ටෑක්ස් සහ රාජ්ය ආදායම

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මේ දවස් වල හෑමෝම කතා වෙන දෙයක් තමා ටෑක්ස්. ඈයි ටෑක්ස් ඕනේ වෙන්නේ? රජයේ ආදායම තමා ටෑක්ස්. ඒ කියන්නේ රට දුවන්න ටෑක්ස් අනිවාර්යයෙන් ඕනේ..

    එතකොට රජයේ ආදායම තමා ටෑක්ස්. මේ ලෑබෙන මුදල් වියදම් කිරීම තමා රජයේ වියදම්. මේ අමාරු වෙලාවේ ටෑක්ස් ගෙවන්න පසුබට වෙන්න එපා.

    නමුත් රජයේ වියදම් ගෑන කොහොමද? මේ අමාරුවෙන් දෙන ටෑක්ස් මුදල් නිසි පරිදි යොදා ගන්න රනිල්ගේ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක කරලා තියෙන රාජ්ය වියදම් කපා හෑරීම මොනවාද?

    උද්ඝෝෂණ මෑඩ පවත්වන්න ආසාමාන්‍ය පොලිස් බලයක් යොදවනවා කියලා ලෝයර්ස්ලා උසාවියට, අල්ලස් එකට දෑනුවත් කරලා තියෙනවා. මේ අමාරු වෙලාවේ අන්වශ්‍ය රාජ්‍ය වියදමක් ඒක

    මහා ලොකු දෑනටත් වර්ධනය වෙන ඈමති මණ්ඩලයක් නඩත්තු කරනවා. උන් වෙනුවෙන් ප්‍රවාහන , දුරකතන කාර්‍යාල වගේ විශාල වියදම් ගොඩක් දරනවා. ඉතාම අනවශ්‍ය රාජ්ය වියදම්

    එක එකාට වෙච්ච හානි වලට පත වන්දි දෙන්න යනවා. අනවශ්‍ය වියදමක් මේ වෙලාවේ. අඩුම ගානේ වන්දි අනුමත් කරලා අවුරුදු පහකට ගෙවීම කල් දාන්න ඕනේ

    මුන් රට යන එකේ සීමාවක් නෑ. අනවශ්‍ය වියදම්

    රාජයේ සේවකයෝ අඩු කරන්න තාම හිතලාවත් නෑ. ඒ මදිවට සමහර ආයතන වල බෝනස් දෙන්න යනවා. අනවශ්ය වියදම්


    තව මේ වගේ හුගක් දේවල් තියෙනවා.. හෙලිකොප්ටර් භාවිතය, පෙර ගමන් පසු ගමන් රථ, කොමිසන්, උපදේශකයෝ, ලේකම් ලා... ලොකු වියදම් ලිස්ට් එකක් තියෙනවා කපන්න

    රටේ ජනතාව බදු ගෙවන්න එකග වෙන ගමන්, මේ දේවල් වෙන්න ඕනේ කියලා බලපෑම් කරන්න ඕනේ.. මම නම් කියන්නේ මිනිස්සු පාරට බෑහෑලා ආණ්ඩුවේ කෑපවීම පෙන්නන කම් බදු ගෙවීමට විරෝධය දක්වන්න ඕනේ


    දහසේ වටිනාකම දෙසීයට බසී


    http://www.nethnews.lk/article/99591


    උද්ධමනයේ ඉහළ යාම හමුවේ රුපියල් දහසේ වටිනාකම මේවනවිට රුපියල් 200ක් දක්වා අඩු වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ මුදලේ වටිනාකම පිරිහීම හරහා ආර්ථිකය තවදුරටත් කඩා වැටෙන බවයි.

    රජයේ ආදායම ඉහළ නංවා ගැනීමට ජනතාව මත විශාල බදු ප්‍රමාණයක් මුදා හැර ඇත්තේ ද රජයේ වියදම් ඉහළ මට්ටමක පවත්වා ගනිමින් බව ඔහු ප්‍රකාශ කළා.

