තණකොළ කපන යන්ත්රයක් ගන්න ඕන. මොනවද හොඳ වර්ග ?
ගන්න පුළුවන් කොහෙන්ද?
ගාල්ල මාතර අවටනම් වඩා හොඳයි
ගන්න පුළුවන් කොහෙන්ද?
ගාල්ල මාතර අවටනම් වඩා හොඳයි
Japan eka kohomada bn ellaganneused japan එකක් ගනින්. පාර්ට්ස් අඩුයි හොයන්න ටිකක් අමාරුයි. හැබැයි ලෙඩ අඩුයි. වයිනීස් හොඩවැළ වගේ තියෙන ඒවා ගන්නෙපා. ඒක මරණයක්.
ජපන් ඒවා මේ වගේ. බලලා ගනින්
![]()
දේශීය ( වයිනීස් ) මරණ
![]()
කුරුඳු ඉඩම සුද්ද කරන්නතණකොළද? වල්ද?
Thanksමගේ ලඟත් තියෙන්නෙ used japan එකක් Tanaka කියලා බ්රැන්ඩ් එකක්, කුරුනෑගලින් 12ට හරි 14ට හරි ගත්තෙ
එතන තිබුනු හොඳම එකක් තෝරලා තෝරලා ගත්තෙ. අලුත්ම වගේ කන්ඩිශන් තිබ්බා, ඒ කාලෙ මීට වඩා යූස් කරපුවා 9-10 වගේ ගානට තිබ්බෙ , මම ගනිපු එකේ සයිලන්සරේ දුම් වත් බැඳිලා තිබ්බෙ නැහැ
දැනට අවුරුදු 4ක් විතරක වෙනවා මං හිතන්නෙ. කොයි තරම් යූස් නොකර තිබ්බත් දෙපාර අදිනකොට ස්ටාට් වෙනවා.
පොඩි එකා මිටියකින් තට්ටුවක් දාලද කොහෙද ඇක්ස්ලරේටර් එකේ කෑල්ලක් කැඩුවා ඒක කම්බියකින් ගැට ගහලා තියෙන්නෙ කිසි අවුලක් නැතිව වැඩ, මේවයෙ පෙට්රල් ප්රයිම් කරන්න පොඩි රබර් බල්බ් එකක් වගේ එකක් තියනවා, ඒක කැඩිලා අලි එකෙන් එකක් ගෙනත් දැම්ම ඒව ඇරෙන්න යකා වගේ වැඩ.
update:
මාතර සයිඩ් එකේ used japan items විකුනන තැන් වල පොඩ්ඩක් බලපන්
යටියන පැත්තෙ තැනක් තිබ්බා ඕව ගෙන්නන,
තව FB groups වල සහ ikman එකේත් සෙල් කරනවා ඕව.
කුරුනෑගලින් ගන්නවා නං මැශින් එකත් එක්ක තව ගස් කපන්න පුලුවන් තල, වගේ ඒව නිකන් ඉල්ල ගන්න පුලුවන්, used එකක් ගන්නවා නං තලේ තද කරන නට් එකක් වැඩිපුර ඉල්ල ගත්තට අවුලක් නැහැ, මේක riverse thread තියන නට් එකක්, ඒක නිසා ගන්න තැනකින් වැඩිපුර එකක් අරන් තියා ගන්න එක හොඳයි.
කපද්දි බූට් දාල ගනකම ඇඳුම ඇඳල, eye protection දාල කපන්න ඕන, සමහර වෙලාවට ගල් එහෙම ඇවිත් කකුලෙ ඇතුලට බහිනවා ඕක වෙලා ටිකකින් තමයි රිදෙන්න ගන්නත් ඒ තරම් ස්පීඩ් ඇවිත් වදින්නෙ.
අපෙත් කුරුඳු ඉඩම් මේකෙන් සුද්ධ කරනවාකුරුඳු ඉඩම සුද්ද කරන්න
Thanks
------ Post added on Mar 7, 2022 at 5:15 PM