ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ට්‍රම්ප් නිව්ටන් හා දෙවියෝ - නලීන් ද සිල්ව&#35

•ට්‍රම්ප් කාලගුණය ගැන විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ නැහැ. සමස්තයක් ලෙස විද්‍යාවටත් අකමැතියි. අද විද්‍යාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙහි ආගම බවට පත්වෙලා. විද්‍යාඥයන් තමයි පූජකයන්. ඒ් ආගම හා පූජකයන් විවේචනය කරන විට ඒ ආගමිකයන්ට කේන්ති යනවා. ට්‍රම්ප් ඒ පූජකයන්ට අකමැතියි. ඔහු විද්‍යාවට වෙන් කරන මුදල් කපා හරිනවා.

•නාථ දෙවියන් ගැන කියන විට මෙරට පඬියන් හා පඬි පෝතකයන් මට හිනහවෙනවා. මගේ මිථ්‍යා විශ්වාස ගැන කියවනවා. රත්නපුරේ සමන් දේවාල භූමිය යට වීමෙන් පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අයකු (සමහර විට මා ඔහුට උගන්වා ඇති) මට අගෞරව කිරීම සඳහා කියා සිටියේ සමන් දෙවියන් කොටු වී ඇති බවත් එතුමාට දීම සඳහා ආධාර අපේ නිවසට ගෙන දෙන ලෙසත්.

•ගංවතුර පටන් ගත් දිනවල ම නාථ දේව මණ්ඩලය සමග වැඩ කරන කණ්ඩායමක් මට කියා සිටියේ මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් බැවින් ඒ විනාශය සිදුවන බවත් (අවපාතය ඇති වීමට හේතුව කුමක් ද, එය එසේ ඇති වූයේ ඇයි? නිව්ටන්ට අනුව ඒ බව කලින් දැකීමට නොහැකි වූයේ ඇයි?) එහෙත් නාථ දෙවියන්ට අයැද වැස්ස අඩු කිරීමට යමක් කළ හැකි බවත්. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා පමණක් නොව වැස්සේ අඩු වීමක් ද සිදු වුණා. එහෙත් එය නිව්ටන්ට හසුවන්නේ නැහැ.

ට්‍රම්ප් පැරිස් කාලගුණ සම්මුතියෙන් ඉවත් වීමට තීරණය කරලා. ඒ පිළිබඳ නිල ප්‍රකාශය ඉදිරි දින කිහිපයෙහි කිරීමට නියමිතයි. ට්‍රම්ප් මොන තරම් වැරදි කළත් ජාතිකවාදියෙක්. ඔහු දේශපාලනඥයකු ලෙස පරිණත නැහැ. ඔහු වැරදි කරන්නේ එබැවිනුයි. එහෙත් ඔහු ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට විරුද්ධයි. ට්‍රම්ප් ප්‍රංශයේ ලෙ පෙන් ආදීන්ගේ දේශපාලනය හුදු ජනප්‍රියවාදයක් නො වෙයි. මොවුන් ඊනියා ගෝලීයකරණයට, ජාත්‍යන්තරවාදයට විරුද්ධයි. ට්‍රම්ප් පැරිස් සම්මුතියෙන් ඉවත් වන්නේ කරුණු කිහිපයක් හේතුකොට ගෙන. ඒ අතර ආර්ථික හේතු තියෙනවා. පැරිස් සම්මුතියෙන් නිෂ්පාදනයට පහරක් වදින බව ඔහු සිතනවා. ඒ අතර තවත් වැදගත් හේතුවක් තියෙනවා. ඔහු කාලගුණය ගැන විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ නැහැ. සමස්තයක් ලෙස විද්‍යාවටත් අකමැතියි. අද විද්‍යාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙහි ආගම බවට පත්වෙලා. විද්‍යාඥයන් තමයි පූජකයන්. ඒ් ආගම හා පූජකයන් විවේචනය කරන විට ඒ ආගමිකයන්ට කේන්ති යනවා. ට්‍රම්ප් ඒ පූජකයන්ට අකමැතියි. ඔහු විද්‍යාවට වෙන් කරන මුදල් කපා හරිනවා.

