ටුටන්කාමන් රජුගේ ශාපය
ටුටන්කාමන් රජුගේ ශාපය
සොරුන් දෙදෙනාට එල්ලවේ
ඊජිප්තු ජනාධිපතිව සිටි හොස්නි මුබාරක් එලවා දැමීමට ඉස්ලාමීය අන්තවාදීන් ක්රියාකරද්දී ටුටන්කාමන් රජුගේ සිරුරු ඇතුළු තවත් සිරුරු තැන්පත් කර තිබූ කයිරෝ කෞතුකාගාරයට ඇතුළු වූ කොල්ලකරුවන් දෙදෙනකුට රජුගේ ශාපය එල්ල වී මියයැමේ සිද්ධියක් අනාවරණය වී ඇත.
මේ කොල්ලකරුවන් දෙදෙනා කෞතුකාගාරයට ඇතුළු වී රෙදිවලින් ඔතා තිබූ ටුටන්කාමන් රජුගේ හා පාරාවෝ රජුගේ සිරුරු බහාලූ වීදුරු පෙට්ටි බිඳ දමා තිබේ. අනතුරුව ඔවුන් දෙදෙනා එම සිරුරු ආවරණය කර තිබූ රෙදි ලිහා රජවරුන් දෙදෙනා හිස් වෙන්කර බිමට දමා පාපන්දුවකට පයින් ගසන්නාක් මෙන් එම හිස්වලට පයින් ගසා ඇත. මේ තක්කඩි දෙදෙනා රජවරුන්ගේ හිස් සමඟ ක්‍රීඩා කළහ. තමන් කැරලිකරුවන් බවත් පැවසුවා යෑයි කයිරෝ කෞතුකාගාරයේ ආරක්ෂක නිලධාරියකු වූ අල් හමාද් හෙන්ඩි්ර හෙළි කළේය.
එහෙත් ඔවුන්ට වැඩි වේලාවක් එම අපරාධකාරී ක්රියාවේ යෙදීමට ඉඩ නොලැබුණි. එකවරම කටින් සෙම දැමූ එම කොල්ලකරුවන් දෙදෙනා ම මරුවිකල්ලෙන් බිම වැටී දැඟලුවා. විනාඩි දෙකක් වැනි කාල සීමාවකදි ඔවුන් මියගියා යෑයි ආරක්ෂක නිලධාරියා හෙළි කළේය. ඔවුන්ගේ සිරුරු විගස අයිස් ශාම්ඩ් රෝහල වෙත ගෙන ගොස් ඇති අතර, එහිදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබේ.
මෙහිදී හෙළි වූයේ පැරැණි දූවිලි මොවුන් ආශ්වාස ප්රාශ්වාස කිරීමෙන් එහි තිබූ විෂ මොළයට ඇතුළු වී ඇති බවයි. එහෙත් කයිරෝ වෛද්‍යවරයකු පැවසුවේ පැරැණි රජවරුන්ගේ සිරුරු වෙලා තිබූ වෙලුම් පටි ගලවද්දී යම් රහසිගත විෂක් එම සොරුන්ගේ සිරුරුවලට ඇතුළු වී ඇති බවය. එහෙත් ආරක්ෂක නිලධාරි අල් හමාද් පවසන්නේ පාරාවෝ රජවරුන්ගේ ශාපය ඔවුන්ට එල්ල වී ඇති බවකි. ටුටන්කාමන් රජුගේ සොහොන විවෘත කළ බ්‍රිතාන්‍යයේ කානවර්න් සාමිවරයාද ශාපයට ගොදුරු විය. පැය දෙකකට පසු ඔවුන්ගේ සුරතල් සුනඛයාද එම ඉරණමට ලක්විය. ටුටන්කාමන් රජුගේ සිරුර පරීක්ෂා කළ වෛද්‍යවරු එහි තුවාලයක් තිබූ බව සොයා ගත්හ. මෙහිදී වෛද්‍යවරු මවිතයට පත් වූයේ කානවර්ස් සාමිවරයාගේ සිරුරේ ටුටන්කාමන් රජුගේ තුවාලයට සමාන තුවාලයක් තිබීමයි. පසුව කානවර්න් සාමිවරයාගේ ප්‍රධාන සේවකයා රහසක් හෙළිකරමින් ටුටන්කාමන් රජුගේ සොහොන විවෘත කිරීමට පෙර එහි තිබී පැරැණි පුවරුවක් සොයාගත් බවත් එහි මෙම සොහොන විවෘත කරන්නාට ශාපය එන බව සඳහන් වී තිබූ බවකි.
කීර්ති වර්ණකුලසූරිය