ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්


    ලෝකයේ විශාල අවධානයක් දිනාගත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා උතුරු කොරියානු ජනපති කිම් ජොන් උන් අතර හමුව අද 12 උදෑසන සිංගප්පූරුවේදී සිදුවිය.


    11-trump-kim-handshake.w710.h473.jpg

    DfdMXVHVAAAaF_v.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    * මාධ්‍යවේදීහු 2500 ක්‌ පැමිණෙති

    * ආරක්‍ෂාවට වාහන 20 ක්‌

    උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සිංගප්පූරුවට පැමිණියේ හිස්‌ අතින් නොවේ. ඕනෑම අවස්‌ථාවකට මුහුණදිය හැකි කරාටේ සහ විවිධ ආයුධ පාවිච්චි කිරීමේ හැකියාව ඇති රැකවළුන් රැසක්‌ සහ ආරක්‍ෂිත වාහන 20 ක්‌ සමඟ ඔහු සිංගප්පූරුවට සම්ප්‍රාප්ති වී ඇත.

    සිංගප්පූරුවට පැමිණීමට පෙර උතුරු කොරියාව විසින් ගුවන් යානා දෙකක්‌ සිංගප්පූරුව වෙත පිටත්කර යවා ඇති අතර එහි කිම් ජෝන් අන් නොසිටි බව වාර්තා විය. ඊට හේතුවී ඇත්තේ කිම්ජොන් අන් ඝාතනය වීමට ඉඩ ඇති බව වාර්තා වීමෙනි.

    කිම් ජොන් අන්ගේ මෙම ආරක්‍ෂකයන් කණ්‌ඩායම එකම විදියේ ඇඳුම්වලින් සැරසී ඇත.

    දුවන ආරක්‍ෂකයන් ලෙස හඳුන්වන මෙම උතුරු කොරියානු ආරක්‍ෂක කණ්‌ඩායම කිම් ජොන් අන්ගේ බෙන්ස්‌ රිය ඉදිරියෙන් සහ පසුපසින් දිවයති.

    උතුරු කොරියානු නායකයා සිංගප්පූරුවට පැමිණීමෙන් පැය කිහිපයකට පසු ට්‍රම්ප් පැමිණ ඇත.

    ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර පැවැත්වෙන සාකච්ඡාව ගැන කරුණු දැක්‌වූ සිංගප්පූර් අගමැති ලී ලුන්ස්‌ පැවසුවේ ඉතිහාසයේ වෙන කිසිම අවස්‌ථාවක නැති තරම් ආරක්‍ෂක විධිවිධාන යොදා ඇති බවත්ය.

    විශාල ආරක්‍ෂක මෙහෙයුමක්‌ ක්‍රියාත්මක වෙනවා. කිසිදු වැරැද්දක්‌ වීමට අපි ඉඩතබන්නේ නැහැ යෑයි ඔහු තවදුරටත් කීවේය.

    මෙම ඓතිහාසික හමුව ආවරණය කිරීමට විදෙස්‌ මාධ්‍යවේදීන් 2500 ක්‌ද සිංගප්පූරුවට පැමිණ ඇත.

    එම මාධ්‍යවේදීන් උදෙසා ඩොලර් මිලියන පහක්‌ වැයකර සන්නිවේදන මධ්‍යස්‌ථානයක්‌ද ඉදිකර තිබේ.

    මේ අතර සාකච්ඡාව පැවැත්වෙන සෙන්ටෝසා දූපතේ පිහිටි පලාවන් නුවර සිංගප්පූර් හමුදා මධ්‍යස්‌ථානයක්‌ද ආරම්භ කර ඇත.

    ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර පැවැත්වෙන මෙම සාකච්ඡා නිසා සිංගප්පූරුවේ දැඩි වාහන තදබදයක්‌ ඇති වනු ඇතැයිද වාර්තා වේ.


    http://divaina.com
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඓතිහාසික හමුවට පැය කිහිපයක් තිබියදී සිංගප්පූරුවේ අගනගරයේ සංචාරයක යෙදුණු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් සමඟ ‘සෙල්ෆි’ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

    image_d1127a186e.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    :yes::yes: 'පොර' වැඩ කරාට පොඩි එකානේ. ට්‍රම්පච්චි දැක්කම බය හිතෙන්න ඇති.

    බය නොවී කොහොමද ගිය අවුරුද්දේ සීඅයිඒ එකෙන් මූව මරන්න ගහපු ප්ලෑන් එකක් ෆේල් වෙලාලු.

    ට්‍රම්ප් කාරයා මූව ඇමෙරිකාවට ගෙන්නවගෙන ෂොට් එකක් දෙයි එක පාර මැරෙන්න නෙමෙයි,ටිකෙන් ටික මැරෙන්න.චාවේස්ට කලා වගේ :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කිම්බ උතුරු කොරියාවේ ඉන්න උගේ සුහච කීකරු බලු කුක්කෝ අතරේ රජා වගේ හිටියට ට්‍රම්ප් වගේ ලෝකේ කාල වතුර බීපු එකෙක්ව හම්බෙන්න යද්දී හින්දාදිය දාන එක අහන්තත් දෙයක්ද!!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්ද මොකකින් මොකක් වෙයිද කියල....අන්තිමේදී මුන් දෙගොල්ලෝ එකතු වෙලා චීනෙට කෙලියිද? :confused:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ට්‍රම්ප් ඌව නැමුව හොදට . අන්දල තියෙන්නෙ සුපිරියට



    උබලගෙ ලස්සන බීච් තියනව ඒවගෙ ලෝකෙ ලොකුම හෝටල් ටික ගහමු කියල . ට්‍රම්ප් චීනෙ දොරකඩ ඇමරිකන් කොලනියක් දායි වගේ :D:D:D:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    අනේ මන්ද මොකකින් මොකක් වෙයිද කියල....අන්තිමේදී මුන් දෙගොල්ලෝ එකතු වෙලා චීනෙට කෙලියිද? :confused:


    එහෙමවෙනවනම් හොඳයි චීන්නු ඕනවට වැඩි දැන්