ඩොලර් වැඩිවූ නිසා වාහන මිල යළිත් ඉහළට

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඩොලර් වැඩිවූ නිසා වාහන මිල යළිත් ඉහළට

    ඩොලර් අගය වැඩිවූ නිසා වාහන මිල යළිත් ඉහළට

    gossiplanka_2018-03-02_10-09-01.jpg

    ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා වාහන මිල ඉහළ යාම ගැන මෙසේ අදහස් දක්වා තිබේ.

    2018 වසර සඳහා වන අය වැය යෝජනා වලින් සිදු වූ මිල සංශෝධනයන්ගෙන් අනතුරුව කලක් ගතවනතුරු රථවාහන මිල ස්ථාවරව පවතී යැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියා. නමුත් හදිසියේම වාහන මිල යළිත් ඉහළ යන බවට ප්‍රචාරයක් මේ දිනවල පැතිර යනවා. මෙහි සත්‍ය අසත්‍යතාවය කෙබඳුද?

    වාහන මිලෙහි ඉහළ යාමක් සිදුවන බවට පැතිර යන පුවත සත්‍යයක්. දැනට පවතින තත්වය අනුව එන්ජින් ධාරිතාවය අඩු වාහනයක් රුපියල් ලක්ෂයකින් පමණක් ද, විශාල ප්‍රමාණයේ වාහනයක් රුපියල් ලක්ෂ 1 1/2 කින් 2කින් පමණත් ඉහළ යාමේ ඉඩකඩක් තිබෙනවා. උදාහරණයක් ලෙස සඳහන් කළොත් මේ දිනවල ඉතා ජනප්‍රිය සුසුකි වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂයකින් පමණත් ටොයෝටා විට්ස් වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ එක හමාරකින් දෙකකින් පමණත් මිල ඉහළ යාමක් සිදුවේවි.

    හදිසියේම මෙවැනි වෙනසක් රථවාහන වෙළෙඳපොළේ සිදුවීමට හේතුව කුමක්ද?

    එයට එක් හේතුවක් තමයි මේ වනවිට රටේ පවතින දේශපාලන අස්ථාවරභාවය. දැනට සතියක දෙකක පමණ කාලයක් තුළ ඩොලරයේ අගය 5කින් 6කින් පමණ අවප්‍රමාණය වී තිබෙනවා. පවතින දේශපාලන අස්ථාවරභාවය නිසා මුදල් අමාත්‍යාංශයට ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට නොහැකි වී තිබෙනවා.

    තවත් පැත්තකින් ගත්තොත් මේ වනවිට ඇමෙරිකාවේ මතු වී තිබෙන ගැටලුකාරි තත්වයක් මත ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් අගය 5කින් 6කින් පමණ ශක්තිමත් වී තිබෙනවා. මේ සිදුවීම් දෙකම එක්කාසු වූ විට ජපන් යෙන් එකක අගයේ 10ක පමණ අව ප්‍රමාණයක් පෙන්නුම් කරනවා. කොහොම නමුත් දැන් වාහන බදු ගණනය කරනු ලබන්නේ ඒකක බද්දක් වශයෙන් නිසා 5ක මිල ඉහළ යාමක් විදියට තමයි මෙකී තත්ත්වය ආනයනය කරනු ලබන වාහන සඳහා බලපාන්නේ.

    මේ කියන මිල ඉහළ යාම ඉක්මනින්ම වාහන වෙළෙඳපොළට දැක්විද?

    ඔව්. මොකද බොහෝවිට අලුතින් ආනයනය කරනු ලබන වාහන තමයි මේ දිනවල වැඩිපුර අලෙවි කෙරෙන්නේ. මේ නිසා මෙම මිල ඉහළ යාම දැනටමත් වාහන වෙළෙඳපොළට බලපා තිබෙන බව කිව යුතුයි.

    2018 වසර සඳහා වන අයවැය යෝජනා වලට අනුව බොහෝ වාහන මාදිලිවල මිල ගණන් පහළ ගියා. ඒ හේතුවෙන් පසුගිය කාලයේ වාහන අලෙවියේ වර්ධනයක් සිදුවුණාද?

    අයවැයෙන් පසුව සමස්තයක් ලෙස ගතහොත් තවමත් වාහන අලෙවියෙහි විශාල වෙනසක් සිදුවී තිබෙන බවක් පේන්නට නැහැ. සිදුවී තිබෙන්නේ වාහන අලෙවි වන වෙළෙඳ රටාවෙහි වෙනසක් පමණයි. අයවැයෙන් සිදු වූ බදු සංශෝධනත් සමග එන්ජින් ධාරිතාවය 1000 ට අඩු වැගන් ආර් වැනි මෝටර් රථවල අලෙවියේ වර්ධනයක් පෙන්නුම් කරනවා. කුඩා ප්‍රමාණයේ වාහන වෙනුවෙන් ප්‍රමිතියෙන් අඩු ඉන්දියානු මෝටර් රථ සඳහා මීට පෙර පැවැති වෙළෙඳ ඒකාධිකාරය අහෝසි වී. තිබිම ඉතා හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම අයවැයෙන් මිල ඉහළ ගිය එන්ජින් ධාරිතාවය 1500ත් ට වැඩි හයිබ්‍රිඩ් වාහන අලෙවිය නම් ඉතා අවම මට්ටමකයි තිබෙන්නේ. වාහන මිල ඉහළ යාම හැරුණු විට තවත් බරපතළ ගැටලුවක් අද රථවාහන කර්මාන්තයට බලපා තිබෙනවා. ඒ තමයි වාහන වෙළෙඳපොළට පිවිස සිටින වංචනික පුද්ගලයන් පාරිභෝගිකයන් රවටමින් සිදුකරනු ලබන අයථා කටයුතු. මේ තත්වය අද වනවිට රථවාහන කර්මාන්තයට ඉතා අහිතකර විදිට බලපාලයි තිබෙන්නේ.

    මොනවගේ ආකාරයෙන් ද මෙවැනි වංචනික ක්‍රියා සිදුවෙන්නේ? එවැනි වංචනිකයන්ට හසුනොවීමට පාරිභෝගිකයන් ගත යුතු ක්‍රියාමාර්ග විදිහට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මොනවාද?

    වාහන වෙළෙඳපොළේ වැඩිපුර අලෙවි වන වාහන වෙළෙඳපොළේ සාමාන්‍යයෙන් පවතින මිලටත් වඩා අඩු මිලකට අලෙවි කරන්න වාහන වෙළෙඳුන් කිසිවිටෙකත් පෙළඹෙන්නේ නැහැ. නමුත් මේ කාලයේ සුලබව දකින්නට ලැබෙන දෙයක් තමයි පවතින මිලට වඩා අඩුවෙන් වාහන අලෙවි කරන බවට වෙබ් අඩවි සහ පුවත්පත් හරහා දැන්වීම් පළ කර තිබීම. මෙවැනි අවස්ථාවලින් 95ක් පමණම පාරිභෝගිකයන් රැවටීමට වංචනිකයන් පිරිසක් කරනු ලබන ප්‍රචාර බව කිව යුතුයි. ඒ වගේම තවත් සමහර වංචනික පුද්ගලයන් අඩු මිලට වාහන ලබාදෙන බව පවසා පාරිභෝගිකයන්ගෙන් අත්තිකාරම් මුදල් රැගෙන පලා යනවා. තවත් සමහරු අඩු මිලට වාහන පිටරටින් ගෙන්වාදෙන බව පවසා අත්තිකාරම් මුදල් එකතු කරගන්නවා. නමුත් අවසානයේ මෙරටට වාහන ගෙවූ පසු විවිධ හේතු ඉදිරිපත් කර පාරිභෝගිකයන් අසරණ කොට සාමාන්‍ය මිලටත් වැඩි මුදලක් ඔවුන්ගෙන් ලබාගන්නවා. මෙවැනි වංචනික ක්‍රියා දිගින් දිගටම සිදුවීම පාරිභෝගිකයන්ට වගේම වාහන ආනයනකරුවන්ටත් හානිදායකයි. මේ නිසා ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළා. විශ්වාසනීය වාහන වෙළෙඳුන් හඳුනා ගැනීමට පාරිභෝගිකයන්ට සහය වනු පිණිස ඔවුන්ට සංගමය විසින් අනුමත කරන ලද නාම පුවරුවක් ලබාදීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සාමාජික අංක සහිත මෙම පුවරු වාහන ප්‍රදර්ශනාගාර ඉදිරිපස සවිකර තිබේදැයි පරික්ෂා කිරීමෙන් පාරිභෝගිකයන්ට විශ්වසනීයව ගනුදෙනු කළ හැකි වාහන අලෙවිකරුවන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔහොම හිටපන් අගමැති පොනිලගෙ කුලියාපිටියෙ වොක්ස්වැගන් කම්හලෙන් වාහන රිලීස් කරනකන්,රුපියල් දීල ගන්ඩ පුලුවන් ඩොලර් ඔනෙම නැ.. :yes::yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    සභාපතිතුමා ලස්සනට ගේම ගහනවා. ලාභ එන්නෙ ඉතින් කෝටි ගණන් වලින්. දන්නෝ දනිති සභාපතිතුමාගෙ ගේම්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සභාපතිතුමා ලස්සනට ගේම ගහනවා. ලාභ එන්නෙ ඉතින් කෝටි ගණන් වලින්. දන්නෝ දනිති සභාපතිතුමාගෙ ගේම්.

