මං ගාව තියෙන්නේ මේක MEN BG 328
https://toolcity.lk/product/men-brush-cutter-bg-328/
2018 ගත්තේ රු 13000 ගානකට ගෙවල් කිට්ටුව තැනකින්. ගෙදර වත්ත පර් 45ක් විතර කපන්න තියන නිසා ගත්තේ.
නූල් දාන එකට අමතරව තව තල 2ක් එනවා. පොඩි ටූල් කිට් එකයි. පෙට්‍රල් 2T කලවම් කරන බෝතලේයි ලැබෙනවා.
Manual එකට අනුව පෙට්‍රල් ලීටරේට 2T 40ml ක් දාන්න කියනවා. මුලින් ශෙඩ් එකෙම උනට කියල 2T කලවම් කරගෙන ආවා. පස්සේ උන් 2T කියලා මොනවා දානවාද හරියටම මිලිලිටර් ගාන දානවාද කියන එක විස්වාස නැති නිසා වෙනම 2T සීල් කෑන් අරගෙන ගෙදර කලවම් කරලා දැම්මා. මිලිලීටර් ගාන මනින්න පාමසි වල තියන measuring cup එකක් ගත්තා.
පෙට්‍රල් ටැංකියට උපරිම ලීටර් 1 1/4 විතරයි දාන්න පුලුවන්.
වර්ග මීටර් 300ක් වගේ ප්‍රමනයක් සාමන්ය උසක තණකොල කපන්න පෙට්‍රල් ලීටර් 1ත් 1 1/2ත් වගේ යනවා. තණකොල ගොඩක් උඩට වැවිලා නම් ලොකු වල් ගස් තියනවා නම් ඊට වඩා යනවා.
මේක Chinese නිසා vibration වැඩියි. බරත් වැඩියි. පැයක් දෙකක් කැපුවට පස්සෙ අත් හිරිවැටිලා යනව. ජපන් recondition එකේ බර vibration අඩු නිසා මීට වඩා පහසුයි කියල කියනවා. හැබැයි කැඩුනොත් parts නෑ.
මෙතුවක් මාරු කරපු කෑලි,
1. පෙට්‍රල් ටැංකියේ මූඩිය එක්ක එන පෙරනේ. (මූඩිය ගොඩක් තද කරල වැහුවම වටේ කැඩිලා යනවා. පෙරනේ විතරක් වෙනම නෑ. මූඩියත් එක්කම ගන්න ඔනේ.)
2. ඇකසලේටර් එක. (බාල චීන ප්ලස්ටික් කාලයක් යනකොට කැඩෙනව )
3. නූල් දලා කපන එක (ගල් වල වැදුනාම කාලයක් යනකොට කැඩෙනාව.).
4. spark plug (start වෙන්නේ නැති උනාම ඕකේ අවුලක් කියල මාරු කලා. එත් එකෙ නෙවෙයි ලෙඩේ.)
5. පෙට්‍රල් ටැංකියට සම්බන්ද වෙන hose clip එක. (මේ මැසිම දකුනු පැත්තට කරකවන්න විතරයි හදලා තියෙන්නේ. වැරදිලා වම් පැත්තට කරකැව්වොත් පෙට්‍රල් බටේ ගැලවෙනවා. එහෙම ගැලවුනාට පස්සේ original clip එක හරියට තද වෙන්නේ නෑ. පෙට්‍රල් ලීක් වෙනවා.)
ඊට අමතරව ස්ටාට් වෙන්නේම නැතුව ගිහින් හදන තැනකට ගියාම කාබියුරෙටරෙ adjust කරා.
Parts ඕනේ එකක් ගන්න තියනවා. ලොකු ගානක් යන්නේ නෑ. හැබැයි හැම තැනම නෑ. වෙනම විකුනන කඩ තියනවා. මැසිම ගන්න තැනින් ඇහුවම කියනවා. මේවා කැඩුනාම ත්‍රීවිල් මොටර් සයිකල් හදන අය හදන්න බාර ගන්නේ නෑ. මේවාටම specialize අය ඉන්නවා.