ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan why don't you updated the dollar rate now? :D

    It's Rs. 176.2547 for today!! :angry:
    :D

    Now he is a huge hitan fan :rofl:

    ගූ ඇන් පී පාන්ඩුව පෙරලෙන්ඩ කලින්, ඩොලර් ගැන මීක් නොකියපු ගූ ඇන් පී බල්ලො දෙන්න, මොකෝ මේ එක පාට්ට බුරා පනින්නෙ..:lol::lol::lol::lol:
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඩොලරය 177ත් පනී
    (හර්ෂණ තුෂාර සිල්වා)

    ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය අද (1) 177 සීමාව ඉක්මවා ගියේය.

    මේ අනුව ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව තෙවැනි දිනටත් අවප්‍රමාණය වූ අතර රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව මෙය විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව අද (1) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට විකුණුම් අගය රුපියල් 177.32ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල 173.42ක් ලෙස දැක්විණි.

    ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 11.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සඳහන් කරයි.

    ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ආර්ථිකය කෙරෙහි ඍණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි එම අහිතකර තත්ත්වය මේ වනවිට සෙමින් වර්ධනය වෙමින් තිබෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘මූඩිස්’ ආයතනය පෙන්වාදෙයි.

    මේ අතර ‘රිෆිනිටිව් ඉකෝන්’ දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලට එහි අගයෙන් සියයට 4.7ක් අහිමි වී තිබෙන අතර ශ්‍රී ලංකා රුපියල ඔක්තෝබර් මාසයේදී සියයට 2.4කින් දුර්වල වී ඇත. එම දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මේ වසරේ ගතවූ කාලයේදී සියයට 12.8කින් අවප්‍රමාණය වී ඇත.

    ‘රිෆිනිටිව් ඉකෝන්’ යනු ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂණය කරන සහ ජාත්‍යන්තර මූල්‍ය දත්ත සපයන ආයතනයකි.
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රුපියල යළිත් පහළම අගයට
    ( හර්ෂණ තුෂාර සිල්වා)

    දේශපාලන අර්බුදය මධ්‍යයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (14) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළේය.

    ඒ අනුව එක්සත් ජනපද ඩොලරයකට ගෙවන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය, අද (14) රුපියල් 177.62ක් දක්වා ඉහළ ගිය අතර ශ්‍රී ලංකා රුපියල එතරම් පහත අගයකට වැටුණු පළමු අවස්ථාව එය විය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකු-ත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයකට ගෙවන ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය 177.62ක් වූ අතර ගැනුම් මිල 173.72ක් විය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 9 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 12.7කින් අවප්‍රමාණය වී තිබෙන අතර ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන රෙෆිනිටිව් ඉකෝන් දත්තවලට අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 14.4කින් අවප්‍රමාණය වී ඇත.

    වත්මන් දේශපාලන අර්බුදය නිසා ඇති වී තිබෙන දේශපාලන අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    177.62 :rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    wartha wena hama welawema ithihasaye pahalama agaya thamai oka aluth deyak newei ne :lol:

    mona pakshakayak awath oka hadanna ba, hadanna puluwan ekama ekatai habai uu rate import walata wada export wadi karanna puluwan supiri molayak wenna one. ee nathuwa swayanposhitha arthikayatawath 2000 ganan prauda ithihasaytawat bari wei $ eka nagganna. me kapeta bari wei :(
     
    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    රුපියල තවත් පහළට
    ( හර්ෂණ තුෂාර සිල්වා )

    මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (21) රුපියල් 179 සීමාව ඉක්මවා ගියේය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 179.04ක් ලෙසත් ගැනුම් මිල 175.11ක් ලෙසත් දැක්වි
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඩොලරය 180 ත් පනී
    හර්ෂණ තුෂාර සිල්වා

    ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (23) රුපියල් 180 සීමාව ඉක්මවා ගියේය.

    මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (23) නිකුත් විනිමය අනුපාතවලට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල 180.66ක් ලෙසත් ගැනුම් මිල 176.72ක් ලෙසත් දැක්විණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 13.4කින් අවප්‍රමාණය වී තිබේ.

    ‘රෙෆිනිටිව් ඉකෝන්’ ජාත්‍යන්ත මූල්‍ය විශ්ලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 15.9කින් අවප්‍රමාණය වී ඇත.

    වසර 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹූ ‘මූඩිස්’ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනය පළමු වරට අඟහරුවාදා (20) ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මූඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදි පෙන්වා දී තිබිණි. කෙසේ නමුත් එම පහළ දැමීම පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි
     
    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    hari api kaatawath bAnala wadak naha. rate minissu widiyaata api karanneth cyber virayo wela maraaganna ekane
    apita rate minissu hatiyata karanna deyak ettema nedda? kata $$#@ vahagena balaegna innawa erenna me wena dewal diha??