    සාමාන්‍යයෙන් උද්ධමනය පාලනය කිරීමට කළ යුත්තේ පොලී අනුපාතය ඉහළ නැංවීම මෙන්ම රජයේ වියදම් අඩු කිරීම බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවේ.



     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    rawula kapanna razer ekak ganna salli nah :(
    Formula 1 Food GIF by Mercedes-AMG Petronas Motorsport
     
    • Haha
    Reactions: EvelynCarnahan

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සහන පැකේජයට QR එකක් දෙමු.

    අයවැයෙන් තීරණය උනා විශාල සහන පැකේජයක්. ඒ අගතියට පත් පාර්ශව වෙනුවෙන්. ඒ කියන්නේ vulnerable groups වලට , අර්බුදයෙන් සහ ඉන් ගොඩ එන උපක්‍රම වලින් ජීවිකාව කර ගෙන යන්න නොහැකි වෙන පවුල් සඳහා සහන පැකේජයක්. Social Safety Net එකක් හැදෙන්නේ ඒවායින්.
    මේක අනිවාර්යය විසඳුම් වලින් එක් ප්‍රධාන කොටසක්. මෙවන් අර්බුදයකට මුහුණ දෙන පියවරක්.
    මෙවර අය වැයෙන් එයට මුදල් වෙන් කිරීම අත්‍යාවශ්‍යයි. එය සිදු කොට තිබෙනවා.

    මේ සහන විවිධාකාරයෙන් ජනතාව අතරට බෙදී යෑම සිදු වෙනවා.

    සමහර පවුල් වලට ආහාර මළු, පාසල් වලට ආහාර පැකේජ, ප්‍රවහන සහන, සීසන් ක්‍රම, තෙල් සහනාධාර ආදී දේවල් මෙහි තියෙන්න පුළුවන්.

    මෙහි අභියෝග කීපයක් තියෙනවා. ලොකුම අභියෝගය සහන අත්‍යාවශ්‍ය පවුල් හඳුනා ගැනීම සහ වෙන් කිරීම. ලංකාවේ එවන් දත්ත පද්ධති දුර්වලයි. සාවද්‍යයි. මිනිස්සු ඒකට ඇතුලත් කරන්නේ දේශපාලන පක්ෂය, මතය , කඳවුර මත. සමෘද්ධිය දෙන්නේ එහෙමයි කියලා අපි දන්නවා නේ.

    අනික් අභියෝගය මේ සහන ලබා දෙන්නේ කුමන අයුරින් ද කියන එක. සතොස හරහා බඩු මළු ද? ඉස්කෝලට ආහාර ද? සීසන් ද? තෙල් ද? අපි දැන ගන්න ඕනේ ඒවා කොහොම දුන්නත් දෙන්න වෙන්නේ මහා භාණ්ඩාගාරයේන්. එතනින් යන්නේ රටේ අයවැයෙන් වෙන් වෙන මුදල්.

    දැන් මේ මුදල් දෙන විදිය අනුව කරුණු 2 ක් වෙනවා. එකක් තමයි ඒවා දෙන්න යන පරිපාලන වියදම්. අනික තමයි ඒවා ඇතුලේ වෙන වංචා දූෂණ.

    දෑ එක එක බලමු.

    ලංකාවේ සමෘද්ධියට වෙන් කරන මුදලින් විශාල ප්‍රමාණයක් වැය වෙන්නේ නිලධාරීන්ගේ පඩි නඩි සහ රාජ්‍ය පරිපාලන වියදම් වලට. Administrative cost එක කියන්නේ ඒක. ඕනම ව්‍යාපෘතියක මේක තියෙනවා. ඒක අඩුම 10%කට වත් තියා ගන්න ඕනේ.

