදමූලන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

    - http://www.lankaleaks.net/2018/05/12/1177
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886

    මීට වඩා ප්‍රායෝගික උනා නම් මිනිස්සු විශ්වාස කරාවි.අර thread එක දාපු ලිපිය ගාණට ලියලා තියෙනවා ඇත්ත හෝ බොරු,
    හැබැයි මෙහෙම අතිෂෝක්ති උනාම මිනිස්සු ඕවා විශ්වාස කරන්නේ නැහැ