මා කිසිවකුට සමච්චල් කිරීමට කැමති නැහැ. ඒත් මා බටහිර දැනුම් ආධිපත්‍යය යටතේ කටයුතු කිරීමටත් කැමති නැහැ. එබැවින් මා බටහිර දැනුම තරයේ විවේචනය කරනවා. ඒ අනුගමනය කරන්නන් ද පොදුවේ මගේ විවේචනයට හසුවෙනවා. පසුගිය මැයි මස ජෙරමි ලෙන්ට් නමැත්තකු පොතක් පළ කර තිබුණා. ඒ තේරුම් රටා ගැන. ඔහු සංස්කෘතික පසුබිමක දැනුමට විවිධ තේරුම් දෙන බව පවසනවා. මා තවම පොත කියවා නැහැ. එහි හැඳින්වීම පමණක් කියවීමෙන් මට තේරුම් ගියා ඔහුගේ සංකල්ප හා මගේ චින්තනය සංකල්පය අතර සමීපබවක් තිබෙන බව. මා ඔහුට විද්‍යුත් පණිවුඩයකින් ඒ බව දැන්වුවා. ඔහු හැරෙන තැපෑලෙන් මට ලිපියක් එවා තිබුණා. ඒ ලිපි ද වෙන ම පළකිරීමට මා තීරණය කළා. අවශ්‍ය අයකුට අන්තර්ජාලයෙන් ලෙන්ට්ගේ පොතේ හැඳින්වීම කියවිය හැකියි.

ලෙන්ට් සාම්ප්‍රදායික උගතකු නො වෙයි. ඔහු එංගලන්තයේ ඉපිද කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඉංගිරිසි පිළිබඳ උපාධියක් ලබා එක්සත් රාජ්‍යයේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධියක් ලබා එහි ජීවත්වන්නෙක්. ඔහු විශ්වවිද්‍යාලයක සාම්ප්‍රදායික කථිකාර්යවරයකු නො වෙයි. ඔහු බටහිර චින්තනයෙහි වැරදි දකිනවා. මා ඉතා කෙටියෙන් චින්තනය ගැන කී දේ ඔහුට ක්‍ෂණික ව අවබෝධ වී තිබෙනවා. මෙරට ඊනියා විද්වතුන්ට චින්තනය කියන සංකල්පය අවුරුදු තිහකිනුත් අවබෝධ කර ගැනීමට නොහැකි වී තිබෙනවා. ඔවුන් තරමක්වත් දන්නේ ගුණදාස අමරසේකර ජාතික චින්තනය ලෙස පරිවර්තනය කළ නැෂනල් තෝට් යන්න. ඔවුන් අමරසේකර හා මා කියන්නේ එක ම යැයි සිතනවා.