    දෙවෙනි එක වංචා දූෂණ. ඕනෙම තැනක මේකත් තියෙනවා. සේවක වංචා දූෂණ වගේම හැම මට්ටමකදිම මේකට කොටසක් යනවා. ලකාවේ ඒකත් වැඩියි. සතොසේ සුදු ලූණු හොරකම වගේ දේවල් මතක ඇතිනේ. හිතවතුන්ට ලොකු හැඳි වලින්, නොදන්නා අයට අඩු පාඩුවට බෙදීම්, වගේ දේවල් වෙනවා. ඒ වගේම මේ දෙන්නේ ඒ ඒ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ද? උදාහරණයක් ලෙස බඩු මල්ලක් දුන්නොත් ඒකේ තියෙන දේවල් වල කොකිටිය කොහොම වෙයි ද? හැමෝටම එකම කරෝලේ, එකම පරිප්පු ටික, අල ටික දෙනවට ඒ අය කැමති වෙයි ද? වෙන දෙයක් ගන්න කැමති නම් මාරු කර ගන්න පුළුවන් වෙයි ද? අපිටත් පොඩි කාලේ මුද්දර කාඩ් එක හම්බුනා. මාසෙට රුපියල් 300 ක් වගේ මතක හැටියට. ඒකෙන් ගන්න තිබුනේ සමුපේ තියෙන දේවල් විතරයි. තියෙන ටිකක් අරගෙන ආවා මිසක් ඕන දෙයක් තිබුනේ නෑ.

    ඉතිං කොහොම ගියත් යන්නේ මහා භාණ්ඩාගාරයේ සල්ලි නම්, ඇයි අපිට කෙළින්ම සල්ලි දෙන්න බැරි. මිනිස්සු තමන්ට ඕන ටික ගනියි.ඕඅට කියනවා Cash Transfer System එකක් කියලා. ඉන්දියාවේ මේක සාර්ථකව ක්‍රියාත්මක උනා. ඒ ඊට පෙර පැවති ධාන්‍ය ලබා දීමේ ක්‍රමය ඉවත් කරලා. වැඩේ සාර්ථකයි. Customer Satisfaction එක ඉහළ ගියා. අපිටත් ඕනේ එවන් ක්‍රමයක්.

    ඒක කරද්දී අපි දේශපාලන බල අධිකාරියට ඕන විදිහට හිතවතුන්ට , නෑයන්ට , ඡන්දය දෙන අයට ඕන ඕන විදියට දීලා අවභවෙන එක වළක්ව ගන්න ඕනේ. මේ අය ඒකත් බැසිල් 5000 බෙදුවා වගේ දීලා ඡන්දය ගන්න ට්‍රයි ක්‍රනවා අනිවාර්යයෙන්. එහෙනම් අවශ්‍ය අය තෝරා ගෙන ඒ අයට ඩිජිටල් හඳුනා ගැනීමේපතක් නිකුත් කරන්න ඕනේ. ඒක හරියට තෙල් ගහන QR එක වගේ. ඒ කෝඩ් එක අනුව අගතියට පත් පවුල් හඳුනා ගෙන system එකට දා ගන්නවා. හැමෝටම Print කරලා කෝඩ් එක දෙනවා. ඒකට අනුව තියෙන බැංකු ගිණුමකට සල්ලි ටික යනවා. විනිවිදයි. පහසුයි. ඕන වෙලාවක අවශ්‍ය දත්ත ටික තියෙනවා. වැඩේ මොනිටර් කර ගන්නත් පහසුයි. වංචා දූෂණ ඉවරයි. පරිපාලන වියදම් අඩුයි. ඕන කෙනෙකුට බලන්න පුළුවන් ලැබෙන්නේ කාටද නැත්තේ කාටද කියලා. නිලධාරීන්ට 5000 කොළ මිටි අරගෙන ගෙවල් ගාණේ යන්න ඕනේ නෑ.

    හිතලා බලන්න.
    රාජ්‍ය ඩිජිටල් කරණය හෙවත් e Government ක්‍රමය වඩාත් පහසුවෙන් ජන ගත කරන්න පුළුවන්.

    පැතුම් කර්නර්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගෝඨාභය පැන්නීමේ හෝ ඔහු දිනවීමේ සතුටක් විශේෂයෙන් මට නම් නෑ.

