ට්‍රම්ප්_ස්තුති_කරයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ට්‍රම්ප්_ස්තුති_කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු සොල්දාදුවන්ට ස්තුතිය පුද කරයි.

46A2521100000578-5111491-image-a-4_1511453033633-634x400.jpg


තෑන්ක්ස් ගිවින් ඩේ (Thanksgiving day ) වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ සේවයේ යෙදෙන සියලුම ඇමරිකානු සොල්දාදුවන් වෙත ස්තුතිය පිරිනමන ලදී. වීඩියෝ දුරකථන මාර්ගයෙන් ඇෆ්ගනිස්ථානයේ යුධ සේවයේ යෙදී සිටින සොල්දාදුවන් ඇමතු ට්‍රම්ප් ” මෑත කාලයේ ඉස්ලාමීය රාජ්ය කණ්ඩායම් වලට එරෙහිව දියත් කල සටන් පසු ගිය ඇමරිකානු පාලන සමයට වඩා අද වැඩි ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා . පසුගිය මාස කිහිපය තුල ඇෆ්ගනිස්ථානයේදී ඔබ සියලුදෙනාම අත් පත් කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව අද බොහෝ දෙනා කතා කරනවා.” පසුගිය කාලයේදී සොල්දාදුවන්ට තම සේවය නිසි පරිදි සපයන්නට ඉඩ ලබා නොදීම සම්බන්දයෙන් පසුගිය පරිපාලනය ට්‍රම්ප් විසින් දෝෂ දර්ශනයට ලක් කළේය. තවදුරටත් ඇෆ්ගනිස්ථාන සොල්දාදුවන් ඇමතු ට්‍රම්ප් ” අපි නිකන් නිකරුනේ පලක් නැතුව යුද්ධ කරන්නේ නැහැ. අපි යුද්ධ කරන්නේ දිනන්න . ඇත්තටම අපි සටන් කරලා දිනුව. ඔබලා මට විශේෂ පුද්ගලයින් සේම රටටත් ,රටේ පුරවැසියන්ටත් සුවිශේෂී පුද්ගලයින්. ” යනුවෙන් පවසා සිටියේය.


46A24D1600000578-5111491-image-m-7_1511453171083.jpg


ඔබලා සමග කතා කිරීමට ඉඩ ලැබීම මා ගෞරවයක් ලෙස සලකන අතර ඔබලාට අපව ආරක්ෂා කිරීමට ආශීර්වාදය ලබා දීම වෙනුවෙන් මා දෙවියන් වහන්සේට ස්තුතිය පුද කර සිටිනවා යනුවෙන් පවසා ට්‍රම්ප් විසින් ස්තුති කතාව ආරම්භ කරන ලදී.


අපි සියලු දෙනම මෙහෙ හොඳින් ජිවත් වෙනවා. මම දන්නවා අවුරුදු ගණනාවක් තිස්සේ පවුලේ අයගෙන් ඈත්ව සිටීම සෑම කෙනෙකුටම ඉතා අපහසු කටයුත්තක් බව. නමුත් ඔබලා වෙනත් රටක යුද්ධ කරන අතරේ අපේ රටේ නව පරිපාලනය විසින් අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඔබලා නැවත ආපසු රටට එනවිට දැකගත හැකිවෙයි. රටේ ආර්ථික තත්වය ඉතා හොඳ මට්ටමක තියනවා. නව ව්‍යාපාර සමාගම් සහ රැකියා අවස්ථාවන් උත්පාදනය වෙලා තියනවා. කොටස් වෙළඳපොලේ ඉහලම වාර්තාවක් තබලා තියනවා. පසුගිය 17 වසරක කාලය සංසන්දනය කිරීමේදී මේ වන විට විරැකියාව අවම මට්ටමක පවතිනවා. ඉතින් ඔබ සියලු දෙනවා සටන් වදින්නේ හොඳ දෙයක් වෙනුවෙන් . අප සියලුදෙනාගේම ආදරය, සහයෝගය මෙන්ම ආශීර්වාදයද ඔබ සියලු දෙනාටම හිමිවෙනවා. තෑන්ක්ස් ගිවින් දවසේදී අපි ඔබලාව අමතක කලේ නැහැ. ඔබලාට ස්තුතිවන්ත වන ගමන් ඔබලාගේ ආදරණියන්ට සහ පවුලේ අයටද මා ස්තුතිය පිරිනමනවා. ඔවුන්ද ඔබ මෙන් අපට වැදගත් අය වෙනවා. ඒවගේම ඔවුන්ද අපේ රටට සහ ඔබට ආදරේ කරන අය.


ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සොල්දාදුවන් අමතන අතරේ ට්‍රම්ප් ගේ භාර්යාව වන මෙලනියා ට්‍රම්ප් ද ෆ්ලොරිඩා හී තෑන්ක්ස් ගිවින්ග් සැමරුම් වලට සහභාගී වුවාය. පසුව ට්‍රම්ප් සහ මෙලනියා විසින් ෆ්ලොරිඩා හී තෑන්ක්ස් ගිවින්ග් උත්වයට සහභාගිවූ සියලුම දෙනාටම අහාර වලින් සංග්‍රහ කරනු ලැබීය.




46A2A43D00000578-5111491-image-a-10_1511453356788.jpg



46A2903700000578-5111491-image-a-2_1511452750427.jpg

ට්‍රම්ප් විසින් සංග්‍රහ කරමින්

46A288D300000578-5111491-image-a-20_1511454711210.jpg



පෝලන්තයේ සිටින ඇමරිකානු සෙබළු තෑන්ක්ස් ගිවින් ඩේ සැමරූ අයුරු


46A288C400000578-5111491-image-a-21_1511454764187.jpg


46A27FD500000578-5111491-image-a-3_1511452756986.jpg


46A27D3A00000578-5111491-image-a-1_1511451751744.jpg


උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com
 
Last edited:
  • Like
Reactions: HSW

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උඹලට හිතෙන්නේ මොනවද ට්‍රම්ප් පාවිච්චි කරන moniter එක ගැන , අමුතු බාන්ඩයක් නේද ?
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    උඹලට හිතෙන්නේ මොනවද ට්‍රම්ප් පාවිච්චි කරන moniter එක ගැන , අමුතු බාන්ඩයක් නේද ?

    Cisco TelePresence EX
    (video conference system)

    ex_series_large.jpg