මේ සියලු පූර්විකා ගංවතුර හා දෙවියන් භූතයන් ගැන වචනයක් දෙකක් කීමටයි. මා කාලගුණ දෙපාර්තමේන්තුව විවේචනය කරනවා නො වෙයි. එහි කලින් සිටි අධ්‍යක්‍ෂවරුන් හා වෙනත් නිලධාරීන් අතර මගේ විශ්වවිද්‍යාල කණ්ඩායමේ අය ද ශිෂ්‍යයන් ද සිටියා. දැනුත් ශිෂ්‍යයන් සිටිනවා වෙන්න පුළුවන්. මා විශ්වවිද්‍යාලයේ දී ඔවුන් සමහර දෙනකුට කාලගුණ විද්‍යාවට වක්‍ර ව අදාළ තරල ගතිකය උගන්වා තිබෙනවා. ඔවුන් මා කියන දේ පිළිගන්නේ නැහැ. ඔවුන් සමහර දෙනකුට නිව්ටන්ට වඩා කෙරුමකු නැහැ. තම ශිෂ්‍යයන්ගේ වැඩිම විවේචනයට, අගෞරවයට, සමච්චලයට භාජනය වන ගුරුවරයා මා වෙන්න පුළුවන්. ඒ අයට සමච්චල් කිරීමට මා පෙළඹෙන්නේ නැහැ. ගංවතුර ගැලූ විගස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ ඊයෙන් අවසන් වූ දින පහේ තද වැසි වහින බවයි. ඒ සඳහා හේතු ද ඔවුන් කිව්වා. මෝරා බංග්ලාදේශය පැත්තට ගිය පසු සුළං නිරිතදිග දෙසින් පැමිණ බටහිර කඳු බෑවුම්වල වැදී නිරිතදිග ප්‍රදේශවලට වැසි වටෙන බව ඔවුන් කීවා.

එහෙත් එය එසේ සිදුවූයේ නැහැ. එයට වරදකරුවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නො වෙයි. නිව්ටන්ට හසු නොවන සාධක එහි දී බලපෑමයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තමන් කී විධියට වැසි නොවැටීම ගැන හේතු දක්වාවි. එහෙත් ඒ සිද්ධියට පෙර නොව පසුවයි. සාමාන්‍ය නිරිතදිග මෝසම් වැහි, දුවන වැහි හෙවත් පොසොන් වැහි ගැන ඔවුන්ට පසුව කියන්න පුළුවන්. එහෙත් ඒ දින පහේ ඔවුන් කී ආකාරයට වැසි නොවැටුණේ ඇයි?

නාථ දෙවියන් ගැන කියන විට මෙරට පඬියන් හා පඬි පෝතකයන් මට හිනහවෙනවා. මගේ මිථ්‍යා විශ්වාස ගැන කියවනවා. රත්නපුරේ සමන් දේවාල භූමිය යට වීමෙන් පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් අයකු (සමහර විට මා ඔහුට උගන්වා ඇති) මට අගෞරව කිරීම සඳහා කියා සිටියේ සමන් දෙවියන් කොටු වී ඇති බවත් එතුමාට දීම සඳහා ආධාර අපේ නිවසට ගෙන දෙන ලෙසත්. එය මට කළ අපහාසයක් නොව සමන් දෙවියන්ට කළ අපහාසයක්. සම්‍යයක්දෘශ්ටික දෙවියන් අප අතහැර යෑමත් ඔවුන් දුර්වල වී මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් වීමත් පුදුමයක් නො වෙයි. ඒ පුද්ගලයා සිතන්න ඇති සමන් දෙවියන් පාණදුර රත්නපුර පාරේ ඇවිද යන අයකු කියා. අඩු තරමෙන් පියාසර කළ හැකි කුරුල්ලකුවත් ගංවතුරට කොටු වන්නේ නැහැ. ඒ කොහොම වුණත් කිසිවකු මට ආධාර ගෙනත් දුන්නේ නැහැ.

ගංවතුර පටන් ගත් දිනවල ම නාථ දේව මණ්ඩලය සමග වැඩ කරන කණ්ඩායමක් මට කියා සිටියේ මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් බැවින් ඒ විනාශය සිදුවන බවත් (අවපාතය ඇති වීමට හේතුව කුමක් ද, එය එසේ ඇති වූයේ ඇයි? නිව්ටන්ට අනුව ඒ බව කලින් දැකීමට නොහැකි වූයේ ඇයි?) එහෙත් නාථ දෙවියන්ට අයැද වැස්ස අඩු කිරීමට යමක් කළ හැකි බවත්. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා පමණක් නොව වැස්සේ අඩු වීමක් ද සිදු වුණා. එහෙත් එය නිව්ටන්ට හසුවන්නේ නැහැ.

දේව මණ්ඩල සමග සංනිවේදනය කරන කණ්ඩායම් ලංකාවේ ඉන්නවා. එහෙත් පඬියන් කරන්නේ ඔවුන්ට සමච්චල් කිරීම පමණයි. මිථ්‍යාදෘශ්ටික දෙවිවරුන් හා භූතයන් බලවත් වීමට හේතු ගණනාවක් තිබෙනවා. මා ඒ සියල්ල විස්තර කරන්නේ නැහැ. සම්‍යක්දෘශ්ටික දෙවිවරුන්ට පාච්චල් කිරීම, තාප්ප උඩින් සෘද්ධීි වන භික්‍ෂූන් වහන්සේ චීවරයට අගෞරව කිරීම, රණවිරුවන්ට නොසලකා මියගිය දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට පහන් පූජා පැවැත්වීම, මිනිසුන් අධාර්මික වීම ආදී කරුණු රාශියක් මෙහි දී අදාළ වෙනවා. මේ එකක්වත් නිව්ටන්ට හසු නොවන බව නිව්ටන්ගේ වැඩ කිඩ ඉගෙන ගත්, ඉගැන්වූ අයකු ලෙස මා දන්නවා. නිව්ටන්ට හසු වන්නේ ඉතාමත් සීමිත සාධක කිහිපයක් පමණයි. නිව්ටන්ට හසු නොවන දේ ගැන කියන විට අපට ඊනියා විද්වතුන් හා විද්වත් පෝතකයන් විරුද්ධ වෙනවා. ගංවතුරෙන් වඩාත් ම හානි සිදුවූයේ සිංහලයන්ට බව අමතක කරන්න එපා. විපක්‍ෂ නායක ආපදාව ගැන පණිවුඩයක් නිකුත් කළ බවට මට නිච්චියක් නැහැ. සමහර විට නිකුත් කරන්න ඇති. එහෙත් ඒ කිසිවකු ගංවතුර රටේ ප්‍රශ්නයක් ලෙස ගෙන මැදිහත් වුණේ නැහැ. මා මේ සියල්ල කියන්නේ ඔවුන් කෙරෙහි වෛරයක් ඇති කිරීමට නො වෙයි. අප ඔවුන්ට මෛත්‍රී කළ යුතුයි.

මෙවැනි විපත් සිදුවන වාර සංඛ්‍යාව (සංඛ්‍යාතිය) අද වැඩි වෙළා. ඒ අඩු කර ගැනීමට අපට නිව්ටන් පිහිට වෙන්නේ නැහැ. අප ආධ්‍යාත්මික පැත්තට යොමු විය යුතුයි. තම පෞද්ගලික වුවමනා සඳහා බාරහාර වෙමින් දෙවියන් සමග තම ගිණුම හොඳින් පවත්වා ගෙන යන අය රට වෙනුවෙන් ආධ්‍යාත්මික වීමට කැමති නැති වීම තරමක පුදුමයක්. ඔවුන් පඬි බස් අසා දෙවියන්ගෙන් ඈත් වූ අය නො වෙයි. එහෙත් රට වෙනුවෙන් ආධ්‍යාත්මික පැත්තට යොමු වන්නේ නැහැ. රටේත් ජාතියේත් නාමයෙන් අප ආධ්‍යාත්මික පැත්තට නැඹුරු විය යුතුයි.

