ණය_අයකර_ගැනීම_අත්හිටුවයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු බැංකුවල සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
ඒ අනුව රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන ලෙසයි මෙහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකු වෙත නියෝග කර ඇත්තේ.
මෑතදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණ මූලාරම්භයන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම බැංකුවලට සැලකිය යුතු ඉතිරියක් ලබා දෙන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ.
මෙලෙස බදු සහන මගින් ඉතිරි වන ලාභය සුළු හා මාධ්‍ය පරිමාණ වයපාරිකයින් යළි නගා සිටුවීමට අදාළ බැංකු භාවිතා කරනු ඇති බවට රජය අපේක්ෂා කර සිටියි.
ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් සඳහා ද විසඳුම් ලබා දී ඇති අතර වෙළඳපොලේ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර නැවත පණගැන්වීමට රජය අපේක්ෂා කර සිටියි.
මෙම සහන සැලසුමට පසුව පුළුල් පැකේජයක් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති බදු සහන සමඟ ණය දෙන්නාට සහ ණය ගැනුම්කරුවන්ට විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට සහාය වනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ.