Downfall balapan ekath patta Hitler ge antima kale jeewitha kathawa tiyenne
thanks machan downloading7+
බම්ප්

![]()
![]()
මේ ෆිල්ම් එක මම කාලෙකින් බලපු හොදම ෆිල්ම් එකක් කිවුවට වැරදි නෑ. මොකද කම්මැලි නැතුව බලන් ඉන්න පුලුවන් විදියට ගලාගෙන යන කථා තේමාවක් තමයි තියෙන්නේ. ලතීෆ් යෙහියා කියන පුද්ගලයෙකුගේ ජීවිත කථාව ඇසුරින් තමයි ෆිල්ම් එක හදල තියෙන්නේ.
සරලවම කථාව මේකයි, ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ට පුතුන් දෙදෙනෙක් ඉන්නව. ඒක කවුරැත් දන්නවනේ. වැඩිමලා තමයි උදෙයි සදාම් හුසේන්. ඔහුට හැඩහුරැකම් ඇති ලතීෆ් නම් තරැණයෙක් සොයා ගන්නා ඔහු තමාසේ රගපාමින් තමුන් වෙනුවෙන් පෙනී සිටින ලෙස බලකර සිටිනවා. ඔහු විසින් එම ඉල්ලීමට එකග නොවන තැන ඔහුගේ මුලු පවුලම මරා දමන බවට කරන තර්ජන වලින් පසු ඔහු එසේ කිරීමට එකග වෙනවා. එතනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ.
ඉන් පසු උදෙයි හුසේන්ගේ අති සුකෝපභෝගී සල්ලාල දිවියේ උරැමය ලතීෆ්ටද ලැබෙන මුත් ඔහුට අවශ්‍ය වන්නේ එම ජීවිතයෙන් මිදී කෙසේ හෝ තම පවුල සමග එක්වීමටයි. ඔහුට එය කල හැකි වෙයිද?
පාසැල ඇරී නිවෙස් බලා යන තරැනියන් තම ලිංගික සංතර්පනය වෙනුවෙන් පැහැරගෙන යාම, මනාලියන් පැහැරගෙන ගොස් දූෂනය කිරීම, තම උපන් දින සාදය දා සාදයේ සියල්ලන්ට නිරැවත් වන ලෙස බල කිරීම, තම පියාගේ හොදම මිතුරා ඝාතනය කිරීම වැනි උදෙයිගේ කෘරතර වැඩද, තවත් සරාගී ලිංගික ජවනිකාද අඩු නැති මෙම ෆිල්ම් එක 18+ බව මතක තබා ගන්න.
ඩොමිනික් කූපර් රගපාන මෙම ෆිල්ම් එකේ මියුසික් එහෙම මැද පෙරදිග කලාපයට සුවිශේෂ නාදරටා වලින් අපූරැවට කරල තියනව. ලස්සන ලේම් එකක්. බාගෙනම බලන්න.
ටොරන්ට් එක මෙතනින් ගන්න.
කට්ටිය පොටි සයිස් ඒවා ඉල්ලල තිබුනනේ මෙන්න ඒ අයට. මේක මට එව්වේ මිගාර.
The Devil's Double Trailer 2011 HD
elaazz..........
thnx 4 shrng..........
download karala baluwa mama balapu fattama movie eka
I watched it. Its a nice movie.