http://www1.kalaya.org/2017/06/blog-post.html
 
  • Like
Reactions: tharakato

your_love

Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    රැවටෙන්නෙපා මූනේ හිනාවක් තිබ්බට
    භීෂණේන් පිරිලා කාගේ කාගේත් හිත් යට
    මුහුණ පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට
    බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්තට
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    ජීවත් වෙන්න අමාරු වුනත් දෙවියන්ට වුන්නැහැ බාර
    විසයි සමාජේ, රසයි විනාසේ, පෑගිලා පුරුදුයි තාර
    නැවතුනොත් ඉවරයි විරාම නෑ සැරයි පාර
    මූණට හිනාව දාන යාලුවෙක් වගේ රඟපාන
    හැත්ත පිරිලා මෙහෙ, සිය දෙනෙක් ගත්තොත් 98ක් දිවවල් දෙකේ
    හාදු දෙන්නේ ආදරේට නෙමෙයි ඕනම කෙනෙක්
    යටින් පුප්පන්නේ පෙනේ
    කකුල් දෙකෙන් අල්ලන්නේ උඩට උස්සන්න නෙමේ
    පාරේ බල්ලො වත් කන්නේ නැති සල්ලි වලට මත්වූ
    මිනිස්සු තමයි ලෝකේ භයානකම සත්තු
    මන්තරේ දන්නවනම් ඉන්න පුළුවන් බේරිලා
    උඹත් තේරුම් ගනින් ගොඩක් කල් දැන් මටත් තේරිලා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    :rofl::rofl:
    සමන් දෙවියන් කියන එකාට නන් ගන්වතුර නෙවෙයි බෝම්බයක් ගහන්න ඕනෙ මොකද මූ තරං රත්න පුරේ මිනිස්සුන්ගෙන් අල්ලස් ගන්න එකෙක් නැතුවඇති.......
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගංවතුර පටන් ගත් දිනවල ම නාථ දේව මණ්ඩලය සමග වැඩ කරන කණ්ඩායමක් මට කියා සිටියේ මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් බැවින් ඒ විනාශය සිදුවන බවත් (අවපාතය ඇති වීමට හේතුව කුමක් ද, එය එසේ ඇති වූයේ ඇයි? නිව්ටන්ට අනුව ඒ බව කලින් දැකීමට නොහැකි වූයේ ඇයි?) එහෙත් නාථ දෙවියන්ට අයැද වැස්ස අඩු කිරීමට යමක් කළ හැකි බවත්. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා පමණක් නොව වැස්සේ අඩු වීමක් ද සිදු වුණා. එහෙත් එය නිව්ටන්ට හසුවන්නේ නැහැ.

    are u serious ban.?:dull:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ගංවතුර පටන් ගත් දිනවල ම නාථ දේව මණ්ඩලය සමග වැඩ කරන කණ්ඩායමක් මට කියා සිටියේ මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් බැවින් ඒ විනාශය සිදුවන බවත් (අවපාතය ඇති වීමට හේතුව කුමක් ද, එය එසේ ඇති වූයේ ඇයි? නිව්ටන්ට අනුව ඒ බව කලින් දැකීමට නොහැකි වූයේ ඇයි?) එහෙත් නාථ දෙවියන්ට අයැද වැස්ස අඩු කිරීමට යමක් කළ හැකි බවත්. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා පමණක් නොව වැස්සේ අඩු වීමක් ද සිදු වුණා. එහෙත් එය නිව්ටන්ට හසුවන්නේ නැහැ.

    are u serious ban.?:dull:

    මේකගේ මහාචාර්ය විදුසර පාටකයො කො බන්.. :rofl::rofl::rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සමන් දෙවියන් කියන එකාට නන් ගන්වතුර නෙවෙයි බෝම්බයක් ගහන්න ඕනෙ මොකද මූ තරං රත්න පුරේ මිනිස්සුන්ගෙන් අල්ලස් ගන්න එකෙක් නැතුවඇති.......

