ඩීසල් එන්ජින් හදපු මුල්ම කාලේ දුම්රිය,නැව්,ජෙනරේටර් වගේ ඒවටත් පස්සේ බර වාහන,කෘශිකාර්මික යන්ත්‍රෝපකරණ වලටත් අද වෙනකොට පොඩිම කාර් එකකට වෙනකනුත් ඩීසල් එන්ජින් එක වැඩිදියුණු වෙලා තියනවා.
වැරැද්දක්,අඩුපාඩුවක් නැතුව ස්ටාර්ට් එකේ තියන එන්ජින් එකකින් සාමාන්‍යයෙන් ඇහැට පේන්න දුමක් යන්න බෑ.මොකක්ම හරි පාටකින් දුමක් යනවනම් ඒ එන්ජින් එක මොකක් හරි අවුලක් එක්ක දුවන්නේ.අපිට නිතර පේන්න තියන වාහන වල(ලෙඩක් තියන) වැඩියෙන්ම පේන්න තියෙන්නේ කලු දුම,සුදු දුම,නිල් දුම තුනෙන් එකක් හරි ඔය පාට තුන කිට්ටුවෙන් යන ඒ පාට ශේඩ් එකක් එක්ක යන දුමක් හරි.
ඔය දුම බලලා අපිට හරියටම නැතත් ගොඩක් දුරට හිතාගන්න පුලුවන් එන්ජින් එක මොන වගේ තත්ත්වෙකින්ද දුවන්නේ කියලා.
ගොඩක් වෙලාවට නිල් දුමයි සුදු දුමයි එක වගේ නිසා මේ දෙක ගොඩක් අයට පැටලෙනවා.ඒ නිසා ගොඩක් අය කියන වැරදි කතාවක් තමයි සුදු දුම එන්නේ එන්ජින් ඔයිල් පිච්චෙද්දි කියලා.ඒත් සුදු දුම එක්ක බලද්දි පැහැදිලිව පේන නිල් ශේඩ් එකක් නිල් දුමේ තියනවා.වාහනේක නිල් දුමක් එන්න හේතුව සිලින්ඩර් ඇතුලේ එන්ජින් ඔයිල් දහනය වීම.මේ දුම සාමාන්‍ය සුදු දුම එක්ක පෙනුමට අමතරව සුවදේ වෙනසක් තියනවා.ඔයිල් පිච්චෙන සැර ගදක් තියනවා.
වගේ හේතු නිසා එන්ජින් ඔයිල් දහන කුටීරය(Combustion Chamber) එක ඇතුලට ලීක් වෙලා පිච්චෙන්න පුලුවන්.මේ නිසා කැටලික් කන්වර්ටර්,ඔක්සිජන් සෙන්සර්(ලැම්ඩා සෙන්සර්) එහෙමත් ඉක්මනට ෆේල් වෙන්න පුලුවන්.PCV බ්ලොක් උනාම ටර්බෝ ඔයිල් රිටර්න් ලයින් එක දිගේ ගෑස් එක ප්‍රෙශර් වෙලා ඒ හේතුව නිසා ටර්බෝ සීල් ඩැමේජ් වෙන්නත් පුලුවන්.ටර්බෝ සීල් ඩැමේජ් උනාම ඉන්ලට් එක්සෝස් දෙපැත්තටම ඔයිල් ලීක් වෙන්න පුලුවන්.
(එන්ජින් ඔයිල් පිච්චෙද්දි අනිවාර්යයෙන් ම නිල් දුමම යනවා කියන්න බෑ.ඔයිල් එක ගොඩක් පරණයිනම් මේ දුම කලු පාට වෙන්නත් පුලුවන්)
එන්ජින් ඔයිල් පිච්චෙද්දි එනවා කියලා ගොඩක් අය හිතන සුදු දුම ඇත්තට එන්න බලපාන හේතු ටිකක් මෙහෙමයි
ආයි ට්‍රාන්ස්මිශන් වැකියුම් මොඩියුලේටර් දෝශයක් නිසා ඒකෙන් වැකියුම් සිග්නල් එකක් ගන්න ඉන්ලට් මැනිෆෝල්ඩ් එකට දීලා තියන හෝස් එකෙන් ඉන්ලට් එකට ට්‍රාන්ස්මිශන් ඔයිල් ඇද්දොත් ඒවා පිච්චෙනවා.එතකොටත් සුදු දුමක් එනවා.හැබැයි ඒක ඔයිල් පිච්චෙන ගදක් එක්ක එන නිසා කූලන්ට් හෝ වතුර පිච්චෙන එකෙන් වෙන් කරලා අදුරගන්න පුලුවන්.
