ටයර් ශොප්

hunk

Junior member
  • Oct 1, 2006
    282
    19
    18
    මචන්ල. මට පොඩි අදහසක් තියනව ටයර් කඩයක් දාන්න. ටයර් සහ බැටරි විකුනන්න. සහ ඔකොමටයර් සර්විස් කරන්න. මේ වැඩේට සාමාන්‍යෙන් කීයක් විතර ඉන්වෙස්ට් කරන්න ඔනේද මුලින්. එළකිරි එකේ බිස්නස් එහෙම කරන අය ඉන්නව ඇතිනෙ. පොඩි අදහස් ටිකක් දෙන්නකො. :yes:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ටයර් සර්විස් එකක් නම් එච්චර යන්නෙ නෑ. කම්ප්‍රෙෂර් එකක් තව පොඩි පොඩි අඩුම කුඩුම ටිකයි ඔක්කොටම ලක්ෂ 3ක් විතර යාවි.
    ටයර් විකුණන තැනක් නම් වියදම අඩුයි. ටයර් මාසෙක දෙකක ක්‍රෙඩිට් එක්ට ගත්තා වික්කා. මුල් ස්ටොක් එක දාගන්න ලක්ෂහය හතක් වත් යාවි. ටයර් පට්ට ගනන්. ගොඩක් උන් කරන්නේ පටන් ගත්ත දවස් වල වැඩිපුර යන ටයර් විතරක් පහ හයක් දාගෙන පරණ ටයර් වලට අළුත් ටයර් වල පටි ඔතලා හෙන ස්ටොක් එකක් වගේ ඩිස්ප්ලේ කරනවා. බැටරි වලත් කෙඩිට් එකට ගන්න පුළුවන්. ඔය කම් පැනි වලට ගිහින් කථා කරාම උන් පැනලා දෙනවා. මුල් දවස් වල නම් මොනා හරි ඇපයට තියන්න කියාවි. පස්සෙ පස්සෙ බඩු ගන්න කිය කිය බලෙන් දෙන්නෙ. බැටරිත් අළුත් දෙකක් තුනක් තියාගෙන ඩිස්ප්ලේ එකට හිස් බැටරි පෙට්ටි ගොඩක් උන් දමපු අළුත තියනවා.
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    ටයර් කඩේක බිස්නස් හදා ගන්න නම් අනිවා ණයට දෙන්න වෙනවා. ණය එකතු කරගන්න ගිහාම නම් ඇඬෙනවා.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    ටයර් කඩේක බිස්නස් හදා ගන්න නම් අනිවා ණයට දෙන්න වෙනවා. ණය එකතු කරගන්න ගිහාම නම් ඇඬෙනවා.

    :yes:
    අලුතෙන් දාපු කඩවලට ණයට ගන්න එන්නෙත් අනිත් තැන් වලට පොලු තියපු එවුන්. :oo: