ණය ගෙවන්න සිදුවන වසර 5ක්"

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ණය ගෙවන්න සිදුවන වසර 5ක්"

    ලංකාවේ නව ජනපති හා ආණ්ඩුවට ඇති ආර්ථික අභියෝග: "2015ට පෙර ගත් ණය ගෙවන්න සිදුවන වසර 5ක්"

    මහින්ද ගත් ණය ගෝඨාභයට ගෙවන්න සිදුවන වසර 5ක්Image copyright Getty Images
    ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධූරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ සහ අලුතින් පිහිටුවන රජයට ඉදිරියේදී ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ස්වාධීන ආර්ථික විශ්ලේෂකයෙකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ 2015 වසරට පෙර ලබාගත් ණය, ඉදිරි වසර පහ තුළදී ගෙවීමට සිදුවීම ඉන් ප්‍රධාන අභියෝගයක් බවය.

    ඉදිරි වසර පහේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කළ විමසීමකදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඩබ්. ඒ. විජේවර්ධන ප්‍රකාශ කළේ, පසුගිය වසර 10ක කාලය තුළ ලබා ගත් ස්වෛරීත්ව බැදුම්කර යටතේ ලබා ගත් ණය මුදල් රැසකට ආපසු පියවීම සදහා දී තිබූ සහන කාල සීමාව ඉදිරි වසර 5 තුළදී අවසන් වන බවය.

    වාර්ෂික ණය වාරික මුදල් ඉහළ යාම

    ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය මුදල් රැසකට ආපසු පියවීම සදහා දී තිබූ සහන කාල සීමාව ඉකුත් වීමත් සමග එම ණය ආපසු ගෙවීමට සිදුවන හෙයින්, ශ්‍රී ලංකා රජය පියවිය යුතු වාර්ෂික ණය වාරික මුදල් ප්‍රමාණය අතිශයින් ඉහළ යනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.

    2025 වසරට පෙර සහන කාලය ඉකුත් වන ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය 2010 වසරේ සිට 2015 වසර දක්වා පැවති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය යටතේ ලබා ගත් ඒවා වේ.


    ස්වෛරීත්ව බැඳුම්කර
    මේ අනුව, ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වන වැඩි ම ණය වාරික මුදල් ගෙවීමට සිදුවනු ඇත්තේ, ඉදිරි වසර 5ක කාලය තුළය.

    "ආණ්ඩුවේ ණය විතරක් බිලියන 3ට වඩා වාර්ෂිකව ගෙවන්න වෙනවා. ඊට අමතරව පෞද්ගලික අංශයේ ණයත් තිබෙනවා," ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන පැවසීය.

    "වසර අවසානයේ සමස්ත ණය ප්‍රමාණය මේ වෙනකොට ඇමෙරිකානු ඩොලර් බිලියන 55ට වඩා වැඩියි. ආණ්ඩුව ගත් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 34ට වැඩියි. ඒ වගේ ම පෞද්ගලික අංශය විදෙස් ණය ලබාගෙන තියෙනවා ඩොලර් බිලියන 21කට වඩා වැඩියෙන්."

    මධ්‍යම රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගත් නොපියවූ ණය ප්‍රමාණ වාර්ෂිකව පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.


    මධ්‍යම රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගත් නොපියවූ ණය
    "මහ බැංකුවේ ඩොලර් නෑ"

    "ගොඩක් අය දන්නේ ආණ්ඩුව ගත්ත ණය විතරක් රජයට බලපානවා කියලයි. ඒත් ඒක නෙවේ ඇත්ත. පෞද්ගලික අංශය ගත්ත විදෙස් ණය ගෙවන්න ඒ ආයතනවලට රුපියල් තියෙනවා. ඒත් රුපියල්වලින් විදෙස් ණය ගෙවන්න බෑ. ඒවාට ඇමෙරිකානු ඩොලර් ඕන. ඒත් මහ බැංකුවට ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නෑ. ආණ්ඩුවට රුපියලුත් නෑ, ඩොලරුත් නෑ."


    ආර්ථික විශ්ලේෂක ඩබ්.ඒ. විජේවර්ධනImage copyright Wa Wijewardena/Facebook
    Image caption
    ආර්ථික විශ්ලේෂක ඩබ්.ඒ. විජේවර්ධන

    සංචාරයකයින්ගේ පැමිණීම අඩුවීම, අපනයනය අඩුවීම, ආනයන වැඩිවීම, රුපියලේ අගය පහත වැටීම නිසා විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය අඩුවීම ආදී කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    මේ අනුව, ණය වාරික පියවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට නම් යළි විදේශ ණය ලබා ගැනීමට හෝ විදේශ ආධාර ලබා ගැනීමට සිදුවනු ඇත.

    "විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. චීනයෙන් ගත්තොත් ලොකු පොළියක් මත තමයි ණය ගන්න වෙන්නේ," ඩබ්. ඒ. විජේවර්ධන පැවසීය.

    MCC ගිවිසුම

    මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් සැපයීමට නියමිතය.


    MCCImage copyright MCC
    මෙම ආධාරය මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා ගැනීම අතිශය වැදගත් බව ඩබ්. ඒ. විජේවර්ධන පෙන්වා දෙයි. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට පළමු වාරිකයේදී අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇත. ණය වාරික පියවීම සදහා එම ඩොලර් භාවිත කිරීමට රජයට අවස්ථාව හිමි වේ.

    කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලනඥයෝ මෙම ගිවිසුම "ඇමෙරිකානු මර උගුලක්" ලෙස හඳුන්වමින් ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ මාතෘකාවක් ලෙස භාවිත කළහ.


    මහින්ද ගත් ණය ගෝඨාභයට ගෙවන්න සිදුවන වසර 5ක්Image copyright Getty Images
    මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, නව අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවය.

    කෙසේ වෙතත්, "මේ අවස්ථාවේ රටට වැදගත් වන MCC ගිවිසුම දෙසැම්බර් නත්තල් නිවාඩුවට පෙර පාර්ලිමේන්තුවේ සම්මත කර නොගතහොත් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකාවට අහිමි වනු ඇතැයි," ඩබ්. ඒ. විජේවර්ධන අනතුරු අගවයි.

    මෙම ආධාරය ලබා දීමට මූලික වන අවශ්‍යතාවක් වන්නේ, රටක ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4085ට වඩා අඩු වීමය.

    "මේ ආධාරය අපට හම්බ වුණේ 2016 දී කරපු ඉල්ලීමකට අනුව. ඒ කාලේ අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4085ට වඩා අඩුවෙන් තිබුණේ. දැන් ඊට වඩා වැඩියි. ඒ නිසා මේ ගිවිසුමට දෙසැම්බර් 31ට කලින් අත්සන් නොකළොත් ආයේ ඒක අපිට ලැබෙන්නේ නෑ. ඇමෙරිකාවේ රජයේ ආයතන දෙසැම්බර් අග සති දෙකේ වහනවා නත්තල් නිවාඩුවට. ඒ නිසා දෙසැම්බර් 15 වෙනි දාටවත් කලින් මේ ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න වෙනවා."

    ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ඉටු කිරීම

    ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ආර්ථිකමය බලපෑමක් සහිත පොරොන්දු රැසක් ලබා දුන්නේය.


    ප්‍රතිපත්ති ප්‍රකාශවය◾රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නියුතුවූවන්ගේ වැටුපෙන් අඩු කෙරෙන 'PAYE tax' අහෝසි කිරීම
    ◾අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම
    ◾උසස් පෙළ අසමතුන්ට නොමිලේ තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම
    ◾නොමිලේ පොහොර ලබා දීම
    ◾ක්ෂුද්‍ර ණය මුළුමනින් ම කපා හැරීම
    ◾රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම
    ◾කර්මාන්තපුර, නිදහස් වෙළෙඳ කලාප සහ නිදහස් වරාය 50ක් පිහිටුවීම

    ඉහත සදහන් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජුව බලපාන පොරොන්දු කිහිපයක් පමණි.

    මෙම පොරොන්දු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික මට්ටම අනුව විශාල අභියෝගයක් වනු ඇතැයි ස්වාධීන ආර්ථික විශ්ලේෂක ඩබ්.ඒ. විජේවර්ධන පවසයි.

    කෙටි කාලීන විසඳුම්

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේ ඇති මෙම ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා කෙටි කාලීන මෙන් ම දීර්ඝ කාලීන විසඳුම් සෙවිය යුතුය.

    ආර්ථික විශ්ලේෂක ඩබ්.ඒ. විජේවර්ධන පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකදී ම අසල්වැසි ඉන්දියාව ඉදිරිපත් වූ බවය.

    "ඒ නිසා ඉන්දියාව සමග මිත්‍රශීලීත්වය ආරක්ෂා කර ගැනීම ඉතා ම වැදගත්. යුද්ධය වෙලාවෙදිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බලපෑම් කරල අපට මුදල් අරන් දුන්නේ ඉන්දියාව. ඒ වගේ ම නව ජනාධිපතිවරයාට ඉන්දියාව නොවැම්බර් 29 වෙනි දා එන්න කියල කරල තියෙන ආරාධනාව නිසි පරිදි අපි පාවිච්චි කළ යුතුයි. අඩු තරමින් ඩොලර් බිලියන 2ක්වත් ඉන්දියාවෙන් ගන්න උත්සහ කරන්න ඕන."

    ඉන්දියාවෙන් මුදල් ආධාරවලට අමතරව එරට පවතින තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා ඉන්දියාවේ පිහිටි සුපිරි තාක්ෂණික විශ්වවිද්‍යාල පද්ධතියේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බව ඩබ්.ඒ. විජේවර්ධනගේ අදහසය.

    එමෙන් ම MCC ගිවිසුම හරහා ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ලබා ගැනීම ද කෙටි කාලීන වශයෙන් ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.

    මේ අතර, රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, දීර්ඝ කාලීන වශයෙන් රටක ආර්ථික අභියෝග ජය ගැනීම සදහා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවය.

    "අපේ රට සේවා පදනම් කර ගත්ත ආර්ථිකයක් තියෙන්නේ. නිෂ්පාදන සියල්ල ආනයනය කරන්න වෙලා. ඒකෙන් සිද්ධ වෙන්නේ, රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. සේවා ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගුවොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. නැත්නම් රුපියලේ අගය අවප්‍රමාණය වීම වළක්වගන්න බෑ."
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    මහින්දගෙ විතරක් නෙමේ, රනිල්ගෙ බැංකු කැඩිල්ලේ සල්ලිත් හොයන්න වෙනවා...
    කොටින්ම අවුරුදු 71 ම ප්‍රථිපල :rolleyes:
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මහින්දගෙ විතරක් නෙමේ, රනිල්ගෙ බැංකු කැඩිල්ලේ සල්ලිත් හොයන්න වෙනවා...
    කොටින්ම අවුරුදු 71 ම ප්‍රථිපල :rolleyes:

    බැදුම්කර සල්ලි එකක්වත් පිට ගියේ නෑ,ඔක්කොම 2015දිම ‍ෆ්‍රීෂ් කරලා රාජ්‍ය බැංකුවලම ඒ සල්ලි හිරවෙලා තියෙනවා.මම දන්න විදිහට මහ ලොකු ගානක් නෙවෙයි.රුපියල් බිලියන 11ක්.ඒවා එකක්වත් කොහෙවත් ගිහින් නෑ.බිල්යන 11ක් මොනාදබන්.ජනාදෝතිවරනයට බිලියන 11ක් ඝින් තියෙනවා.ඔච්චර ආදරේඉනම් ඉවසගෙන ඉඳලා මහාමැතිවරනයට ගියානම් ඔය සල්ලි ඉතිරිවෙනවා.ඒක කරන්න ඕන උනේ නැනේ.පාර්ලිමන්ට් එකට විදායකය කැන්සල් කරලා හිටන් එලවලා ආන්ඩුකාරෙය්ක් දාන්න තිබ්බ .දැන් ඉන්න එකත් නම විතරයි.බලය පාර්ලිමන්ට් එකේ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    UNP කාරයො මහ බැංකුවෙ බිලියන ගානක් හොරකම් කරපු ඵකෙන් නම් ලොකු පාඩුවක් තමා රටට වුනේ.ඒවත් පියවන්න ඵැපැයි.කෝ ඒක මේකෙ නෑනේ..:rolleyes:.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    UNP කාරයො මහ බැංකුවෙ බිලියන ගානක් හොරකම් කරපු ඵකෙන් නම් ලොකු පාඩුවක් තමා රටට වුනේ.ඒවත් පියවන්න ඵැපැයි.කෝ ඒක මේකෙ නෑනේ..:rolleyes:.

    හොරකම් කරලා නෑ.මේ සල්ලි ඔක්කොම රාජ්‍ය බැංකු වල එහෙමම තියෙනවා.එකක්වත් කාටවත් දීලා නෑ.මොකද ප්‍රශ්නය ආවේ බැදුම් කර පටිපාටිය ගැන මිසක් සල්ලි ගසා කෑමක් නෑඅනිත් එක උපියල් බිලියන 11ක් වටිනාකම ඩොලර් මිලියන 60ක්.අඩෝ ඩොලර් මිලියන 60කින් ඉකොනොමි එක වැටෙනවනම් අර ඇමරිකාවෙන් නිකන් දුන්න ඩෝලර් මිලියන 500ක් ගත්තනම් ලංකාව සුරන්ගනා ලෝකයක් වගේ වෙනවනේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හොරකම් කරලා නෑ.මේ සල්ලි ඔක්කොම රාජ්‍ය බැංකු වල එහෙමම තියෙනවා.එකක්වත් කාටවත් දීලා නෑ.මොකද ප්‍රශ්නය ආවේ බැදුම් කර පටිපාටිය ගැන මිසක් සල්ලි ගසා කෑමක් නෑඅනිත් එක උපියල් බිලියන 11ක් වටිනාකම ඩොලර් මිලියන 60ක්.අඩෝ ඩොලර් මිලියන 60කින් ඉකොනොමි එක වැටෙනවනම් අර ඇමරිකාවෙන් නිකන් දුන්න ඩෝලර් මිලියන 500ක් ගත්තනම් ලංකාව සුරන්ගනා ලෝකයක් වගේ වෙනවනේ


