ඩිලන්ත මාලගමුව නීතියෙන් රිංගූ හැටි

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    ඩිලන්ත මාලගමුව නීතියෙන් රිංගූ හැටි

    ඩිලන්ත රන්ජුල බණ්ඩාර මාලගමුව හෙවත් ඩිලන්ත මාලගමුව ගැන ලංකාවම දන්නේ මෝටර් රථ ධාවන ශූරයකු හැටියටය. එහෙත් ඔහු අනුන්ගේ මුදල් හා දේපළ බලෙන් අත්පත් කරගැනීමට හා වංචා කිරීමටද එවැනිම ශූරයකු බව බොහෝ දෙනා නොදන්නවා විය හැකිය. යොෂියාකි හයාෂි (Yoshiyaki Hayashi) ජපන් ජාතිකයෙකි. මොහු මාලගමුව දැන හැඳිනගන්නේ ඔහු රේස් පැදපු නිසාය. එවකට මාලගමුව විවාහ වී සිටියේද ජපන් ජාතික කාන්තාවක් සමගය. විටින් විට මාලගමුවට උපකාර කරන හයාෂිව 2005 වසරේ දී මෙරටට කැඳවාගෙන එන මාලගමුව, වෛද්‍ය අජිත් රණවක හරහා එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාර සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100 ක් වාරික දෙකකින් ලබා දී ඇත. ඒ සමගම මාලගමුව හයාෂිට පෙන්වා ඇත්තේ ඔහු ජනාධිපති රාජපක්ෂගේ ළඟම හිතවතෙකු වශයෙනි. මෙය පාවිච්චි කරමින් ඔහු හයාෂිට ලංකාවේ ආයෝජනය කිරීමට යෝජනා කර ඇති අතර එම ආයෝජන සියල්ලේම ඇටර්නි බලය මාලගමුව විසින් පවරාගෙන ඇත. ඒ ඔස්සේ පිහිටවූ ‘ඕක් හවුස්’ නම් සමාගමට අදාළ මුදල් බැර කොට ඇත්තේ NDB බැංකුවේ කුරුණෑගල ශාඛාවටය.
    ජපන් ජාතික යහාෂිගේ මුදල් වංචනික ලෙස භාවිත කරමින් ඩිලන්ත මාලගමුව කළ කී දේවලින් කිහිපයක් පහත දැක්වේ.


    01 තමා ජාත්‍යන්තර කීර්තියට පත් රේස් පදින්නකු බැවින්, බැසිල් රාජපක්ෂ තමාට හයාෂිගේ මුදලින් ලැම්බෝගිනි රථයක් ලබාගන්නා ලෙස දැනුම් දුන් බවත් එම මුදල් මසක් ඇතුළත බැසිල් රාජපක්ෂ ගේ මැදිහත් වීමෙන් හයාෂිට ගෙවන බවට පොරොන්දු වූ බවත් පවසා ලැම්බෝර්ගිනි රථයක් මිලට ගැනීම.
    මේ අමූලික බොරුවෙන් හයාෂි රැවටූ මාලගමුව NDB කුරුණෑගල ශාඛාවෙන් කෙළින්ම ඉතාලියේ ලැම්බෝගිනි සමාගම වෙත ඇ:ඩො: 350,000ක් ගෙවා ඇත. පසුව දරුවාගේ ඉගෙනීමේ කටයුතුවලටයැයි කියා හයාෂිගෙන් තවත් ඇ:ඩො: 100,000ක් ඉල්ලාගෙන ඇත.


    02 NDB කුරුණෑගල ශාඛාවේ තිබූ ගිණුම පිළිබඳ ඇටර්නි බලය මිත්‍රයෙකුට පවරා ගිණුමෙන් රුපියල් මිලියන 200 ක පමණ මුදලක් වරින් වර ලබාගැනීම.
    මිත්‍රයා පසුව ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් සියල්ල ඔහු මාලගමුවට ලබා දුන් බවයි.


    03 හයාෂිගේ මුදල් වැය කොට කුරුණෑගලින් අක්කර 14 ක ඉඩමක් මිල දී ගෙන නිවසක් තැනීම.


    04 හයාෂිගේ මුදල්වලින් ලක්ෂ 650 ක් ගෙවා ‘මොන්ටක්‍රිස්ටෝ’ වත්ත, ‘ඕක් හවුස්’ සමාගමට ලබාගෙන ඇත. එවකට එහි හිමිකාරිත්වය දැරූ තිලකවර්ධන ටෙක්ස්ටයිල් හිමිකරුට මුළු මුදලම එක චෙක්පතකින් ගෙවා ඇති අතර මෙය කලකට පෙර JCB සමාගම සතුව තිබූ වත්තකි. එම මිලදී ගැනීමෙන් පසු ‘මොන්ටක්‍රිස්ටෝ’ වත්තේ ‘සෙන්ට්‍රල් ප්ලාන්ටේෂන්’ හි අධ්‍යක්ෂක තනතුරක් හයාෂි විසින් මාලගමුවට ලබා දෙන ලදී. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණ වලින් හෙලි වූයේ මාලගමුව හොර රහසේ ඔහුගේ නමට එම ඉඩම ලියාගෙන තිබෙන බවයි.
    මෙය දැනගත් හයාෂි කුරුණෑගල උසාවියට, මාලගමුව සැකකරුවෙක් කර බී වාර්තාවක් ඉදිරිපත් කර ඇත. එමෙන්ම NDB බැංකුවෙන් මුදල් ගැනීම පිළිබඳවත් හයාෂි කුරුණෑගල උසාවියට බී වාර්තාවක් ඉදිරිපත් කර ඇත.


    05 ඉහත වංචා හසුවීමට පෙර මරදානේ ගොඩනැගිල්ලක් ලබා දෙනවායැයි කියා සිවජෝති නමැත්තෙකු හා එක්ව මාලගමුව විසින් ඇ:ඩො: 600,000ක් හයාෂිගෙන් ලබාගෙන ඇත. පසුව පොලිස් විමර්ශනවලින් හෙළි වූයේ එම ලිපිනයෙහි එවැනි ගොඩනැගිල්ලක් නොමැති අතර ලබාගත් මුදල් වාෂ්ප වී ඇති බවයි. එහිදී මාලගමුවගේ මිත්‍ර සිවජෝති හයාෂිට පොරොන්දු වී ඇත්තේ ලබාගත් මුදල වන ඇ:ඩො: 600,000 වෙනුවට මසක් ඇතුළත ඇ:ඩො: 840,000ක් ලබාදෙන බවයි. මෙසේ තිබියදී මාලගමුව හයාෂි රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සිවජෝති විසින් එම මුදල වංචා කළේයැයි පැමිණිලි කොට ඇත. එම පැමිණිල්ල මත අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කොට සිටි සිවජෝති ඇප මත මුදා හැර ඇත. සිවජෝති දුන් කටඋත්තරයට අනුව එම මුදලින් වැඩි කොටසක් ලබාගෙන ඇත්තේ මාලගමුව විසිනි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාලගමුවද එම නඩුවේ සැකකරුවකු ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.


    06. මුදල් වංචාවලට හසු වී නඩුහබවලට පැටලී ඇති නිසා රටේ සිටින්නට නොහැකි වූ මාලගමුව සිය ජපන් බිරිඳ ද හැරදමා මලයාසියාවට පලා ගියේ හයාෂිගේ මව්රට වන ජපානය තුළද තමාට ආරක්ෂාවක් නැති බව දැනගෙන ය. උසාවියට කට්ටි පැන අලුත් බිරිඳක් සමග මලයාසියාවේ වාසය කළ මාලගමුව ලංකාවේ CSN Night Race පැවැත්වෙන බව දැනගෙන නවතම සැලසුමක් දියත් කරමින් නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ අල්ලාගෙන යලි ලංකාවට පැමිණියේ ය.
    නීතිය නැවූ රාජපක්ෂ පුතුන් ගුවන් තොටුපළේදීම අත්අඩංගුවට පත් වීමට නියමිතව සිටි මාලගමුව නිරුපද්‍රිතව ලංකාවට ගෙන්වා නයිට් රේස් පැද්දේ ය. නිකම්ම නොව මහනායක හිමිවරුන් එපා කියද්දීත් දළදා මාළිගාව වටා ද නයිට් රේස් පැද්දේ මේ ඩිලන්තම ය.
    මොන්ටක්‍රිස්ටෝ වත්තේ වංචාව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහා අධිකරණයේද හයාෂි මහතා මාලගමුවට එරෙහිව නඩුවක් පවරා ඇත. මොන්ටක්‍රිස්ටෝ වත්ත බලහත්කාරයෙන් අත්පත්කරගැනීම පිළිබඳව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේද නඩුවක් තිබේ.


    07. ඩිලන්ත මාලගමුව සිය මව සමග කුරුණෑගල මිහිඳු මාවතේ පිහිටි නිවසක බලහත්කාරයෙන් රැඳී සිටීම නිසා නැසීගිය ජනාධිපති නීතීඥ අර්ඩ්ලි පෙරේරා මහතාගේ බෑනනුවන් විසින් ගොනු කළ නඩුවක් විනිශ්චය කළ කුරුණෑගල දිසා අධිකරණය ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
    ඉහත කී කෝටි ප්‍රකෝටි ගණන් වංචා පමණක් නොව ඔහුට ඔබ හසුවුනහොත් ඔබ අතේ ඇති රුපියල් 2000 ටද වංචා කරනවා සිකුරුය. එවැනි තොරතුරු ද රාශියකි.
    මොහුගේ රේස් ජයග්‍රහණ ගැන ද යමක් කිව යුතුය. රේස් තරඟ ෆික්සින් වලට ප්‍රසිද්ධ රටවල හැර මොහු වෙනත් රටවල තරඟ ජයගෙන ඇත්තේ 2 ක් පමණි. කෙදිනකවත් යුරෝපයේ රටක ජයග්‍රහණයක් අහලකටවත් පැමිණ නැත. යුරෝපයේ අවුරුදු විසි තිස් ගණන් වල තරුණ කොල්ලන් මෝටර් රේස් ජයග්‍රහණ දිනද්දී වයස අවුරුදු 55 ක නාකියෙක් රේස් ෆික්සින් වලට ප්‍රසිද්ධ රටවල තරඟ දිනීම වෙනම සැලකිය යුතු කාරණයකි.



    මේ තරම් නීලකාස වංචාකාරයෙක් වූ මාලගමුව අවසානයේ යහපාලන ජනාධිපති සිරිසේන නමැති මෝඩයාගෙන් ස්පෝර්ට් ඇම්බැසිඩර් කමක් ද රැගෙන උසාවි යන්නේ නැතුවම යලිත් ලංකාවේ කොඩිය ගහගෙන රේස් පැද්දේ ය. ඒ නිකම් නොව ‘නිහතමානී ශ්‍රී ලාංකිකයා’ ද කියා ගසාගෙනය. ඇත්තටම ඔහු ගසාගත යුතු නම වූයේ ‘නීලකාස ශ්‍රී ලාංකිකයා’ කියා ය. තම වංචා යලිත් පසුපස එන බව දන්නා මේ නීලකාසයා ලා බාල මාධ්‍ය පිංපියන්ද අල්ලාගෙන තමන්ව මරන්නට පාතාලයට කොන්ත්‍රාත්තුවක් දී ඇතැයි පට්ටපල් බේගලයක් ජනගත කරමින් මෝඩ යහපාලකයන්ගෙන් පොලිස් ආරක්ෂාවක්ද ලබා ගෙන ඇතැයි දැන ගන්නට ඇත. සියළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ නම කැත කරන මේ වංචනිකයා ගැන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා මාධ්‍යවේදීන් ඉතා හොඳින් දන්නේ වී නමුත් කට පියාගෙන සිටීම ගැටළුවකි.


    මේ ඔක්කොම බොරුවෙන්නත් බැහැ නේද....


    තාර බර ඇරල ගනිල්ලා...LANKAENEWS තිබුනෙ

     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,575
    8,822
    113
    යකෝ ඒ විදිහට එක වැඩක් ඉවර කරන්න කලින් තවත් ඩොලර් ලක්ෂ ගානක් දෙන්න තරම් ගොනෙක්ද ඒ ජපාන??
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    වැඩේ කියන්නේ ඊ නිවුස් කාරයා මේක හොයා ගත්තෙත් අර කවුද දේශපාලඥයෙක් මාලගමුවට මරණ තර්ජන කලාට පස්සේ වෙන එකනේ. ඇයි බං තවමත් නීතිමය පියවරක් ගන්නේ නැත්තේ. සී අයි ඩී එකට පැමිණිල්ලක්වත් දැම්මනම් හරිනේ.

    අම්මටසිරි... මමත් මේ කියන්න කට ඇරිය විතරයි...
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    හැබැයි නඩු දාපු සීන් නම් ඇත්ත වගෙයි.....කොහොමත් මුගේ කිල්ලොටෙත් හුනු ටිකක් තියෙනබව පේනව....
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යකෝ ඒ විදිහට එක වැඩක් ඉවර කරන්න කලින් තවත් ඩොලර් ලක්ෂ ගානක් දෙන්න තරම් ගොනෙක්ද ඒ ජපාන??
    එකෙන්ම ... පොය්යක් වගේ.... ඩිලන්ත ලොක්කගේ ඉමේජ් එක උඩ යට යනවනේ..... හරි විස්තාරයක් කියන්න.. මේක බොරු වගේ බන්...
    Good sinhalese is dead sinhalese
    රිදුන


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    ඕනවට වඩා අවංකයි අවංකයි කියන කොට මම හිතුවා ඕක..ඔන්න ඔය වගේ තමා අර JVP ඵකේ අනුර කුමාර කියන ඵකත්..උෟත් කියන්නෙම උෟ හරි සුදනා කියලනේ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ඕනවට වඩා අවංකයි අවංකයි කියන කොට මම හිතුවා ඕක..ඔන්න ඔය වගේ තමා අර JVP ඵකේ අනුර කුමාර කියන ඵකත්..උෟත් කියන්නෙම උෟ හරි සුදනා කියලනේ..

    balan giyama okkoma horu ban.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    හැබැයි නඩු දාපු සීන් නම් ඇත්ත වගෙයි.....කොහොමත් මුගේ කිල්ලොටෙත් හුනු ටිකක් තියෙනබව පේනව....




