ඩීසල් සාධකය ඉවත් කිරීම...
බදු සහන හරහා ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ වාහන වර්ගය නම් ඩීසල් ඩබල් කැබ්ස්ය.
Hilux, Nawara, L200 වැනි වාහන වර්ග දැන් වැහි වැහැලාය. සමහර වාහන විකුණන ආයතන වල ඇත්තේ මේවා පමණි.
රජය මේ "ප්‍රශ්ණයට" සරල විසඳුමක් දී ඇත. එනම් ඩීසල් සාධකය වෙළඳපලින් ඉවත් කිරීමයි.
දැන් ඩීසල් හා පෙට්‍රල් අතර මිල වෙනස 23% පමණි. ඩීසල් වාහන වලට ගෙවන බදු මුදල හා නඩත්තු වියදමද සැලකිල්ලට ගත් විට ඩීසල් වාහනකින් ලැබෙන වාසියක් නැත.
ලොව බොහොමයක් රටවල ඩීසල් හා පෙට්‍රල් අතර මිලෙහි එතරම් වෙනසක් නැත. ලංකාවේ තත්වයට හේතුව නම් රජය පෙට්‍රල් වලින් අධික බදු මුදලක් උපයා ගැනීමයි.
ඩීසල් මිල අඩු කර තබා ගැනීමෙන් භාණ්ඩ හා සේවා මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමින් ඉහළ යාම පාලනය කර තිබිණි. නමුත් හිටි හැටියේ ඩීසල් මිල විශාල වශයෙන් ඉහළ දැමීමෙන් භාණ්ඩ හා සේවා මිල සීග්‍රයෙන් ඉහළ යාම වලක්වා ගත නොහැකි වනු ඇත. පඩි වැඩි වීමේ වාසිය එතනින්ම ජනතාවට අහිමි වී ඇත. සාමාන්‍ය ජනතාවට මින් කෙළවී ඇති අතර මෙහි ප්‍රතිඵල කීපයක් ඉදිරියේදී දක්නට ලැබෙනු ඇත.
වාසි - කබල් ඩීසල් වාහන භාවිතයෙන් ඉවත් කිරීමට ජනතාව උනන්දු වීම. තඩි වාහන (පෙට්‍රල්/ඩීසල්) ගෙන්වීම අවම වීම. පරිසරයට වඩාත් හිතකර දෙමුහුම් වාහන භාවිතය වැඩි වීම.
අවාසි - (සියළු බඩු මුට්ටු වල ගණන් ඉහළ යාම, ප්‍රවාහන වියදම් ඉහළ යාම ආදියට අමතරව) ඉන්දියන් වාහන වළින් ලංකාව පිරී ඉතිරී යාමේ අවදානම
අදහස් දක්වන්න...
සැ. යු. - මෙහි අරමුණ රජයට කඩේ යාම නොවන බව සලකන්න.

Last edited: