උබලා ඔන්ලයින් විදියට ඩයරියක් පාවිච්චි කරනවද? මට පොඩි ආසවක් ආවා ඉස්සර ව්ගේ ඩයරියක් ලියන්න. ඉස්සර වගේ පොතක් අරගෙන මේක ලියන්න මම කැමති නෑ. එදිනෙදා වෙච්ච දේවල් ලියන්න, ඉස්සරහා දිනවල තියන දේවල් ගැන සටහන් කරන්න වගේ දේවල්වලට තමයි මට මේක පාවිච්චි කරන්න අවශ්‍යයවෙන්නෙ. මේ වැඩේ ඔන්ලයින් ෆ්‍රී කර ගන්න පුළුවන් හොද සයිට් එකක් රෙකම්න්ඩ් කරපන්. ඇප් එකක් උනත් කමක් නැ.
පොත්වල ලියන ඒවා හරි යන්නෙ නෑ. ඉස්කෝලේ යන කාලේ අපි හැමෝගෙම ළග ඔටෝග්‍රාෆ් තිබුනා. ඉස්කෝලෙන් අයින් වෙන්න කලින්, ටියුෂන් පන්තිවල අන්තිම දවස්වල කොල්ලො කෙල්ලො ඒවගේ එක එක ඒවා ලියලා ලියලා මාරු කර ගන්නවා.. සමහර කෙල්ලො ලියලා තියන ඒවටයි, හාට් ඇදලා තියන ඒවටයි වයිපරේ අදටත් බර බරේ දානවා. 