    :yes::yes:


    ඔය මරණ තර්ජන තියෙන කෙස් එක දාන්නේ අගමැතිගේ ලග කෙනෙක් ඔය ඉඩම් හා සම්බන්ද දෙපාර්තමේන්තුවක අධ්‍යක්ෂක ධුරයක් ලබාගෙන එකට අයත් ඉඩම් සම්බන්දව හොයන අතරේ. ඔය ඉඩමේ වැඩ කරන අයට හරියට පඩියවත් ගෙවලා නැති නිසා තමා අර පොර ඒ ගැන හොයලා තියෙන්නේ .... ඊට පස්සේ ඩිලන්ත ගේ කෙස් අහු උනාම පොර ආයිත් ඒ ඉඩම පවරාගෙන දෙපාර්තමේන්තුව යටතේ කරගෙන යන්න හදලා තියෙනවා .... ඕකට මොකක් හරි කෙස් ඩිලන්ත එක්ක ඇදිලා තමා පොර ඔය බොරුවට මරණ තර්ජන කෙස් දාගෙන නටන්නේ ... මොකද අගමැතිගේ ලග කෙනත් ලේසි පාසු නැති බුලට් එකක් නිසා .........


    මේවා සිරා සිද්දි ..... ඔය එලියට පෙන්න රගන හුගක් දෙනෙක් ගේ ඇතුලේ කෙස් වැඩි. .... මම දේශපාලනේ ගැන කතා කරන්නේ නැත්තේ එක තිත්ත වෙලා තියෙන නිසා .... මහින්ද ට සලකන්නේ යුද්දේ ඉවර කරන්න ජනාධිපති වශයෙන් දුන් දායකත්වය අපි දැක්ක නිසා ..... ඒ වගේම සරත් ෆොන්සේකා ගැනත් මතක් කරන්න ඕනේ ..... පොරගේ අහංකාරකම සැහෙන බලපෑවා යුද්දේ දිනන්න . මොකද දැන් ඔච්චර උඩ දාගෙන මහින්ද කතා කලත් අන්තිම වෙලාවේ පොරත් හැමදේම අතැරලා තිබ්බේ ....


    හැමදේම දැනගෙන පාඩුවේ ඉන්නේ ඕවා ගැන කතා කරන්න ගියාම දේශපාලන වහල්භාවයෙන් ඉන්න පිරිස වැඩි නිසා ..... උන් එක්ක මොන දේ කතා කලත් ලේ පුච්චගන්න වෙන නිසා ...... මේ ආණ්ඩුවත් දැන් කෙලවාගෙන නේ ඉන්නේ ඉස්මොල්ලේ යන්නම ....



    කව්රු ආවත් අපේ ගොන් හැත්ත චන්දෙ දෙනවා .... හැම එකාම තම පවුල ගොඩ දානවා .. අපි වල පල්ලට යනවා.... එහෙන් අරෙහෙ අනිත් සෙට් එක ගස් කපලා අරාබිය මෙහෙ හදන්න ට්‍රයි කරනවා ..... :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    LOL Enews Kiyana wa ubalath wishwasa karanawanee :D:D lankawe modayo innakan oyawage site kaarayanta hodai


    නෑ . ඉනිව්ස් වල යන්නේ මංගල සහ කරුපයියාට ඕන දේවල්. තව උතුරේ දෙමලෙක්ට හෙම්බිරිස්සාවක් හැදුනත් එකේ නිව්ස් දානවා, රැඩිකල් උන්ගේ ආර්ටිකල්, හමුදාවේ, හාමුදුරුවෝ එහෙම මාට්ටු උන වැරදි උලුප්පල දානවා නානසරට පහර ගහනවා



    ඒ අස්සේ එකක් දෙකක් ඇත්ත නිව්ස් තීනවා
    හිටං ට සහ මහරජා ට පහර ගහනව



    ඔකේ සඳරුවන් කියන පකය ලන්ඩන් වල ඉඳන් NGO සල්ලි වලින් තමා ඔය ගූනිව්ස් එක කරන්නේ



    එනිවේ මේක 100% බොරු වෙන්න බෑ



    උන් මේක දැම්මේ අර බෙවන් කියන එකා තර්ජනය කලාට පස්සේ උව හෝදන්න.


    ඔකේ බලහං කරුපයියා බැඳුම්කර ගැන කිසි සද්දයක් නෑ :lol: