ඩුබායි දේශය එකලු කළ උත්තම ධාතු වන්දනා මහෝ&#350

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඩුබායි දේශය එකලු කළ උත්තම ධාතු වන්දනා මහෝ&#350

    ඩුබායි දේශය එකලු කළ උත්තම ධාතු වන්දනා මහෝත්සවය

    image_227e0dc587.jpg

    image_86ea04f4fa.jpg


    දුරු රට වෙසෙමින් තම ආගම දහමේ වතාවත් උවමනා පරිදි කරගන්න නොහැකි එමීර් රාජ්‍යයේ වෙසෙන බෞද්ධයන්ට නොසිතූ විරූ උතුම් වාසනාවක් පසුගියදා පහළ විණ.

    ශ්‍රී ලංකාවේ සිට වැඩමවනු ලැබූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ, නීලවර්ණ අති උතුම් කේශ ධාතූන් වහන්සේ සමඟ අග්‍ර ශ්‍රාවක ධාතූන් වහන්සේලා ප්‍රමුඛ අඤ්ඤා කොණ්ඩඤ්ඤ, උරුවේල කාශ්‍යප, සරභූ, ගව්පති, යස, අංගුලිමාල, බුද්ධරක්ඛිත මහරහත් ධාතූන් වහන්සේලා ද මහ ප්‍රජාපති ගෝතමී මහ රහත් මෙහෙණින් වහන්සේගේ අති උතුම් ධාතූන් වහන්සේලා ද ඩුබායි ලංකාරාමයේ දායක සභාව හා ඩුබායිහි වෙසෙන අම්බලන්ගොඩ ධර්මාශෝක ආදි සිසුන්ගේ සංගමයේ අනුග්‍රහයෙන් ඩුබායිහි ලංකාරාම විහාරස්ථානයට වැඩම කරවනු ලදුව දින දෙකක් තිස්සේ අපමණ පුද සත්කාරයෙන් පිදුම් දෙමින් මහජන ප්‍රදර්ශනයට විවෘත කරන ලදී.
    එම දින දෙක මුළුල්ලේ සිය දහස් ගණන් සැදැහැති බෞද්ධයෝ මෙම දුර්ලභ අවස්ථාවට සහභාගි වූහ. මෙවන් උතුම් කටයුත්තක් අරාබි එමීර් රාජ්‍යය නොව මැද පෙරදිග කලාපයේම සිදු කරන ලද්දේ පළමු වරට විය හැකි බව පැමිණ සිටි අය පැවසූහ.


    එම සුපින්බර අවස්ථාවේ ඡායාරූප මේ සමග පළවේ.

    image_6ba6be4792.jpg


    image_0afe1e7ece.jpg


    image_b0dcde26f1.jpg





    (ඡායාරූප සුරංගි අතුකෝරල සහ චමිල් මෙන්ඩිස්)
    සුරංගි අතුකෝරල - සාජා සිට.
     
    • Like
    Reactions: sidathsaumya