    රත්නපුරෙ උන් මැණික් එක්කයි සමන් දෙය්යෝ විශ්වාස කරන්නේ.
    මගේ හිත්වතෙක් ඉන්නවා.මැණික් කාරයෙක්ගෙ පුතෙක් පොර. හොද උගතා..සින්හලේ මිත්‍යාවිශ්වාස වලට හිනා වෙනව. හැබැයි සමන් දෙය්යෝ කිව්වොත් මිනිහ නැවෙනවා. රත්නපුරෙ උන් හිතන් ඉන්නේ උන්ට මැණික් දෙන්නේ සමන් දෙය්යොයි කියල
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ගංවතුර පටන් ගත් දිනවල ම නාථ දේව මණ්ඩලය සමග වැඩ කරන කණ්ඩායමක් මට කියා සිටියේ මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් බැවින් ඒ විනාශය සිදුවන බවත් (අවපාතය ඇති වීමට හේතුව කුමක් ද, එය එසේ ඇති වූයේ ඇයි? නිව්ටන්ට අනුව ඒ බව කලින් දැකීමට නොහැකි වූයේ ඇයි?) එහෙත් නාථ දෙවියන්ට අයැද වැස්ස අඩු කිරීමට යමක් කළ හැකි බවත්. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා පමණක් නොව වැස්සේ අඩු වීමක් ද සිදු වුණා. එහෙත් එය නිව්ටන්ට හසුවන්නේ නැහැ.

    are u serious ban.?:dull:

    Asiri Wanigarathna PLZ:rofl::rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    •ගංවතුර පටන් ගත් දිනවල ම නාථ දේව මණ්ඩලය සමග වැඩ කරන කණ්ඩායමක් මට කියා සිටියේ මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් බැවින් ඒ විනාශය සිදුවන බවත් (අවපාතය ඇති වීමට හේතුව කුමක් ද, එය එසේ ඇති වූයේ ඇයි? නිව්ටන්ට අනුව ඒ බව කලින් දැකීමට නොහැකි වූයේ ඇයි?) එහෙත් නාථ දෙවියන්ට අයැද වැස්ස අඩු කිරීමට යමක් කළ හැකි බවත්. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා පමණක් නොව වැස්සේ අඩු වීමක් ද සිදු වුණා. එහෙත් එය නිව්ටන්ට හසුවන්නේ නැහැ.

    මචන් වයිට් වෝකරේ.. මං මේ බොහොම සුහඳව අහන්නේ කිසිම කින්ඩියකට නෙවෙයි :baffled: උබ සිරාවටම මේක විශ්වාස කරන නිසාද මේක රතු කරලා උඩින්ම දැම්මේ ? අවංක උත්තරයක් ඕනේ :oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    •ට්‍රම්ප් කාලගුණය ගැන විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ නැහැ. සමස්තයක් ලෙස විද්‍යාවටත් අකමැතියි. අද විද්‍යාව ජාත්‍යන්තර සුපිරිව්‍යුහයෙහි ආගම බවට පත්වෙලා. විද්‍යාඥයන් තමයි පූජකයන්. ඒ් ආගම හා පූජකයන් විවේචනය කරන විට ඒ ආගමිකයන්ට කේන්ති යනවා. ට්‍රම්ප් ඒ පූජකයන්ට අකමැතියි. ඔහු විද්‍යාවට වෙන් කරන මුදල් කපා හරිනවා.

    ඔව් ඒක ඇත්ත , මේ පවතින ධනේවශ්වරේ ඇතුලේ ලාභය උදෙසා කරන තරඟයේ ප්‍රතිඵලයක් විදිහට විද්‍යාවේ දියුණුව ගත්තම ඒක අර ටියුඩර් වීරසිංහ කියන්නා වගේ හැදිලා තියෙන උපරී ව්‍යුහ සමාජයේ (මන් හිතන්නේ නලින්ද සිල්වා අදහස් කරන්නෙත් ඒකම තමයි) ආගම වෙන එක පුදුම වෙන්න කාරණයක් නෙවෙයි ..

