ටය්ල්l help

nandana2014

Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    මචන්ලා මේ දවස් වල tile වගේ ගෙවල්වල පොලොව පාට දාල කපන
    සීන් එකක් යනවා නේද විස්තර දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද.
    titanium කියල තමඊ කියනේ.
    කරන විදිහ දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් මේ වැඩේ මන් කරා කඩේ ගන්න තියෙනවා titanium කියලා cement dust එකක් සුදුම සුදු පාටයි 950යි 1kg මේක කලවම් කරන්න තියෙන්නේ normal cement එක්ක හරියට අර රතු,කොළ සිමෙන්ති කලවම් කරන්නේ අන්න ඒ විදියට කලවම් කරන එකයි තියෙන්නේ

    උබට තද අලුපාටක් ඕන නම් සාමාන්‍ය සිමෙන්ති 20කට titanium 1ක් කලවම් කරපන් වඩා සුදු පාටක් ඕන නම් 14-1, 13-1, 12-1 .... විදියට කලවම් කරන්න හොදම වැඩේ සම්ප්ලේ 3,4 ක් කරලා උබලට හොදයි කියල හිතෙන එකේ mixture එක ගනින් ඊට පස්සේ normal සිමෙන්ති මදින විදියට පොලව මැදගන්න තියෙන්නේ හැබැයි මේකෙදි හැදි පාරවල් හිටින්නේ නැති වෙන්න හොදට මැදගන්න ඕන අනික layer එක ටිකක් වැඩිපුර දාගන්න මොකද පස්සේ machine එකෙන් මදිනකොට අඩුවෙන් දලා තියෙන තැන් වල වැලි මතුවෙනවා layer එක අඩු උනාම

    ලස්සන වැඩි කරගන්න ඕනේ නම් 2x2, 3x3 හෝ 4x4 ප්‍රමාණයට විදුරු පටි හතරැස් කොටු වගේ හිටින්න දාලා mixer අතුරලා machine එකෙන් කපාගන්න මේ machine එක කිව්වේ terrazzo එහෙම කපන්න ගන්න එක තමා

    මේක professional කරන mason බාස් කෙනෙක්ට දුන්නා නම් හොදට කරලා දේවි උබ කුරුණෑගල පැත්තේ නම් මේ 0722240058 නොම්බරේට ගන්න මෙයා තම අපේ wife ලගේ දිහා cement කපන්න ආවේ හැබැයි අපේ මිශ්‍රණය දැම්මේ මෙයා නෙවෙයි ගෙදර අනිත් වැඩ කරපු බාස් පොර වැඩේ ටිකක් දෙල් කරා එකයි මන් කිව්වේ professional මේවා කරන කෙනෙක්ට දෙන්න කියලා

    කෙලින්ම concrete කපන්නත් පුළුවන් මේ එහෙම video එකක්



    මේ විස්තරේ උදව් වෙයි අදහසක් ගන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පුලුවන්නම් ඔක කරන professional කෙනෙකුට දෙන්න.නෑත්නම් කරන්නෙ මෙහෙමයි.මුලින්ම වීදුරු කඩේකට ගිහිල්ලා නූල් එකහමාර ගනකම 20mm උස වීදුරු පටි කපාගෙන එන්න ඔනි.ඊට පස්සෙ ඒව උබ කෑමති රටාවකට(2x2,4x4 වගේ)තියන්න්.ඊට පස්සෙ වීදුරු පටියෙ 15mm උසට එනකන් සාමන්ය සිමෙන්ති වෑලි බදාම මිශ්‍රනය දාන්න .මෙහෙම කරාට පස්සෙ වීදුරු පටි හෙලවෙන්නෙ නෑහෑ.දෑන් තමයි අමාරු වෑඩේ තියෙන්නෙ. හාඩ්වෙයාර් වල තියෙනව ටයිටෙනියම් කියල පව්ඩර් එකක්.එකෙන් ටිකක් අරන් එන්න ඔනි.ඊට පස්සෙ ටයිටෙනියම් සාමාන්ය සිමෙන්ති එක්ක මිශ්‍ර කරන්න ඔනි.එකපාරම ඔක්කොම දාන්නෙ නෑතුව සාම්පල් ටිකක් හදල බලන්න මොන මිශ්‍රනයද හිතට අල්ලන්නෙ කියල.සාමාන්ය මිශ්‍රන අනුපාතය ටයිටෙනියම් කොටස් එකකට සිමෙන්ති කොටස් 20. සිමෙන්ති ගන්න කොට මතක ඈතුව එකම වර්ගයෙ එකම ලොට් එකේ සිමෙන්ති ගන්න.මොකද සිමෙන්ති වල වර්ගය,ලොට් එක වෙනස් වෙනකොට පාට වෙනස් වෙනව.දෑන් මිශ්‍රනය හදගෙන(මිශ්‍රනයට දාන්නෙ සිමෙන්ති+ ටයිටෙනියම්+වතුර විතරයි )වීදුරු පටි වල ඉතුරු 5 වලට පුරවන්න ඔනි.මේක දාල දවසකට විතර පස්සෙ වතුර දාල තියන්න ඔනි පදම් වෙන්න.පදම් උනාට පස්සෙ ටෙරාසො මෑශින් එකකින් කපල වේලුනාට පස්සෙ වෑක්ස් කරන්න .
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    titenium

    Material is titanium. that is correct. its a some thing to use with cement and will reduce the hardness of cement.Also reduce the dark color of the cement and gives the ash clour to it. mixer is 1:10 maximum and more than it will be reduce the strength of cement. method is same as the smooth rendering of cement ( suda medeema) and titanium is only for the smooth party.

    But remember only the troweling will not give the finish as after troweling when it get hard the top layer need to smooth by sand paper.use 100 and 300 sand paper and for large floors use mechanical way.

    After smoothness apply neutral wax and finish it with a floor polish machine. never use color wax as it discolor the floor.

    In about month time the floor will appear tiny cracks and it is natural. it is the beauty of floor.


    1 kg of titanium will be around 950 rupees and for rendering it will cost of 30 rupees per sqft. smoothing and waxing will cost for labour.

    feel like this will help you and please educate me if I have write any mistake here.