ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙබරවාරි මස අග එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් (Oxford Union) සහ කේම්බ්‍රිජ් (Cambridge Union) යන ශිෂ්‍ය සංගම් ඇමතීමට නියමිතව තිබුණා.
ඊට එරෙහිව බ්‍රිතාන්‍යය පුරා වෙසෙන දෙමළ ඩයස්පෝරාව හා එල්ටීටීඊ හිතවාදීන් ඒකාබද්ධව දැඩි විරෝධයක් ප්‍රකාශ කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කේම්බ්‍රිජ් (Cambridge Union) ශිෂ්‍ය සංගමය ඇමතීමට ඇති දේශනය අවලංගු කර බව නාමල් රාජපක්ෂගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටිනවා
කේම්බ්‍රිජ් දේශනය අවලංගු වුවද, නාමල් රාජපක්ෂ මහතා ලබන පෙබරවාරි 25 වනදා ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) ඇමතීමට තවමත් නියමිතව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් සංගමය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.