ඩීසල් එන්ජින් දුමෙන් දෝෂ හඳුනා ගමු

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ❌ඩීසල් එන්ජින් දුම💨

    ඩීසල් එන්ජින් හදපු මුල්ම කාලේ දුම්රිය,නැව්,ජෙනරේටර් වගේ ඒවටත් පස්සේ බර වාහන,කෘශිකාර්මික යන්ත්‍රෝපකරණ වලටත් අද වෙනකොට පොඩිම කාර් එකකට වෙනකනුත් ඩීසල් එන්ජින් එක වැඩිදියුණු වෙලා තියනවා.

    වැරැද්දක්,අඩුපාඩුවක් නැතුව ස්ටාර්ට් එකේ තියන එන්ජින් එකකින් සාමාන්‍යයෙන් ඇහැට පේන්න දුමක් යන්න බෑ.මොකක්ම හරි පාටකින් දුමක් යනවනම් ඒ එන්ජින් එක මොකක් හරි අවුලක් එක්ක දුවන්නේ.අපිට නිතර පේන්න තියන වාහන වල(ලෙඩක් තියන) වැඩියෙන්ම පේන්න තියෙන්නේ කලු දුම,සුදු දුම,නිල් දුම තුනෙන් එකක් හරි ඔය පාට තුන කිට්ටුවෙන් යන ඒ පාට ශේඩ් එකක් එක්ක යන දුමක් හරි.

    ඔය දුම බලලා අපිට හරියටම නැතත් ගොඩක් දුරට හිතාගන්න පුලුවන් එන්ජින් එක මොන වගේ තත්ත්වෙකින්ද දුවන්නේ කියලා.

    🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️

    🔵නිල් දුම(Blue Smoke)🔵

    ගොඩක් වෙලාවට නිල් දුමයි සුදු දුමයි එක වගේ නිසා මේ දෙක ගොඩක් අයට පැටලෙනවා.ඒ නිසා ගොඩක් අය කියන වැරදි කතාවක් තමයි සුදු දුම එන්නේ එන්ජින් ඔයිල් පිච්චෙද්දි කියලා.ඒත් සුදු දුම එක්ක බලද්දි පැහැදිලිව පේන නිල් ශේඩ් එකක් නිල් දුමේ තියනවා.වාහනේක නිල් දුමක් එන්න හේතුව සිලින්ඩර් ඇතුලේ එන්ජින් ඔයිල් දහනය වීම.මේ දුම සාමාන්‍ය සුදු දුම එක්ක පෙනුමට අමතරව සුවදේ වෙනසක් තියනවා.ඔයිල් පිච්චෙන සැර ගදක් තියනවා.

    👉 සිලින්ඩර් බෝර්,පිස්ටන්,පිස්ටන් රින්ග්ස්,වෑල්ව් සීට්,වෑල්වු ඔයිල් සීල් වගේ දේවල් ගෙවුනම
    👉 ටර්බෝ ඔයිල් සීල්(sealing rings)ඩැමේජ් උනාම
    👉 ගෑස්කට් ඩැමේජ් උනාම
    👉 PCV(Positive crankcase ventilation) Valve දෝශ
    👉 වැරදි එන්ජින් ඔයිල් එකක් දැම්මම(නිර්දේශ කරපු ඔයිල් එකට වඩා විස්කොසිටි අඩු/තුනී ඔයිල් එකක් දැම්මම ඉක්මනට ම ඒක සිලින්ඩර් ඇතුලට ලීක් වෙන්න පුලුවන් නිසා).


    වගේ හේතු නිසා එන්ජින් ඔයිල් දහන කුටීරය(Combustion Chamber) එක ඇතුලට ලීක් වෙලා පිච්චෙන්න පුලුවන්.මේ නිසා කැටලික් කන්වර්ටර්,ඔක්සිජන් සෙන්සර්(ලැම්ඩා සෙන්සර්) එහෙමත් ඉක්මනට ෆේල් වෙන්න පුලුවන්.PCV බ්ලොක් උනාම ටර්බෝ ඔයිල් රිටර්න් ලයින් එක දිගේ ගෑස් එක ප්‍රෙශර් වෙලා ඒ හේතුව නිසා ටර්බෝ සීල් ඩැමේජ් වෙන්නත් පුලුවන්.ටර්බෝ සීල් ඩැමේජ් උනාම ඉන්ලට් එක්සෝස් දෙපැත්තටම ඔයිල් ලීක් වෙන්න පුලුවන්.
    (එන්ජින් ඔයිල් පිච්චෙද්දි අනිවාර්යයෙන් ම නිල් දුමම යනවා කියන්න බෑ.ඔයිල් එක ගොඩක් පරණයිනම් මේ දුම කලු පාට වෙන්නත් පුලුවන්)

    🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️

    ⚪සුදු/අලු දුම(White/Gray Smoke)⚪

    එන්ජින් ඔයිල් පිච්චෙද්දි එනවා කියලා ගොඩක් අය හිතන සුදු දුම ඇත්තට එන්න බලපාන හේතු ටිකක් මෙහෙමයි

    👉 ජලය,කූලන්ට් හෝ ට්‍රාන්ස්මිශන් ඔයිල් පිච්චීම
    👉 සිලින්ඩර් ඇතුලේ අඩු උශ්ණත්වය හා අඩු පීඩනය(Low Pressure and Low Temperature)
    👉 ඉන්ජෙක්ටර් සහ ඉන්ජෙක්ශන් පම්ප් දෝශ
    👉 හීටර් ප්ලග්(ග්ලෝ ප්ලග්) දෝශ
    👉 වෑල්ව් ක්ලියරන්ස්(ටැපට් ක්ලියරන්ස්) අඩු උනාම
    👉නිර්දේශ කරපු අගයට වඩා අඩු සීටේන් අගයක් තියන ඩීසල් ගැහුවම

    🌪️ වතුර කලවම් ඩීසල් එන්ජින් එකට ආවොත් හරි ගෑස්කට් ඩැමේජ් එකක් නිසා වතුර හෝ කූලන්ට් සිලින්ඩර් එක ඇතුලේ පිච්චුනාම,හෙඩ් ,බ්ලොක් ක්‍රැක් එකක් නිසා,EGR කූලර් ලීක් එකක් නිසා වතුර හෝ කූලන්ට් එන්ජින් එකේ පිච්චුනාම සුදු දුමක් එන්න පුලුවන්.පිච්චෙන්නේ කූලන්ට් නම් ඒ දුමේ මින්ට් සුවදක් වගේ එනවා(වතුර හෝ කූලන්ට් ලොකු ප්‍රමාණයක් ආවොත් එන්ජින් එකේ කොටස් ඩැමේජ් වෙන නිසා මේ කියන්නේ සුලු ප්‍රමාණයක් ගැන)
    ආයි ට්‍රාන්ස්මිශන් වැකියුම් මොඩියුලේටර් දෝශයක් නිසා ඒකෙන් වැකියුම් සිග්නල් එකක් ගන්න ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට දීලා තියන හෝස් එකෙන් ඉන්ලට් එකට ට්‍රාන්ස්මිශන් ඔයිල් ඇද්දොත් ඒවා පිච්චෙනවා.එතකොටත් සුදු දුමක් එනවා.හැබැයි ඒක ඔයිල් පිච්චෙන ගදක් එක්ක එන නිසා කූලන්ට් හෝ වතුර පිච්චෙන එකෙන් වෙන් කරලා අදුරගන්න පුලුවන්.

    වෑල්වු සීට්,බෝර්,පිස්ටන්,රින්ග්ස් වගේ දේවල් ගෙවුනම එන්ජින් කම්ප්‍රෙශන් අඩු වෙන්න පුලුවන්.ඒ වගේම වෑල්ව් ක්ලියරන්ස් අඩු උනාම වෑල්ව් එක නිතරම ඇරිලම තියෙන්න බලනවා(වෑල්ව් එක රත් වෙද්දි දිග වැඩි වෙලා රොකර් ආර්ම් එකේ වැදිලා ඉස්සරහට,ඒ කියන්නේ සිලින්ඩර් එක ඇතුලට තල්ලු වෙලා හිටින නිසා)ඒක නිසාත් කම්ප්‍රෙශන් ලීක් වෙනවා.ඒකෙන් සිලින්ඩර් ඇතුලේ පීඩනය උශ්ණත්වය අඩු වෙන්න පුලුවන්.ඒක ඩීසල් හරියට පත්තු කරගන්න බාධාවක් වෙනවා.ඉන්ජෙක්ටර්,ඉන්ජෙක්ශන් පම්ප් වල අවුල් තියනකොටත් වෙන්නේ මේ දේමයි.වැරදි ඉන්ජෙක්ෂන් ටයිමින්(Injection Timing Retarded),අඩු ඉන්ධන විදින පීඩනය(Low injector pressure) නිසා ඩීසල් විද්දට ඒක පත්තු වෙන්න බාධාවක් වෙනවා.හීටර් ප්ලග්(ග්ලෝ ප්ලග්) හරියට වැඩ නොකලමත් එන්ජින් එක වර්කින්ග් ටෙම්පරේචර් එනකන් ඩීසල් හරියට පත්තු වෙන්නේ නැතුව එලියට යනවා.
    මෙහෙම ඩීසල් හරියට පිච්චෙන්නේ නැතුව(Unburned Diesel) තාපයට පමණක් ලක්වෙලා එලියට යනකොට දුම එක්ක ඩීසල් බිදිති එලියට යනවා.මේ දුම එතකොට සුදු පාටයි වගේම උඩ කියපු සුදු දුමට වඩා සුවද වෙනස්.ඩීසල් සුවදක් තමයි මේ වෙලාවේ එන්නේ

    එන්ජින් එකට දාන්න ඕන ඩීසල් එකට වඩා සීටේන් අඩු ඩීසල් එකක් දැම්මම ඩිලේ පීරියඩ් එක වැඩිවෙනවා(ඩිලේ පීරියඩ් කියන්නේ ඉන්ජෙක්ටර් වලින් ඩීසල් විදපු වෙලාවේ ඉදන් ඒක පත්තු වෙන වෙලාව වෙනකන් කාලය)එතකොට ඒ කාලෙදි වැඩි ඩීසල් ප්‍රමාණයක් සිලින්ඩර් එක ඇතුලට එනවා(හරිනම් පත්තු උනාට පස්සේ ඒ ගින්නට විදින්න ඕන ඩීසල් ටික පත්තු වෙන්න කලින්ම විදෙන නිසා.මේ වෙලාවේ එක සැරේ පිච්චෙන තෙල් ටික වැඩි නිසා නොක් එකකුත් එනවා)ඒ නිසා ඒ ඔක්කොම බර්න් වෙන්නේ නැතුව අමු ඩීසල් එලියට එන නිසා වාහනෙන් සුදු දුම එන්න පුලුවන්.ඉන්ජෙක්ෂන් ටයිමින් රිටාඩ් උනා වගේ

    🆗 අධික සීතල දේශගුණයක් තියෙද්දි,එන්ජින් එක නිමිලා තියෙද්දි වාහනේ ස්ටාර්ට් කලාම ටික වෙලාවක් සුදු දුම යන එකයි සාමාන්‍ය දෙයක්.එහෙම වෙන්නේ සයිලන්සර් එකේ ජලවාශ්ප ටික එලියට යනවා පේනවා(සීතල දේශගුණය),නැත්තන් එන්ජින් එක නිමිලා නිසා වර්කින්ග් ටෙම්පරේචර් එනකන් අමු ඩිසල් ටිකක් එලියට යනවා පේන නිසා(උදේට කෝල්ඩ් ස්ටාර්ට් එකේදි).හැබැයි ඒ දුම ඉක්මනටම නවතින්න ඕනේ.එහෙම නොවුනොත් ලෙඩක්.


    🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️🛠️

    ⚫ කලු දුම(Black Smoke)⚫

    ලෙඩ වලින් වැඩිහරියක් නිසාම එලියට එන්නේ කලු දුම.ගොඩක් වෙලාවට කලු දුම එන්නේ මේ වගේ දේවල් නිසා👇👇

    👉 එයා ෆිල්ටර් බ්ලොක් උනාම
    👉 ටර්බෝ ඉන්ටර්කූලර් බ්ලොක් උනාම,හෝස් ලීක් උනාම
    👉 ඉන්ලට් මැනිෆෝල්ඩ් එකේ කාබන් බැදුනම(Intake manifold carbon buildup)
    👉 නිර්දේශිත බරට වඩා බර පටවන් ධාවනය(Overload)
    👉 ටර්බෝ වේස්ගේට් වෑල්ව් එක ඕපන් වෙලා හිර උනාම
    👉 වෑල්ව් ක්ලියරන්ස්(ටැපට් ක්ලියරන්ස්) වැඩි උනාම

