ඔහුට ලංකාව ගැන ඇල්මක් වගේම හොද දැනුමකුත් තිබ්බා. මට මතකයි එක තරගයක් commentary කර කර ඉන්න අතර ඒ වෙලාවේ අනිත් commentator වෙච්ච රංජිත් ප්රනාන්දුගෙන් Tony Greig ඇහැව්වා ප්රශ්නයක් ලංකාවේ ජාතික පක්ෂියා කවුද කියලා. රංජිත් ප්රනාන්දු ලංකාවේ commentator කෙනෙක් වුනත් ඒකට පිළිතුර දැනගෙන හිටියේ නෑ. පස්සේ Tony Greigම පිළිතුර කියලා ඒ සතා ගැන විස්තරයකුත් කලා. ඇත්තටම ලංකාවේ විතරක් නෙවෙයි කොහේ commentary කලත් ඔහුටම විශේෂිත ආකාරයට කාටත් හිතට වදින විදිහට ඒ දේ කරපු කෙනෙක්. ඔබට නිවන් සුව.