    හැබැයි වයිට් වෝකරේ , අපි ඕකෙම අනික් පැත්ත ගමු .. අපි ඔය අද විද්‍යාව තියෙන තැන වෙනුවට පෙරදිග අධ්‍යාත්මික දැනුම කියල හදුන්වන ආගම් ආදේශ කරලා බලමු .. එත් බන් ඇති වෙන උපරිව්‍යුහ සමාජය ඇති වෙන්නේ කපුවන්ගෙන් , හාමුදුරුවරුන්ගෙන් , ෆාදර් ලාගෙන් , ලෙබ්බේ ලාගෙන් නේද ? හරියට උදාහරනෙකට ගත්තොත් වැඩවසම් ක්‍රමය වගේ .. එතකොට ඔය ට්‍රම්ප් විද්‍යාව ප්‍රතික්ෂේප කරලා යන්නේ වැඩසම් ක්‍රමයකට නෙවෙයි ද :baffled:

    දැන් මේකේ ධනේශ්වර වචනේ අල්ලන් බනින්න එපා මං සමාජවාදේ හොඳයි කිව්වා කිව්වා කියල .. :dull: පවතින ක්‍රමය ධනේශ්වර නං ඒක ධනේශ්වර කියල හදුන්වන්නේ නැතුව "බෙට්ට" කියල හදුන්වන්න බෑ නෙ නේද :dull:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    •ගංවතුර පටන් ගත් දිනවල ම නාථ දේව මණ්ඩලය සමග වැඩ කරන කණ්ඩායමක් මට කියා සිටියේ මිථ්‍යාදෘශ්ටික දෙවියන් හා භූතයන් බලවත් බැවින් ඒ විනාශය සිදුවන බවත් (අවපාතය ඇති වීමට හේතුව කුමක් ද, එය එසේ ඇති වූයේ ඇයි? නිව්ටන්ට අනුව ඒ බව කලින් දැකීමට නොහැකි වූයේ ඇයි?) එහෙත් නාථ දෙවියන්ට අයැද වැස්ස අඩු කිරීමට යමක් කළ හැකි බවත්. ඒ අනුව ඔවුන් ක්‍රියා කළා පමණක් නොව වැස්සේ අඩු වීමක් ද සිදු වුණා. එහෙත් එය නිව්ටන්ට හසුවන්නේ නැහැ.

    මචන් වයිට් වෝකරේ.. මං මේ බොහොම සුහඳව අහන්නේ කිසිම කින්ඩියකට නෙවෙයි :baffled: උබ සිරාවටම මේක විශ්වාස කරන නිසාද මේක රතු කරලා උඩින්ම දැම්මේ ? අවංක උත්තරයක් ඕනේ :oo:

    100% නිරවද්‍යතාවය දන්නෑ ඒත් වෙන්න පුලුවන් උඹට මතකද දන්නෑ ප්‍රභාකරන් මැරුව කිව්ව දවසෙ. යුද්දෙ කරනකං හෙන පෑවිල්ල වැහි වලාකුලක් දකින්නවත් තිබ්බෙ නෑ :no: අරහෙ ඈත ගිණි ගන්නව කියල උදේ ඉඳන් ටීවි එකේ පෙන්න පෙන්න ඉඳල එක පාරට ප්‍රභාකරන්ගෙ මිනිය හම්බුනා කියල ප්‍රභාකරන් මැරිල ඉන්නව පෙන්නුව විතරයි මහ වෙලාවක් යන්න වුනේ නෑ එක පාරට වහින්න ගත්ත. මහ හයියෙන් වැස්සෙ නෑ පොඩි පොදයක් ගිහිං එවෙලෙම පෑව්ව ආයෙත් කාලයක් යනකං වැස්සෙ නෑ :no: අහඹු සිදුවීමක් කියල කියයි සමහර විට. ඒත් ඇත්තටම අපේ වගේ භෞතික ශරීරයකිං තොර වෙනස් ආකාරයක ජීවීන් ඉන්න බැරිද ? :oo: අපි දෙවියො කියනව ඒව අපේ සංස්කෘතිකාංග අනුව අපි හදාගත්ත වචනනෙ නලීන් ද සිල්වා කියන්නෙ සොබාදහම යම්තාක් දුරකට පාලනය කල හැකි, පංචේන්ද්‍රියන්ගෙන් එහාට ගිය ඉන්ද්‍රියකිං දැනුම ලබාගත හැකි ජීවීන් විශේෂයක් ඉන්නව, ඔවුන් එක්ක අපිට සම්බන්ධතා ගොඩනගාගන්න පුලුවන් සහ ඉස්සර ඇතැම් ශිෂ්ඨාචාර වල මිනිස්සු ඔවුන් සමග සම්බන්ධතා පවත්වල උදව් අරං තියෙනව කියල. එහෙම ජීවීන් විශේෂයක් නෑමයි කියල අපිට කිව්වෑකිද ? :no:
     
    මම කියල නෑ නෙ එහෙම ජීවින් නෑ කියල .. :nerd: but :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
    සාලිය මාලා ගාමිණි චිත්‍රා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
    අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ
    ආදරයේ රන් කිරි කටගෑ...
    :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    100% නිරවද්‍යතාවය දන්නෑ ඒත් වෙන්න පුලුවන් උඹට මතකද දන්නෑ ප්‍රභාකරන් මැරුව කිව්ව දවසෙ. යුද්දෙ කරනකං හෙන පෑවිල්ල වැහි වලාකුලක් දකින්නවත් තිබ්බෙ නෑ :no: අරහෙ ඈත ගිණි ගන්නව කියල උදේ ඉඳන් ටීවි එකේ පෙන්න පෙන්න ඉඳල එක පාරට ප්‍රභාකරන්ගෙ මිනිය හම්බුනා කියල ප්‍රභාකරන් මැරිල ඉන්නව පෙන්නුව විතරයි මහ වෙලාවක් යන්න වුනේ නෑ එක පාරට වහින්න ගත්ත. මහ හයියෙන් වැස්සෙ නෑ පොඩි පොදයක් ගිහිං එවෙලෙම පෑව්ව ආයෙත් කාලයක් යනකං වැස්සෙ නෑ :no: අහඹු සිදුවීමක් කියල කියයි සමහර විට. ඒත් ඇත්තටම අපේ වගේ භෞතික ශරීරයකිං තොර වෙනස් ආකාරයක ජීවීන් ඉන්න බැරිද ? :oo: අපි දෙවියො කියනව ඒව අපේ සංස්කෘතිකාංග අනුව අපි හදාගත්ත වචනනෙ නලීන් ද සිල්වා කියන්නෙ සොබාදහම යම්තාක් දුරකට පාලනය කල හැකි, පංචේන්ද්‍රියන්ගෙන් එහාට ගිය ඉන්ද්‍රියකිං දැනුම ලබාගත හැකි ජීවීන් විශේෂයක් ඉන්නව, ඔවුන් එක්ක අපිට සම්බන්ධතා ගොඩනගාගන්න පුලුවන් සහ ඉස්සර ඇතැම් ශිෂ්ඨාචාර වල මිනිස්සු ඔවුන් සමග සම්බන්ධතා පවත්වල උදව් අරං තියෙනව කියල. එහෙම ජීවීන් විශේෂයක් නෑමයි කියල අපිට කිව්වෑකිද ? :no:

    oya kiana jeewinta bari une ai prabakaran wa maranna oita issella, ai marenkan indala podi wassak ewwe?

    oya kiana jeewiyo specialise wela inne kalagune wenas karanna witharada?

    naatha dewiyo innawa kiala hithanawa nam prof naleen silva eh inne eyage hithe, ehema na kiala mama kianawa ehema kianneth mage hithe ehema kenek nathi nisa (mata oka therena widiha).
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රාධා ක්‍රිෂ්ණා රාමා සීතා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
    සාලිය මාලා ගාමිණි චිත්‍රා
    කිසි ලෙසකින් හෝ නොවෙමු අපී
    අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ
    ආදරයේ රන් කිරි කටගෑ...
    :)

    podi ewun kiri kata ganawa, loku ewun .... kata ganawa.