ට්විටර් වෙබ් ජාලයේ තාක්ෂණික දෝෂයක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ට්විටර් වෙබ් ජාලයේ තාක්ෂණික දෝෂයක්



    ට්විටර් වෙබ් ජාලයේ තාක්ෂණික දෝෂයක්

    image_5af0088857.jpg

    තාක්ෂණික දෝෂයක් මුල්කොට ගනිමින්, ආරක්ෂක පියවරක් ලෙස සියලු මුරපද (පාස්වර්ඞ්) කඩිනමින් වෙනස් කරන්නැයි ‘ට්විටර්’ සමාජ ජාල වෙබ් සේවාව ඔවුන්ගේ මිලියන 330 ක් වන පරිශීලකයන්ට දැනුම් දුන්නේය.
    ට්විටර් යනු අතිශය ජනප්‍රිය සමාජ ජාල වෙබ් සේවාවකි. ලෝක නායකයන් ඇතුළු ලොව කවුරුත් නිදහසේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට, ඡායාරූප ප්‍රසිද්ධ කිරීමට, යහළු යෙහෙළියන් සමඟ කතාබහ කිරීමට ට්විටර් භාවිත කරයි.
    ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වැනි ලෝක නායකයන් ඔවුන්ගේ අදහස් ප්‍රසිද්ධියට පත් කරන්නේ ට්විටර් සමාජ ජාලය ඔස්සේය.

    තාක්ෂණික දෝෂය හේතුවෙන් පරිශීලකයන් රැසකගේ ‘මුරපද’ (පාස්වර්ඞ්) කාටත් පෙනෙන අයුරින් දිස්වීම සිදුවිය. එමගින් දත්ත අවභාවිතයක් සිදුවිය හැකි හෙයින්, ආරක්ෂක පියවරක් ලෙසමුරපද වෙනස් කර ගන්නැයි ට්විටර් සමාගමේ විධායක අධ්‍යක්ෂ ජැක් ඩෝර්සි පරිශීලකයන්ට දැනුම් දුන්නේය.
    හටගත් තාක්ෂණික දෝෂය කඩිනමින් නිවැරදි කිරීමට ට්විටර් පරිගණක විශේෂඥයෝ සමත් වූහ. ට්විටර් සමාගමේ තාක්ෂණික කටයුතු බාර ප්‍රධානියා පරාග් අරග්වාල් පවසා ඇත්තේ යළි එවැනි දෝෂ ඇති නොවීමට පියවර ගත් බවය. තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් වරද තමාගේ බව ද හෙතෙම පවසා ඇත.
    (රොයිටර්)