තට්ටම් ගැන දැනගනිමු..

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    තට්ටම් ගැන දැනගනිමු..


    තට්ටම් ප්‍රදේශය හුදෙක් සමස්තයක් වශයෙන් ගත් කල ශරීරයේ එතරම් වැදගැම්මක් නොපෙන්වන කොටසක් තමයි. ඒත් මේ තට්ටම් ප්‍රදේශය ඔබේ සෞඛ්‍යය ගැන යම් ඉගි ලබාදීමෙහිලා සමත් බව වාර්තා වී තිඛෙනවා.

    canstockphoto88537031.jpg


    තට්ටම් ප්‍රදේශය නිමැවී තිඛෙන්නේ පේශි කාණ්ඩ තුනකින් ඒවා ග්ලුූටස් පේශි ලෙස දැක්වෙනවා ග්ලුටස් මැක්සිමස් තමා පශ්චාත්භාගයේ පරිමාව වැඩි කරන පේශිය ඉග ආසන්නයෙන් ග්ලුටස් මීඩියස් පේශියද ඒ පේශි දෙක අතරේ ග්ලුටස් මිනිමස් පේශියද පිහිටා තිඛෙනවා.

    ශරීරයේ මේදය තැන්පත් වන ආකාරය සැළකූ විට මූලික වශයෙන් මේදය තැන්පත් වන ආකාර දෙකක් තිඛෙනවා එකක් තමයි උදරයේ මේදය තැන්පත් වීම. එය හොඳ නෑ එයින් හෘද රෝග වගේ ගැටළු ඇති වෙනවා. අනෙක අප මේ කියන තට්ටම් වල මේදය තැන්පත් වීම නිසා සෞඛ්‍ය අවදානමක් ඇති වෙන්නේ නෑ. කාන්තාවන්ගේ හෝමෝන නිසා ඇගේ තට්ටම් ආශ්‍රිතව මේදය තැන්පත් වීම වැඩියි. එයින් නිතැනින්ම ඇයට රැකවරණයක් සැලසෙනවා.

    තවත් කාරණයක් විශාල තට්ටම් ඇති අයගේ කොලෙස්ටරෝල් බොහෝ විට නිරෝගී මට්ටමක තිඛෙන බවත් අනාවරණය වෙනවා. එසේම මේ අයට දියවැඩියාව හා හෘද රෝග ඇති වීමේ අවදානම අඩු බවද දැක්වෙනවා. තට්ටම් වල මේදය තැන්පත් වීමට ඔමෙගා-3 මේද අම්ලය අවශ්‍යයි. මේ තට්ටම් ආශ්‍රිත මේදය තැන්පත් වන අයගේ මොළයේ ක්‍රියාකාරිත්වයත් හොඳ මට්ටමකින් සිදු වෙනවා. ඒ අය සාමාන්‍යයෙන් බුද්ධි මට්ටමෙන් සුවිශේෂතා පෙන්වනු දැකිය හැකියි. මේ බව ඔක්ස්ෆඩ් සරසවියේ මහාචාර්ය කොන්ස්ටන්ටිනෝස් මැනොලොපෝලොස් ප්‍රමුඛ පර්යේෂකයන් කණ්ඩායමක් ප්‍රකාශ කර සිටිනවා.



    ඒ හැරුණු විට තට්ටම් වල හැඩය අනූව සෞඛ්‍ය තත්ත්වය පෙරයීමක් කෙරෙනවා ඒ මේ විදිහටයි

    හතරැස් හැඩය
    Square-shape-Bottom.jpg

    මේ අයගේ ඉන ආශ්‍රිත මේදය තරමක් වැඩියි. ග්ලුටස් පේෂි එතරම් ශක්තිිමත් වීමක් එතරම් දක්නට නෑ. ග්ලුටස් පේශි වලට ව්‍යායාම ලබාදීමෙන් මේ අයගේ ශරීරය වඩාත් නිරෝගී කරගැනීමට අවස්ථාවක් තිඛෙනවා.

    රවුම් හැඩය
    Round-Bottom.jpg

    මෙය නිරෝගී හා සෞඛ්‍යසම්පන්න හැඩයක් සේ සැළකෙනවා. ග්ලුටස් පේශි වල ඉහළ ස්ථරයේ ඒකරාශී වන මේදය මගින් මේ හැඩය ඇති කරනවා. මේ අයට අවශ්‍ය නම් හැඩය අඩු කරගැනීමට සුළු ව්‍යායාම සෑහෙනවා.

    හදවත හැඩය
    heart-bottom.jpg

    මෙය තමයි වඩාත් අලංකාරවත් තට්ටම් ආකාරය. වැඩි වශයෙන් මේදය පහතට වෙන්නට ඒකරාශී වෙනවා. මේ හැඩයට තට්ටම් තිඛෙන විට කලවා ආශ්‍රිතවද මේදය සුලබව තැන්පත් විය හැකියි. කාන්තාවන් වයසට යන විට මේ මේදය ඉක්මණින් දිය වෙනවා.

    V හැඩැති තට්ටම්
    V-bottom.jpg


    වයසට යන විට බොහෝ කාන්තාවන්ගේ තට්ටම් ගන්නා හැඩය මෙයයි. පහතින් ඇති මේදය වෙනත් අවයව කරා පරිවහනය වීමෙන් මේ හැඩය ලැඛෙනවා. මේ හැඩය කෙසේ වෙතත් හදවත සුවසෙත විෂයෙහි යම් අවදානමක් ඇති කරවන හැඩයක් බවත් වාර්තා වෙනවා.

    ඒ වගේම මේ ඕනෑම හැඩයක් දරණ තට්ටම් ව්‍යායාම මගින් සවිමත් හා නම්‍යශීලී කරගත හැකි බවත් අප අමතක නොකළ යුතුයි.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මේකට කියන්නේ පුක සෞඛ්‍ය කියලද බන් :P
    You must spread some Reputation around before giving it to Naradapathum again.:sorry:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Update!
    මෙය හුදෙක් අධ්‍යාපනය සඳහා පමණි..
    පහත් මානසික රෝගීන් ද සිටින බැවින් මෙය රේප් අරඹයා ෂෙයාර් කරන ලද ත්‍රෙඩ් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න..
    රේප් කළා/නොකලා හෝ කැපුවාටද කම් නැත..

    තව කෙනෙකුගේ ත්‍රෙඩ් එකක් (-) කලහැක්කේ රේප් පවර් එකෙන් හරි අඩක් පමණක් වන බවද සලකන්න(රේප් කපපු මල්ලිට)
     
    • Like
    Reactions: MNV
    Jun 24, 2014
    540
    33
    0
    නියමය් යාළුවා , මගෙත් ඔයවගේ රේප් කපලා තියෙනවා , මෙන්න මෙගෙන් + REP