'ඩ්‍රෝන්' ගුවන් යානයක් අහංගමට කඩා වැටේ
ගුවනේ සිට වීඩියෝ දර්ශන ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන කුඩා සැහැල්ලූ ගුවන් යානයක් (Drone) අහංගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමකට කඩා වැටී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර සදහන් කළේ ඊයේ පස්වරුවේ කුඩා ගුවන් යානය කඩා වැටී ඇති බවයි.
මේ වන විට එය අහංගම පොලීසියේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර, එය ගුවන්ගත කළේ කවුරුන්ද යන්න පිළිබදව සහ එහි ඇතුළත් වීඩියෝ දර්ශන පිළිබදව විමර්ශනයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
Mirror News
photo Lankadeepa

Last edited: