ඩයලොග්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර දරුවාට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මා රෝහලෙන් පිටත් වූවේ අත්‍යාවශ්‍ය තාවක් ඇති වුවොත් මට දුරකතන ඇමතුමක් දෙන ලෙස මාගේ දරුවා ලඟ සිටි බිරිඳට දැනුම් දීමේන් පසුවයි. මා ඇඹුල්දෙනිය හන්දිය ආසන්නයේ විශාල වාහන තදබදයක් අතර තුර ඉතා අමාරුවෙන් රථය ධාවනය කරමින් සිටින අතර දෙවන වරටත් මාගේ දුරකතනය එක දිගට නාඳවන්නට විය. ඒ අවස්ථාවේ ඉතා අපහසුවෙන් මා කලිසම් සාක්කුවේ තිබූ දුරක්ථනය ගන්නට උත්සහ කලේ රෝහලෙන් හදිසි ඇමතුමක් ලෙස සිතායි. එක් වරම මාගේ අවධානය බිඳීයාමත් සමඟ වාහනය ඉදිරියට ගියේ නොදැනුවත්ව වගේ. දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් පාර පනිමින් සිටි අතර ගෑවී නොගෑවී වාහනය නතර වූවේ එහි ඔටෝ බ්‍රේක් පහසුකම් නිසා. පසුව මා ඒ අසල වාහනය නවතා පැයක් පමණ සිටි නැවත නිවසට ගියා. මාගේ දරුවා වගේම පාර පැනපු අම්මා සහ දරුවා මට වරින් වර මැවී පෙනේ.
    කෙසේ උවත් කිවයුතුම දේ....මට ඒ ආපු දුරකථන ඇමතුම ඩයලොග් සමාගමේ රිගිං ටෝන් එකක් දාගන්නා ලෙස කල ප්‍රවර්ධන ඇමතුමකි. මා කිසි දිනක එවැනි ඇමතුම් අවශ්‍ය බවක් ඩය්ලොග් ආයතනයට දන්වා නැත. විදේශ රටක සිට මෑතක දී ලංකාවට පමිණි මා සිම් පත මිලට ගෙන මාස ගනනකි. මා කිසි දිනක එවැනි ඇමතුම් ලබාදීමට ඔවුන්ට අවසර දී නැත.මා වෙනත් විදේශ රටවල් කීපයකම සේවය කර ඇත. ඒවායේ කිසිම දුරකථන සේවා සමාගමක් අවසරයකින් තොරව එවැනි ඇමතුම් ලබා නොදේ. එවැනි තත්වයක් බරපතල හිංසාවක් ලෙස එම රටවල සලකන බව මාගේ මිත්‍රයෙක් අද උදෑසන මට කීවා. ඇයි ලංකාවේ මිනිසුංගේ නොදැනුවත් කම හේතුවෙන් ඔවුන්ගේ මුඳල් ගෙවා භාවිතා කරන දුරකථන සමාගම් මිනිසුන් මේ ලෙස අමාරුවේ දාන්නේ? පුලුවන්නම් මේක ඔබලාගේ පිටුවේ දාන්න

    - එම් ජී ඩී දයාරත්න-
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    සිරා බන්..මල කරදරයක් වෙලා තියෙන්නේ..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සිරාවටම, ඕන තරම් හදිස්සි වෙලාවල මේ රෙද්දට් රැවටිලා ආන්ස්වර් කරනවා.
    මේකට කරන්න දෙයක් නැද්ද අපිට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,218
    49,566
    113
    සේදවත්ත
    පාරිහෝගික ඇධිකාරියට මුලික අයිතිවාසිකම් උල්ලංගනය උනා කියල කේස් එකක් දාල නඩු කියන්න පුලුවන්.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,621
    1,890
    113
    ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර දරුවාට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මා රෝහලෙන් පිටත් වූවේ අත්‍යාවශ්‍ය තාවක් ඇති වුවොත් මට දුරකතන ඇමතුමක් දෙන ලෙස මාගේ දරුවා ලඟ සිටි බිරිඳට දැනුම් දීමේන් පසුවයි. මා ඇඹුල්දෙනිය හන්දිය ආසන්නයේ විශාල වාහන තදබදයක් අතර තුර ඉතා අමාරුවෙන් රථය ධාවනය කරමින් සිටින අතර දෙවන වරටත් මාගේ දුරකතනය එක දිගට නාඳවන්නට විය. ඒ අවස්ථාවේ ඉතා අපහසුවෙන් මා කලිසම් සාක්කුවේ තිබූ දුරක්ථනය ගන්නට උත්සහ කලේ රෝහලෙන් හදිසි ඇමතුමක් ලෙස සිතායි. එක් වරම මාගේ අවධානය බිඳීයාමත් සමඟ වාහනය ඉදිරියට ගියේ නොදැනුවත්ව වගේ. දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් පාර පනිමින් සිටි අතර ගෑවී නොගෑවී වාහනය නතර වූවේ එහි ඔටෝ බ්‍රේක් පහසුකම් නිසා. පසුව මා ඒ අසල වාහනය නවතා පැයක් පමණ සිටි නැවත නිවසට ගියා. මාගේ දරුවා වගේම පාර පැනපු අම්මා සහ දරුවා මට වරින් වර මැවී පෙනේ.
    කෙසේ උවත් කිවයුතුම දේ....මට ඒ ආපු දුරකථන ඇමතුම ඩයලොග් සමාගමේ රිගිං ටෝන් එකක් දාගන්නා ලෙස කල ප්‍රවර්ධන ඇමතුමකි. මා කිසි දිනක එවැනි ඇමතුම් අවශ්‍ය බවක් ඩය්ලොග් ආයතනයට දන්වා නැත. විදේශ රටක සිට මෑතක දී ලංකාවට පමිණි මා සිම් පත මිලට ගෙන මාස ගනනකි. මා කිසි දිනක එවැනි ඇමතුම් ලබාදීමට ඔවුන්ට අවසර දී නැත.මා වෙනත් විදේශ රටවල් කීපයකම සේවය කර ඇත. ඒවායේ කිසිම දුරකථන සේවා සමාගමක් අවසරයකින් තොරව එවැනි ඇමතුම් ලබා නොදේ. එවැනි තත්වයක් බරපතල හිංසාවක් ලෙස එම රටවල සලකන බව මාගේ මිත්‍රයෙක් අද උදෑසන මට කීවා. ඇයි ලංකාවේ මිනිසුංගේ නොදැනුවත් කම හේතුවෙන් ඔවුන්ගේ මුඳල් ගෙවා භාවිතා කරන දුරකථන සමාගම් මිනිසුන් මේ ලෙස අමාරුවේ දාන්නේ? පුලුවන්නම් මේක ඔබලාගේ පිටුවේ දාන්න

    - එම් ජී ඩී දයාරත්න-

    siraa kathaawa mama black list no ekak karala tiyenne oya vage anan manan ena numbers :D