    මහින්ද උන්නනන් සභාපතිට ඔහොම නටන්න දෙන්නෑ... :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113

    මහින්ද උන්නනන් සභාපතිට ඔහොම නටන්න දෙන්නෑ... :yes:

    උන් උන් පට්ටම් අරගෙන සංගම් හදාගෙන ඔය රඟන්නෙ මිනිස්සුන්ට හොඳ වාහන දෙන්නවත් වාහන මිල අඩු කරන්නවත් මොකොවත් නෙවෙයි. උන්ගෙ ලාබෙ තර කරගන්න. මොකා ආණ්ඩු කෙරුවත් හොරකම නවත්තන්න බෑ බං මේ රටේ. එන්න එන්නම හොරු තක්කඩි තමයි බිහිවෙන්නේ.

    දැන් ඉන්න සොන්නයො ටික නම් උන්ගෙ ධූර කාලෙ ඉවර වෙනකොට රටක් නැත්තටම නැති කරලයි ගෙදර යන්නෙ. :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් උන් පට්ටම් අරගෙන සංගම් හදාගෙන ඔය රඟන්නෙ මිනිස්සුන්ට හොඳ වාහන දෙන්නවත් වාහන මිල අඩු කරන්නවත් මොකොවත් නෙවෙයි. උන්ගෙ ලාබෙ තර කරගන්න. මොකා ආණ්ඩු කෙරුවත් හොරකම නවත්තන්න බෑ බං මේ රටේ. එන්න එන්නම හොරු තක්කඩි තමයි බිහිවෙන්නේ.

    දැන් ඉන්න සොන්නයො ටික නම් උන්ගෙ ධූර කාලෙ ඉවර වෙනකොට රටක් නැත්තටම නැති කරලයි ගෙදර යන්නෙ. :(

    කරුනාකරල වියාපාරිකයන්ට ගරගන්ඩ එපා බන්..අමතක කරන්ඩ එපා අපේ වියාපාරිකයො හින්ද තමයි සිරිලක මෙහෙම හරි තියෙන්නෙ..සිරිලක දියුනු කරන්ඩ නම් ශක්තිමත් අපේ වියාපාරිකයො ටිකක් හදාගන්ඩ ඔනෙ....බහු ජාතික සමාගම් තරකරලනම් කිසිම සුගතියක් නැ...
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    කරුනාකරල වියාපාරිකයන්ට ගරගන්ඩ එපා බන්..අමතක කරන්ඩ එපා අපේ වියාපාරිකයො හින්ද තමයි සිරිලක මෙහෙම හරි තියෙන්නෙ..සිරිලක දියුනු කරන්ඩ නම් ශක්තිමත් අපේ වියාපාරිකයො ටිකක් හදාගන්ඩ ඔනෙ....බහු ජාතික සමාගම් තරකරලනම් කිසිම සුගතියක් නැ...

    මෙහෙමයි මචන්. සභාපතිතුමාගෙ ගේම් දන්න උන් දන්නවා. උඹල දකින්නෙ ලොකු වාහන ගෙන්නලා සේල් කරන මහත්මයෙක්. ටීවී එකට වොයිස් කට් දෙන මිනිස්සුන්ට සහන සලසන්න බලන් හිටියත් ආණ්ඩුවෙන් ඒකට ඉඩ නොදෙන නිසා කරන්න දෙයක් නැතිකමට වාහන මිල ගැන අනාවැකි කියන නියම බිස්නස්කාරයෙක්. නමුත් කස්ටම් එකේ, ආර් එම් වී එකේ, ජපානෙ යාඩ් වල, අතරමැදියන්ගෙන්, අනික් සමහර සේල් වල අය එක්ක එකතු වෙලා මේ මුල් පුටු වල ඉන්න මහත්තුරු ගහන ගේම් දන්න උන් දන්නවා. ඒව සාක්කි ඇතුව ඔප්පු කරන්න බෑ. නමුත් දන්න අය දන්නව. කොහොම මොනවා කතා කලත් වැඩක් නෑ ඒ ඒ අය ඒ ඒ විදියට ලස්සනට සල්ලි විසි කරලා වැඩේ ඇදගෙන යනව. මනුස්සයෙක් දියුණු වෙනවට ඉරිසියාවට කියන කතා කියයි මේව කියවන උන් ඉතින්. :rolleyes:
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28

    machan me seen eka explain karapankoo.pls
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    ඔහොම හිටපන් අගමැති පොනිලගෙ කුලියාපිටියෙ වොක්ස්වැගන් කම්හලෙන් වාහන රිලීස් කරනකන්,රුපියල් දීල ගන්ඩ පුලුවන් ඩොලර් ඔනෙම නැ.. :yes::yes:

    ඊලගට එරෝසන්ගේ පුක දෙන උත්මයන් ආවම් රට කරවන විදිය බලාගනිල්ලකෝ