    🌪️ මේ හැමදෙයක් නිසාම වෙන්නේ සිලින්ඩර් චාජින් වලට ඕන වාතය ගන්න අමාරු වෙන එක.ඒ කියන්නේ දහනයට අනිවාර්යය අංග වලින් එකක් වෙන දහන පෝශක වායුව(ඔක්සිජන්)හරියට නොලැබෙන එක.එයා ෆිල්ටර් බ්ලොක් උනාම,ඉන්ටේක් එකේ කාබන් බැදුනම,ටර්බෝ ඉන්ටර්කූලර් බ්ලොක් උනාම හරියට අපි හෙම්බිරිස්සාවක් තියන් හුස්මගන්නවා වගේ.එතකොට සිලින්ඩර් ඇතුලේ දහනය හරියට කරගන්න ඕන කරන ඔක්සිජන් මදි වෙනවා.ඒකෙන් වෙන්නේ ඩීසල් අර්ධ දහනයක් වෙන එක.ඩීසල් අර්ධ දහනයේ ප්‍රතිඵලයක් තමයි කලුදුම.ටර්බෝ එකෙන් පස්සේ තියන ඕනම තැනක,හෝස් එකක ලීක් එකක් තිබ්බම වෙන්නෙත් ඒ ප්‍රෙශර් කරන වාතය එතනින් එලියට යන එක.ඒකෙනුත් වෙන්නේ සිලින්ඩර් චාජින් අඩු වෙන එක(සාමාන්‍යයෙන් PCV,ටර්බෝ,EGR තියන එන්ජින් එකක ඉන්ලට් එකේ කාබන් බැදෙන එක සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක්)

    වාහනේ ඕවර්ලෝඩ් දුවනකොට ලෝඩ් එක ඇදන් යන්න එන්ජින් පවර් එක මදි වෙනවා.එතකොට එන්ජින් ලෝඩ් එක වැඩි වෙලා, rpm අඩු වෙලා සක්ශන් දුර්වල වෙන නිසා එකෙන් ගන්න වාතය එන්ජින් එක දුවවන්න මදි වෙනවා.

    ටර්බෝ වේස්ගේට් වෑල්වු එක ඇරිලම තියනකොට ටර්බයින් වීල් එක කැරකෙන්න එක්සෝස් ගෑස් ප්‍රෙශර් එක මදි නිසා කම්ප්‍රෙශර් වීල් එකෙන් දෙන ප්‍රෙශර් එකත් අඩු වෙනවා.එතකොට වෙන්නෙත් උඩ කිවුවා වගේම ඩීසල් පිච්චෙන්න ඕනේ ඔක්සිජන් මදි වෙන එක.
    වෑල්ව් ක්ලියරන්ස් වැඩි උනාම වෑල්ව් ඇරෙන්නේ පොඩ්ඩක් පරක්කු වෙලා.ඒ වැඩි ස්පේස් එක පහු උනාට පස්සේ වෑල්ව් එක ඇරෙන්න පටන් ගන්න නිසා එතකොට ඉන්ලට් වෑල්ව් එක හරහා ගන්න වාතය අඩු වෙනවා.එතකොට උඩ කිවුවා වගේ කලු දුමක් එන්න පුලුවන්.

    👉ඉන්ජෙක්ටර් හෝ ඉන්ජෙක්ශන් පම්ප් දෝශ
    👉ඔක්සිජන්(ලැබ්ඩා) සෙන්සර්,MAP සෙන්සර් දෝශ හෝ ECU දෝශ

    🌪️ මේ දේවල් නිසා වෙන්නේ දහනයට අනිවාර්යය තවත් අංගයක් වෙන දාහ්‍ය ද්‍රව්‍ය(ඩීසල්) හරියට නොලැබීම.ඉන්ජෙක්ෂන් පම්ප් හෝ ඉන්ජෙක්ටර් අවුලක් නිසා(Injection timing advance,Injector leak,Low injector pressure,Wrong Injection pattern etc.) එන්ජින් එක ඇතුලේ සරු මිශ්‍රණ (Rich Mixtures)ඒ කියන්නේ ඩීසල් වැඩි වාතය අඩු මිශ්‍රණයක් හැදෙනවනම් එතකොට වෙන්නේ ඩීසල් බාගෙට පිච්චිලා(Uncomplete burn) එලියට එන දුම කලු වෙන එක.මේකෙදි තමයි සයිලන්සර් එක අග කාබන් ගොඩක් බැදෙන්නේ.
    ලැම්ඩා සෙන්සර් එකෙන් MAP සෙන්සර් එකෙන් ඒ ඒ වෙලාවේ වැරදි දත්ත ECU එකට දෙනකොට ඊලග මොහොතේ ඉන්ජෙක්ටර් වලින් සිලින්ඩර් වලට විදින්නේ වැරදි ඩීසල් පරිමාවක්.ECU එකේ මොකක් හරි අවුලක් වෙලා ඒක ඉන්ජෙක්ෂන් පැත්තට බලපෑවොත් ඒත් වෙන්නේ ඕකමයි.ඒකෙන් වෙන්නෙත් ඒ ඒ වෙලාවෙදි දහනය හරියට සිද්ද වෙන්නේ නැතුව කලු දුම එලියට එන එක.

    👉 එන්ජින් ඔයිල් පිච්චෙන එක

    🌪️ එන්ජින් ඔයිල් පිච්චෙන විදි ගැන නිල් දුමේදි කතා කරපු ටිකම තමයි මෙතනටත් අදාල.වෙනසක් තියෙන්නේ එන්ජින් ඔයිල් එක ගොඩක් පරණයිනම් එතකොට නිල් දුමකට වඩා කලු දුමක් තමයි එන්න පුලුවන්.

    🆗 පරණ එන්ජින් එකක් ස්ටාර්ට් කරනකොට,ක්ශනිකව ඇක්සලරේට් කරනකොට(ඕවර්ටේක් කරද්දි වගේ),එන්ජින් ෆ්ලශ් කරපු වාහනේක වගේනම් කලු දුම කියන එක සාමාන්‍යයයි.
    FB-IMG-1660152133514.jpg

    FB-IMG-1660152139305.jpg


    FB-IMG-1660152149426.jpg


    FB-IMG-1660152156958.jpg



    FB-IMG-1660152167310.jpg


    - සචින්ත සේනාරත්න -
    from FB
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    පරණ එන්ජින් එකක් ස්ටාර්ට් කරනකොට,ක්ශනිකව ඇක්සලරේට් කරනකොට(ඕවර්ටේක් කරද්දි වගේ),එන්ජින් ෆ්ලශ් කරපු වාහනේක වගේනම් කලු දුම කියන එක සාමාන්‍යයයි.

    එහෙනම් එච්චරයි
     
    • Like
    • Haha
    Reactions: 2osama and batwise

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගල් කොල්ලො දෙන්නම රෙන්නේ උබේ කටට 🤩🤩
    ආ උඹලා දෙන්නා ගල් කොල්ලෝ ද එතකොට 🤣🤣මන් කලින්ම දැනගත්ත පයි කොටද්දී 🤭 anyways, congratulations මචං..❤️❤️

    @siri_ayya ගේ අම්මත් දාගෙන යන්න පුළුවන් 🤩🤩
    උඹේ අම්මව එක්කන් යනවා දැකල ඉරිසියාවේ පැලෙනවා නේද ගල් කොල්ලා 🤣
    ------ Post added on Oct 10, 2022 at 11:37 AM

    මං @2osama ගේ තාත්තා වුනා නම් වෙන දේ.

    View attachment 109754

    _______________________________________________________________________________________
    කොයි කළේ ඉඳන් ද ඔසාමා පොන්නයා ගූ වෙලා තියෙන්නෙ 🤣🤣විලි ලැජ්ජාවක් නැතුව තාමත් ඉන්නවා 🤣🤣
    ------ Post added on Oct 10, 2022 at 11:42 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ආ උඹලා දෙන්නා ගල් කොල්ලෝ ද එතකොට 🤣🤣මන් කලින්ම දැනගත්ත පයි කොටද්දී 🤭 anyways, congratulations මචං..❤️❤️


    උඹේ අම්මව එක්කන් යනවා දැකල ඉරිසියාවේ පැලෙනවා නේද ගල් කොල්ලා 🤣
    ------ Post added on Oct 10, 2022 at 11:37 AM


    කොයි කළේ ඉඳන් ද ඔසාමා පොන්නයා ගූ වෙලා තියෙන්නෙ 🤣🤣විලි ලැජ්ජාවක් නැතුව තාමත් ඉන්නවා 🤣🤣
    ------ Post added on Oct 10, 2022 at 11:42 AM
    ඔව් ඔව් ඔයා තමා අපේ කොමඩ් එක 🤣🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @siri_ayya thread එකේ ජී කරනවා නේද? @siri_ayya ta ඕනේ කිරිය කාලා කිරිය නැති කරලා මේකේ කොල්ලොන්ව @siri_ayya අයියගේ බලුකිරියට අරන් යන්න
     
    Last edited:
    • Haha
    Reactions: 2osama