වෑල්වු සීට්,බෝර්,පිස්ටන්,රින්ග්ස් වගේ දේවල් ගෙවුනම එන්ජින් කම්ප්‍රෙශන් අඩු වෙන්න පුලුවන්.ඒ වගේම වෑල්ව් ක්ලියරන්ස් අඩු උනාම වෑල්ව් එක නිතරම ඇරිලම තියෙන්න බලනවා(වෑල්ව් එක රත් වෙද්දි දිග වැඩි වෙලා රොකර් ආර්ම් එකේ වැදිලා ඉස්සරහට,ඒ කියන්නේ සිලින්ඩර් එක ඇතුලට තල්ලු වෙලා හිටින නිසා)ඒක නිසාත් කම්ප්‍රෙශන් ලීක් වෙනවා.ඒකෙන් සිලින්ඩර් ඇතුලේ පීඩනය උශ්ණත්වය අඩු වෙන්න පුලුවන්.ඒක ඩීසල් හරියට පත්තු කරගන්න බාධාවක් වෙනවා.ඉන්ජෙක්ටර්,ඉන්ජෙක්ශන් පම්ප් වල අවුල් තියනකොටත් වෙන්නේ මේ දේමයි.වැරදි ඉන්ජෙක්ෂන් ටයිමින්(Injection Timing Retarded),අඩු ඉන්ධන විදින පීඩනය(Low injector pressure) නිසා ඩීසල් විද්දට ඒක පත්තු වෙන්න බාධාවක් වෙනවා.හීටර් ප්ලග්(ග්ලෝ ප්ලග්) හරියට වැඩ නොකලමත් එන්ජින් එක වර්කින්ග් ටෙම්පරේචර් එනකන් ඩීසල් හරියට පත්තු වෙන්නේ නැතුව එලියට යනවා.
මෙහෙම ඩීසල් හරියට පිච්චෙන්නේ නැතුව(Unburned Diesel) තාපයට පමණක් ලක්වෙලා එලියට යනකොට දුම එක්ක ඩීසල් බිදිති එලියට යනවා.මේ දුම එතකොට සුදු පාටයි වගේම උඩ කියපු සුදු දුමට වඩා සුවද වෙනස්.ඩීසල් සුවදක් තමයි මේ වෙලාවේ එන්නේ
එන්ජින් එකට දාන්න ඕන ඩීසල් එකට වඩා සීටේන් අඩු ඩීසල් එකක් දැම්මම ඩිලේ පීරියඩ් එක වැඩිවෙනවා(ඩිලේ පීරියඩ් කියන්නේ ඉන්ජෙක්ටර් වලින් ඩීසල් විදපු වෙලාවේ ඉදන් ඒක පත්තු වෙන වෙලාව වෙනකන් කාලය)එතකොට ඒ කාලෙදි වැඩි ඩීසල් ප්‍රමාණයක් සිලින්ඩර් එක ඇතුලට එනවා(හරිනම් පත්තු උනාට පස්සේ ඒ ගින්නට විදින්න ඕන ඩීසල් ටික පත්තු වෙන්න කලින්ම විදෙන නිසා.මේ වෙලාවේ එක සැරේ පිච්චෙන තෙල් ටික වැඩි නිසා නොක් එකකුත් එනවා)ඒ නිසා ඒ ඔක්කොම බර්න් වෙන්නේ නැතුව අමු ඩීසල් එලියට එන නිසා වාහනෙන් සුදු දුම එන්න පුලුවන්.ඉන්ජෙක්ෂන් ටයිමින් රිටාඩ් උනා වගේ
ලෙඩ වලින් වැඩිහරියක් නිසාම එලියට එන්නේ කලු දුම.ගොඩක් වෙලාවට කලු දුම එන්නේ මේ වගේ දේවල් නිසා
වාහනේ ඕවර්ලෝඩ් දුවනකොට ලෝඩ් එක ඇදන් යන්න එන්ජින් පවර් එක මදි වෙනවා.එතකොට එන්ජින් ලෝඩ් එක වැඩි වෙලා, rpm අඩු වෙලා සක්ශන් දුර්වල වෙන නිසා එකෙන් ගන්න වාතය එන්ජින් එක දුවවන්න මදි වෙනවා.
ටර්බෝ වේස්ගේට් වෑල්වු එක ඇරිලම තියනකොට ටර්බයින් වීල් එක කැරකෙන්න එක්සෝස් ගෑස් ප්‍රෙශර් එක මදි නිසා කම්ප්‍රෙශර් වීල් එකෙන් දෙන ප්‍රෙශර් එකත් අඩු වෙනවා.එතකොට වෙන්නෙත් උඩ කිවුවා වගේම ඩීසල් පිච්චෙන්න ඕනේ ඔක්සිජන් මදි වෙන එක.
වෑල්ව් ක්ලියරන්ස් වැඩි උනාම වෑල්ව් ඇරෙන්නේ පොඩ්ඩක් පරක්කු වෙලා.ඒ වැඩි ස්පේස් එක පහු උනාට පස්සේ වෑල්ව් එක ඇරෙන්න පටන් ගන්න නිසා එතකොට ඉන්ලට් වෑල්ව් එක හරහා ගන්න වාතය අඩු වෙනවා.එතකොට උඩ කිවුවා වගේ කලු දුමක් එන්න පුලුවන්.
ලැම්ඩා සෙන්සර් එකෙන් MAP සෙන්සර් එකෙන් ඒ ඒ වෙලාවේ වැරදි දත්ත ECU එකට දෙනකොට ඊලග මොහොතේ ඉන්ජෙක්ටර් වලින් සිලින්ඩර් වලට විදින්නේ වැරදි ඩීසල් පරිමාවක්.ECU එකේ මොකක් හරි අවුලක් වෙලා ඒක ඉන්ජෙක්ෂන් පැත්තට බලපෑවොත් ඒත් වෙන්නේ ඕකමයි.ඒකෙන් වෙන්නෙත් ඒ ඒ වෙලාවෙදි දහනය හරියට සිද්ද වෙන්නේ නැතුව කලු දුම එලියට එන එක.
- සචින්ත සේනාරත්න -
from FB
