ඔකේ පාවිච්චි කරන සංඛ්යාත මොනාද?
කොච්චර උසින්ද හයි කරන්න ඔනේ?
හයි කරන්නෙ උබද?
TRC Approval තියනවාද?
කොහොම උනත් මේක උබට නොමිලේ කරගන්න නම් බැරි වෙයි. සමාන්යෙන් ටවර් එකක හයි කරල තියනවාට මාසෙකට 30000 වගේ ගානක් යනවා.හයි කරන්නේ, ගලවන්නේ උබ නෙවි නම් කන්ට්‍රෑක්ටර් කෙනෙක්ව හොයාගෙන උට ගෙවන්න වෙනවා. ඔකෙන් පල්ලෙහට වයර් එනවා ඇතිනෙ. පවර් දෙන්නත් ඔනේ ඇතිනේ. Indoor unit ඇතිනේ. ටවර් ස්පේස්, කැබින් ස්පේස් සහ පවර් කියන තුනම ඉල්ලන්න වෙනවා. ඒවාට වෙනම ගෙවන්නත් වෙයි.
උබ මුහුද සම්බන්ද පර්යෙශනයක් නිසා මූද අයිනෙ තියන ටවර් එකක් හොයාගන්න ඔනේ. ඒකේ උස උබේ වැඩේට ඇති වෙන්නත් ඔනේ. ඒක හින්ද මුලින්ම කරන්න ඔනේ මූද අයින දිගේ තියන පාරවල් වල ඇවිදලා උබේ වැඩේට හරි යයි කියලා හිතෙන ටවර් කිහිපයක් හොයාගන ඔනේ. ඒවායෙ provider කවුද හා ජී පී එස් මාර්ක් අරගෙන අදාල providerට කතා කරලා බලන්න.
සමහර provide ලා විවිධ හේතු නිසා ටවර් එක දෙන්නේ නෑ. උබ ඉල්ලන තැන දාන්න දෙන්නේ නෑ වගේ ප්‍රශ්න එනවා. ඒවා මුලින් කතා කරගන්න ඔනේ. ඊට පස්සේ ටෙස්ටින් කියලා ඉල්ලපන් සතියකට දෙකකට. ටෙස්ටින් කාලේ උබේ ඔය equipment හයි කරලා බලපන් උබේ වැඩේ හරියට වෙනවද නැද්ද කියලා. කවුරුවත් නොහිතන හේතු නිසා උබේ වැඩේ හරියට වෙන්නේ නැති වෙන්න පුලුවන්. එහෙම උනොත් වෙන ටවර් එකකටත් කතා කරලා ටෙස්ට් කරන්න. වැඩේ ගොඩ නම් permanent කරන්න පුලුවන්.
මොන දේ කරන්නත් ඉස්සෙල්ලා TRC Approval තියෙන්නේ ඔනේ.