    :rofl:


     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Dan balamu millennium challenge eka sign nokara innawada kiyala
    Wimale & gembanpila we are waiting:P




    අා ඒව කොහෙද..සයින් කරොත් අනුරයිය ඵයාගෙ ලක්ෂ 4ටම අමුඩ ගස්සලා ගෝල්ෆේස් පිට්ටනිය පුරවනවා මේ දුර්ධාන්ත අාණ්ඩුව ගෙදර යවන්න..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    බැදුම්කර සල්ලි එකක්වත් පිට ගියේ නෑ,ඔක්කොම 2015දිම ‍ෆ්‍රීෂ් කරලා රාජ්‍ය බැංකුවලම ඒ සල්ලි හිරවෙලා තියෙනවා.මම දන්න විදිහට මහ ලොකු ගානක් නෙවෙයි.රුපියල් බිලියන 11ක්.ඒවා එකක්වත් කොහෙවත් ගිහින් නෑ.බිල්යන 11ක් මොනාදබන්.ජනාදෝතිවරනයට බිලියන 11ක් ඝින් තියෙනවා.ඔච්චර ආදරේඉනම් ඉවසගෙන ඉඳලා මහාමැතිවරනයට ගියානම් ඔය සල්ලි ඉතිරිවෙනවා.ඒක කරන්න ඕන උනේ නැනේ.පාර්ලිමන්ට් එකට විදායකය කැන්සල් කරලා හිටන් එලවලා ආන්ඩුකාරෙය්ක් දාන්න තිබ්බ .දැන් ඉන්න එකත් නම විතරයි.බලය පාර්ලිමන්ට් එකේ.

    බොරු පච ගහන්න එපා . පළවෙනි බැඳුම්කර නිකතුවේදී පිට උනා සල්ලි ඔක්කොම UNP එක බෙදා ගත්තා. රවී කරුණානායක ඒවගේන් තමා ගෙවල් ගත්තේ කොටි ගණන් දීලා ගැනිගේ නමට.
    උබ ට මතක නැති උනාට අපිට හොදට මතකයි ඕවා​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    17 වෙනිදායින් පසු අතුරුදන්ව සිටි නරි රැලක් ආයේ මේකේ රගන්න පටන් ගෙන ඇති බව පෙනේ......


    දවස් ගානක් ඇතුලත අලුතින් සංවිධානය වූ මඩ බලකා මෙහෙයුම් ක්‍රියාත්මක තලයට ගෙන ඒමේ පසුබිම මොවුන් තනති.......


    අවදියෙන් සිටින්න......
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බොරු පච ගහන්න එපා . පළවෙනි බැඳුම්කර නිකතුවේදී පිට උනා සල්ලි ඔක්කොම UNP එක බෙදා ගත්තා. රවී කරුණානායක ඒවගේන් තමා ගෙවල් ගත්තේ කොටි ගණන් දීලා ගැනිගේ නමට.

    උබ ට මතක නැති උනාට අපිට හොදට මතකයි ඕවා


    ඒක නේන්නං බලන්නකෝ ඉතින්
     
    • Haha
    Reactions: malakadss

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    බොරු පච ගහන්න එපා . පළවෙනි බැඳුම්කර නිකතුවේදී පිට උනා සල්ලි ඔක්කොම UNP එක බෙදා ගත්තා. රවී කරුණානායක ඒවගේන් තමා ගෙවල් ගත්තේ කොටි ගණන් දීලා ගැනිගේ නමට.

    උබ ට මතක නැති උනාට අපිට හොදට මතකයි ඕවා
    තාම මතක නං හොදයි
     
    • Haha
    Reactions: Xi Jinping

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    බොරු පච ගහන්න එපා . පළවෙනි බැඳුම්කර නිකතුවේදී පිට උනා සල්ලි ඔක්කොම UNP එක බෙදා ගත්තා. රවී කරුණානායක ඒවගේන් තමා ගෙවල් ගත්තේ කොටි ගණන් දීලා ගැනිගේ නමට.

    උබ ට මතක නැති උනාට අපිට හොදට මතකයි ඕවා
    ammo e kale
     
    • Haha
    Reactions: Xi Jinping