ණය_අයකර_ගැනීම_අත්හිටුවයි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ණය_අයකර_ගැනීම_අත්හිටුවයි


    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු බැංකුවල සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

    ඒ අනුව රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන ලෙසයි මෙහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකු වෙත නියෝග කර ඇත්තේ.

    මෑතදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණ මූලාරම්භයන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම බැංකුවලට සැලකිය යුතු ඉතිරියක් ලබා දෙන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ.

    මෙලෙස බදු සහන මගින් ඉතිරි වන ලාභය සුළු හා මාධ්‍ය පරිමාණ වයපාරිකයින් යළි නගා සිටුවීමට අදාළ බැංකු භාවිතා කරනු ඇති බවට රජය අපේක්ෂා කර සිටියි.

    ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් සඳහා ද විසඳුම් ලබා දී ඇති අතර වෙළඳපොලේ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර නැවත පණගැන්වීමට රජය අපේක්ෂා කර සිටියි.

    මෙම සහන සැලසුමට පසුව පුළුල් පැකේජයක් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති බදු සහන සමඟ ණය දෙන්නාට සහ ණය ගැනුම්කරුවන්ට විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට සහාය වනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    මෑතදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණ මූලාරම්භයන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම බැංකුවලට සැලකිය යුතු ඉතිරියක් ලබා දෙන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ.

    මේ කතාව වැරදියි. මූල්‍ය සේවා මත පනවන වැට් බද්ද (VAT on Financial Services - VAT on FS) තවමත් 15% ම තමා.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මාර චෑන්ස් එක නේද? චන්දෙට වියම් කරපු උන්ට නිකම් මිලියන 300ක්. මේ උගේ අම්මගේ අප්පගේ බුදලේ වගේනේ?? ඔක්කොම හෙන්චො ටිකට 300න් මෙහා ලොතරැයි ඇදුනා වගේ. යකෝ මේ මහජන සල්ලි!
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    බැංකු ණයට දෙන මුදල් වලින් 90% තැන්පතු කරුවන්ගේ සල්ලී. මේ විදිහට රජය අත්තනෝමතිකව මැදිහත් වෙලා බැංකු වලට කිව්වොත් දීපු ණය එකතු කරන්න එපා කියලා තැන්පතුකරුවන් ඉල්ලනකොට සල්ලි දෙන්න විදිහකුත් රජයටම හදන්න වෙනවා. එහෙම නැත්නම් ඔය පෙන්ශන් එක බැංකුවට දාලා පොළියෙන් ජීවත් වෙන ලක්ෂ ගාණකට සිය දිවි නසා ගන්න තමා වෙන්නෙ...
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම

    මේ නිව්ස් එක ඇත්ත. ඒත් ඒ නිව්ස් එකේ මම කෝට් කරලා තියෙන කෑල්ල වැරදියි කියලයි මම කියන්නෙ. නෙත් නිව්ස් එකට ඔය කතාව කිව්ව මොකක් හරි එකා බොරුවක් කියලා තියෙන්නෙ.
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ නිව්ස් එක ඇත්ත. ඒත් ඒ නිව්ස් එකේ මම කෝට් කරලා තියෙන කෑල්ල වැරදියි කියලයි මම කියන්නෙ. නෙත් නිව්ස් එකට ඔය කතාව කිව්ව මොකක් හරි එකා බොරුවක් කියලා තියෙන්නෙ.

    මේ ආර්ටිකල් එකේ 6 වෙනි ඡේදය බලන්න.

    https://www.lankabusinessonline.com/sri-lanka-announces-tax-reliefs-cuts-vat-to-8-pct-removes-paye-wht-capital-gains-tax/