ට්‍රම්ප්_පාලනය
නිත්‍යානුකුල නිකරගුවානු සංක්‍රමණිකයන්ව ඇමරිකාව විසින් පිටුවහල් කිරීමට යයි.
දශක දෙකකටත් වඩා වැඩි කාලයක් ඇමරිකාවේ නිත්‍යානුකුලව රැඳී සිටින නිකරගුවානු සංක්‍රමණිකයින්ව රටෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් පාලනය තීරණය කර ඇත. Homeland Security හි ලේකම් ඉලේන් ඩියුක් (Elaine Duke ) විසින් මෙම නිවේදනය සදුදා දින සන්ද්‍යාවේ ප්‍රකාශයට පත්කරන ලදී. මෙම තීරණය ඇමරිකාවේ තාවකාලික විස බලපත්‍ර යටතේ ජිවත්වන 2,500 ක පමණ නිකරගුවානු වැසියන්ට බලපවත්වනු ඇත.
ඇමරිකාවේ ජිවත්වන බොහොමයක් නිකරගුවානුවන් වසර 20 කටත් වඩා අධික කාලයක් නිත්‍යානුකූල විසා බලපත්‍ර යටතේ විවිද ප්‍රාන්තවල රැකියාවේ යෙදී සිටියි. ඉලේන් ඩියුක් (Elaine Duke ) විසින් තවදුරටත් ප්‍රකාශ කොට සිටින්නේ තාවකාලික විසා බලපත්‍ර යටතේ රැදී සිටින නිකරගුවානු වැසියන්ට තවත් මාස 14 ක පමණ විසා දීගුවක් හිමිවන බවය. මෙම විසා වලංගු කාලය 2019 ජනවාරි 5 වෙනිදායින් අවසන් වේ. ඉන් පසු සියලු දෙනාම තම මව් රටට ආපසු යාමට සුදානම් විය යුතු බවත් හෝ එසේ නොමැති නම් නීතිමය තත්වයන් ගැන සලකා බැලිය යුතු බවත්ය.
මෙම නිවේදනයෙන් පසුව මහත් කණගාටුවට සහ කම්පනයට පත්ව සිටින නිකරගුවානුවන් පවසන්නේ දශක දෙකකටත් වඩා වැඩි කාලයක් ඇමරිකාවේ රැදිසිටි අපට නැවත මව් රටට යාමට තරම් ආරක්ෂාවක් ස්ථාපනය වී නොමැති බවය.
1990 දී සංක්‍රමණය වූ 50 හැවිරිදි බර්නාන් වූස්ටෝ ( Bernan Vusto ) කියා සිටින්නේ ” මේ නිවේදනයෙන් පස්සේ මම මහත් කම්පනයකට පත්වුනා. මම 1990 අවුරුද්දේ නිකරගුවාවේ ලියොන් නගරයේ ඉඳල ඇමරිකාවට ආවේ. මම දැන් ජිවත් වෙන්නේ සහ රැකියාවේ යෙදෙන්නේ වොෂින්ටන් වල. මේ වෙනකොට මගේ මව් රටේ රැකියා අවස්ථාවන් නැහැ. ඒ වගේම මට දැන් මගේ මව් රටේ ජීවිතයකට හුරුවෙන්න හරිම අපහසුයි. ”
1990 සංක්‍රමණික පනත යටතේ ලොව පුරා 30,000 ක පමණ සරණාගතයින් පිරිසිකට තාවකාලික විසා බලපත්‍ර මගින් ඇමරිකාවට පැමිණීමට අවසර ලැබුණි. මෙම තාවකාලික වීසා යටතේ සංක්‍රමණිකයින්ට රැකියා කිරීමේ අවස්ථාවද උදා විය. තාවකාලික සංක්‍රමණික විසා ප්‍රධාන වශයෙන් නිකුත් කරන ලද්දේ යුධමය තත්වයන් , ස්භාවික ආපදාවන් හෝ තම නිවෙස්වල ජීවත්වීමේ අවධානම් තත්වයෙන් සිටි පිරිසටය. ඇමරිකාවට පැමිණි පසුව ආගමන නිලධාරීන් විසින් සියලුම රටවල් වලට අයත් සරණාගතයින්ගේ තාවකාලික විසා බලපත්‍ර සෑම මාස 18කට වරක් අලුත් කරනු ලැබීය.
ට්‍රම්ප් පාලනය පවසන්නේ තවදුරටත් නිකරගුවානු සංක්‍රමණිකයන්ට ඇමරිකානු ආරක්ෂාව අනවශ්‍ය බවත් ඔවුන්ට තම මවු රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බවය. පසුගිය කාල වකවානුවේදී ට්‍රම්ප් පාලනය විසින් සිදු කරන ලද සරණාගත ප්‍රතිපත්තීන් වල වෙනස්කම් නිසා විවිද විරෝධතා සටන් දක්නට ලැබුණි.
උපුටා ගැනීම : ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com

Last edited: