තට්ටේද? මෙන්න විසඳුම
තට්ටේ තියෙන අයට, නැත්තන් කොන්ඩේ අඩු අයට දැනට තියෙන අඩු ගානකට කරගන්න පුළුවන් හොඳම විසඳුම තමයි මචන් මේ මම හිතන විදිහට. මොකද ලක්ෂ 3කට එහා යනවා කොන්ඩේ හිටවන්න, මේකක් 80,000කින් වගේ කරගන්න පුළුවන්. කොන්ඩේ හිටවන එකත් 100%ක් සාර්ථක නෑ අනික ඒකත් තාවකාලික දෙයක් බෙහෙත් කරනකන්. 
දැන් කියන්න එපා ඊට වඩා හොඳයි තට්ටේම ගාන එක කියල, මොකද හැමෝටම් තට්ටේ කියන දේ ගැලපෙන්නේ නෑ. අනික කොන්ඩේ නැති කෙනෙක්ම තමයි දන්නේ කොන්ඩේ නැතුව පත්වෙන අපහසුතාවය ගැන.
උඹල මොකක්ද මේ ක්‍රමේ ගැන හිතන්නේ? මේක කරන ලංකාවේ තැන දෙක තුනක්ම දැනටමත් තියෙනවා.

වැඩේනම් ඇත්තම වගේ තමා, ඒත් මචං සාර්තකයි කියල උබ හිතනවද ලංකාවෙ වගේ ඔහොම දාගෙන ඉන්න එක? හිතහන්.. අවුවෙ වගේ ගිහින් ආවට පස්සෙ දාඩිය දැම්මහම කොහොමද බන් ඕකක් අලවන් ඉන්නෙ? අර ගාන ජෙල් එක එහෙම දාඩිය එක්ක මොන විදියට රියැක්ට් කරයි කියල දන්නෙ නෑනෙහ්.. රෑශ් එහෙම එන්න පුලුවන් ලේසියෙන්ම 