ටයර් සර්විස් එකක් නම් එච්චර යන්නෙ නෑ. කම්ප්රෙෂර් එකක් තව පොඩි පොඩි අඩුම කුඩුම ටිකයි ඔක්කොටම ලක්ෂ 3ක් විතර යාවි.
ටයර් විකුණන තැනක් නම් වියදම අඩුයි. ටයර් මාසෙක දෙකක ක්‍රෙඩිට් එක්ට ගත්තා වික්කා. මුල් ස්ටොක් එක දාගන්න ලක්ෂහය හතක් වත් යාවි. ටයර් පට්ට ගනන්. ගොඩක් උන් කරන්නේ පටන් ගත්ත දවස් වල වැඩිපුර යන ටයර් විතරක් පහ හයක් දාගෙන පරණ ටයර් වලට අළුත් ටයර් වල පටි ඔතලා හෙන ස්ටොක් එකක් වගේ ඩිස්ප්ලේ කරනවා. බැටරි වලත් කෙඩිට් එකට ගන්න පුළුවන්. ඔය කම් පැනි වලට ගිහින් කථා කරාම උන් පැනලා දෙනවා. මුල් දවස් වල නම් මොනා හරි ඇපයට තියන්න කියාවි. පස්සෙ පස්සෙ බඩු ගන්න කිය කිය බලෙන් දෙන්නෙ. බැටරිත් අළුත් දෙකක් තුනක් තියාගෙන ඩිස්ප්ලේ එකට හිස් බැටරි පෙට්ටි ගොඩක් උන් දමපු අළුත තියනවා.