පාස්කු ප්‍රහාරය බදුයුදීන් නඩුව හෝමාගම ගිනි අවි ඇතුළු සී.අයි.ඩී යේ විමර්ශන භාර නිලධාරීන් 19ක් මාරු කරලා
මෙම නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් සිවු දෙනකු, ප්‍රධාන පොලිස් පරික්ෂකවරියන් තිදෙනකු, පොලිස් පරික්ෂකරුවන් දෙදෙනකු, පොලිස් පරික්ෂකවරියක, උප පොලිස් පරික්ෂකවරියක, උප පොලිස් පරික්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් සිවු දෙනකු, පොලිස් සැරයන්වරියන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකු ද සිටින බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.
එලෙස ස්ථානමාරුවීම් ලද නිලධාරීන් වන්නේ, ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් වන ඒ.ජී.වයි.ඩබලිව්. කීර්තිසිංහ, එස්.එන්. කරසිංහ, එස්.එල්. එස්. ගුණසේකර, බි.ඒ.එන්. ප්‍රියදර්ශන, කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂකවරියන් වන, එච්.ජී.එන්. ප්‍රියන්තිකා, එම්.පී.එන්.ඩී. මැණිකේ, එන්. හේවාපතිරණ, කාන්තා පොලිස් පරික්ෂකවරියන් වන එස්.එම්.වී. නාමලී හේරත්, ඩබ්.ඒ.ඒ.ඒ. වික්‍රමසිංහ, පොලිස් පරික්ෂකවරුන් වන ආර්.එල්. යූ. රංජිත්, වයි.එම්.කේ.එම්.ජී.එල්.බී. යාපා, උප පොලිස් පරික්ෂක ඩබ්.ජී. ඩබ්ලිව්. වීරසිංහ, පොලිස් සැරයන්වරුන් වන (50222) ජයසිංහ, (32684) ප්‍රේමකුමාර, (37611) රාජපක්ෂ, (215) විජේවර්ධන, කාන්තා පොලිස් සැරයන්වරියන් වන (1413) සුනේත්‍රා, (4355) චන්දිමා, පොලිස් කොස්තාපල් (87113) ආරියසිංහ යන අය ය.
මෙම නිලධාරින්ගේ සේවය තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නොවන බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි එම දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථාන මාරුවීම් නියෝග කරන බවට සඳහන් ආර්.ටී.එම්. (106) දරන නියෝගය පරිදි වැඩබලන පොලිස්පතිවරයාගේ අස්සනින් මෙම ලිපිය නිකුත් කර තිබුණේ පෙරේදා (10) රාත්‍රියේදී බව ද එම ආරංචිමාර්ග පවසයි. මෙම නිලධාරින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සිට ස්ථාන මාරු කර ඇත්තේ කැලණිය, කොළඹ දකුණ, ගම්පහ, කොළඹ මධ්‍යම, මාතර, ගල්කිස්ස, කුලියාපිටිය, කළුතර, කෑගල්ල, නුගේගොඩ, පානදුර සහ අනුරාධපුරය යන පොලිස් කොට්ඨාස වෙතය.
-නිමන්ති රණසිංහ-