    මගේ සතුට ජනතාවගේ ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන්. ශතවර්ෂ ගණනාවකට පස්සේ අපේ රටේ සාමාන්‍ය මිනිස්සු අරගලයකින් රටේ පාලකයා පන්නා දැමුවා. ඔවුන්ගෙන් වැඩි පිරිසක් නිවහල් මිනිසුන් බවට පත් උනා. ඒ අභිමානයෙන් තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස හැබෑ ලෙස ස්ථාපිත වෙන්නේ. ඒක ජනතාව දිනා ගතයුතු දෙකක් මිස ඔහේ ලැබෙන ඒවා නෙවෙයි.

    හැමෝම කිව්වේ ගෝඨා යවන්න බෑ කියලා. නමුත් අවිහිංසාවාදී සහ සාමකාමී උපක්‍රම වලින් ඔහුව යවන්න මිනිස්සුන්ට පුළුවන් උනා. දින 100 කට පස්සේ ජනතාව මන්දිරය වට කලේ ඔහු එතෙක් නොයෑම නිසා. මිලියන ගාණක් මිනිස්සු ආවහම මීට වඩා ගොඩක් හානි වෙන්න තිබුනා. පෑගිලාම මැරෙන්න තිබුනා. නමුත් මිනිස්සු කිසි විටෙක ප්‍රචණ්ඩත්වය තෝරා ගත්තේ නෑ.

    විශාල අරගලයක් තුල අතුරු සිදුවීම් වෙන්න පුළුවන්. ඒක මේකේ හැටි. ඒවා අපිට දරා ගන්න වෙනවා. මිනිස්සු 10 දෙනෙක් මිය ගියා. ගොඩක් හිරේ ගියේ. ආබාධ වලට ලක් වුනා.

    කාබනික පොහොර තීරණය ගන්න මොහොතේ ඉඳලම වැරදි තීරණයක්. ඒ ගැන අපි කතා නොකර ඉමු. ඒක දැන් පරණ සංවාදයක්.

    ජනාධිපතිලා පත් වෙන්නෙ ඡන්දයෙන්. ඒක කාලෙන් කාලෙට එන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. ඡන්දයකින් ක්‍රමයක් වෙනස් වෙන්නේ නෑ. පාලන රෙජීමය වෙනස් වෙනවා විතරයි. නමුත් දේශපාලන ක්‍රම වෙනස් වෙන කාලෙට එන්නේ අරගල හෝ යුද්ද. මේ කාලේ එහෙම පරිවර්තන යුගයක්. මේ කාලේ වල ආපු අරගලය අවිහිංසාවාදී හා සාමකාමී කර ගන්න අපිට පුළුවන් උනා. නැත්නම් ප්‍රතිඵල ගෝඨාභය ගෙන් නතර නොවෙන්න තිබුනා. අරගලයත් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂ්ණයක්. ඒවා එන්නේ දීර්ඝකාලයකට පස්සේ. ඔබේ ජීවිත කාලයේ එකක් දැකීමට ඔබ පිං කර තිබෙනවා. නමුත් හරි පැත්ත තෝර ගන්න තරම් ඒ පින ඔබට ඉඩ දීලා නෑ.

    රටේ ආර්ථික ක්‍රමය වෙනස් කරන අරගලය ඔබ කියන එක හරි. ඒ අරගලය තාම කරන්න තියෙනවා. ඒ අරගලය වෙනුවෙන් තමයි ඔබ සමග එකම වේදිකාවේ හිට ගත්තේ. ඒ අරගලයේ නිවැරදි පැත්තේ ඔබ සිටීම සතුටක්. ඔය අරගල දෙකේම ප්‍රතිඅරගලයට මූහුණ දෙමින් අපි ඉන්නේ.

    අරගලය ඉවර නෑ. ආයේ ආයේ මතු වෙනවා. විවිධ ස්වරූප වලින් මතු වෙනවා. සිස්ටම් එක වෙනස් වෙනකං මතු වෙනවා. ඒක මේකේ හැටි. ඒක තමයි ස්වභාවය.

    පැතුම් කර්නර්