උපුල් මහතා. ඔබ යම් කිසි දෙයක් යම් කිසි තැනකින් උපුටා ගන්නවා නම් එම උපුටාගත් මූලාශ්ර පිළිබඳ පාඨකයා දැනුවත් කිරීම මිනිසත් බවයි. ඔබ එසේ ලිපි පළ කරනුයේ සහොදර පාඨකයින්ගේ දැනුම වර්ධනය සඳහා නම් එය මා අගය කොට සලකමි. නමුත් එසේ උපුටා ගත් ලිපිය තමන් ලියුවක් මෙන් පළ කිරීම සුදුසු නැත. කරුණෘකර ලිපි උපුටා ගැනීමේදී ඒවා උපුටාගත් මූලාශ්ර සඳහන් කරන්න.ඔබ විසින් මෙම වෙබ් අඩවියේ පළ කර ඇති "ඩවුන්ලෝඩ් මැනේජර් අපිට කොතරම් උපකාරී වෙනවාද?" ලිපිය මවිසින් ලියන ලද්දක් වන අතර එම ලිපිය ඔබවිසින් කිසිදු වචනයක් වෙනස් නොකර සම්පූර්ණ ලිපියම උපුටා ගෙන මෙහි පළ කර ඇත. (වචන, ඩවුන්ලෝඩ් ලින්ක්, පිංතූර මෙන්ම මාතෘකාව පවා) ඔබ trickslanka.com හි අප සහෝදර අනෙකුත් ලේඛකයන් විසින් පළකළ යම් ලිපි එලෙසින්ම උපුටාගෙන කිසිදු මූලාශ්ර සඳහනක් නොමැතිව මෙහි පළ කර ඇත. ඉදින් සොයුර ඔබ එම කාර්ය්ය සිදු කරාට අපගේ කිසිදු අමනාපයක් නෑ. මක් නිසාද යත් අපිට අවශ්යත් දැනුම බෙදීමයි. එහෙත් උපුටා ගැනීමක් සිදු කිරීමේ දි මූලාශ්ර සඳහන් කිරීමට කාරුණික වන්න. ඔබගේ වරද වටහාගෙන නිවැරදි කරගනු ඇතැයි සිතමි. ඔබට ජය!


